ජුලි 12 බදාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 11, 2023
  
ඉර උදාව - පෙ.ව. 06.01 
ඉර බැසීම - ප.ව. 06.31 
 
රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
තරමක් දුරට අවිවේකී බවක් ඇති කරන දවසකි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. යොදාගත් සැලසුමක් වෙනස්කිරීමට සිදුවන බවක් පෙන්වයි. ඥාතීන් අතර හොඳහිත දිනාගෙන කටයුතු කරන දිනයකි. 
 
වෘෂභ
හදිසි ගමන් කීපයක් යෙදෙන බවක් පෙනේ. නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන බවක් පෙන්නුම් කරයි. කණ්ඩායම් වැඩවලට සම්බන්ධ වන දවසකි. අමතර ගමන් බිමන් බහුල කරන බවක් ද පෙන්නුම් කරයි. 
 
මිථුන 
වගකීම් බහුල කරයි. වෙනදාට වඩා වැයපස අධික වන බවක් පෙනේ. වාහනයක අඩුපාඩු කීපයක් සපයා ගැනීමට වෙහෙසක් දරන දවසකි. නිතර දුරගමන් යෙදෙන බවක් පෙනේ. 
 
කටක 
ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. සමාජ සේවා කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවේ. නොසිතූ පාඩුවකට මුහුණදීමට සිදුවන බවක් පෙනේ. ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් කටයුතු කරන්න. 
 
සිංහ 
පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. යටපත් වූ අසනීපයක් නැවත මතු කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කරගැනීමට මඟ සැලසේ. ගනුදෙනුවලදී කල්පනාකාරී වන්න. 
 
කන්‍යා 
අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩාකාරී බවක් ඇති කරයි. 
 
තුලා 
නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. පවුලේ වැඩි වගකීමක් තමාට දැරීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා වියදම් වැඩිවන කටයුතු කීපයක් යෙදෙන අතර අලුත් දේ මිලදී ගැනීමට ද කටයුතු උදාකරයි.
 
වෘශ්චික 
වෙනදාට වඩා අතමිට සරු කරයි. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන දිනයකි. පවුලේ අය සමඟ සුහදතාවයට කටයුතු උදාකරයි. නිතර වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවීම වැදගත් වේ. 
 
ධනු 
ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් තීරණ කීපයක් වෙනස්කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. හදිසි ආදායම් මාර්ගයකට හිමිකම් ඇති දිනයකි. 
 
මකර 
වගකීම් බහුලකරයි. සැලසුම් කීපයක් ප්‍රමාදතාවයක් සිදුකරන දිනයකි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. 
 
කුම්භ
වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දරුවකු පිළිබඳ පී‍්‍රතිමත් පුවතක් අසන්න ලැබේ. හදිසි වියදමක් දැරීමට සිදුවන දිනයකි. 
 
මීන 
විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි. 
 
ධම්මිකා රාජපක්ෂ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.