වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 25 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - ප.ව. 04.55 සිට ප.ව. 06.29 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
කරගෙන යන කටයුතුවලට කරදර මතුවේ. බාහිර කරදරවලින්ද පීඩා ඇති කරන අතර මෙම දිනවල වරදක් කළේ නම් එයට දඬුවම් ලැබේ. ප්‍රේම සම්බන්ධ නිසා සිත් තැවුල් ඇති කරයි. ශරීර අසනීප ගති සාදයි.
වෘෂභ
උදරාබාධවලින් පීඩා ගෙනදෙනු ඇත. නිදා ගන්නා තැන වෙනස්වීමට හෝ නින්දට බාධා ඇතිවේ. ගෙදර දොර සැප පහසුව අඩුවේ. කරගෙන එන කටයුතුවල බිඳ වැටීමක්ද පෙන්නුම් කරයි. නැතහොත් ප්‍රමාදයක් සිදුවේ.
මිථුන
ආදායම් තත්ත්වය ගැන හිතේ සැකයක් ඇති කරයි. මුදල් නැතිකම ගැන කරදර පීඩා ඇතිවන කාලයකි. සහෝදරාදීන් සමඟ කරන කතා බහේ දී සුළු සුළු සිත් රිදීම් ඇතිවනු ඇත. ධෛර්යවන්තව වැඩ කරන දිනයකි.
කටක
අලාභ හානි, කටයුතුවලට බාධා හිරිහැර ඇති විය හැකිය. බලාපොරොත්තු කඩවේ. තම කටයුතුවලට අවශ්‍ය මුදල් සෙවීමට උත්සාහ ගන්නා නමුත් බලාපොරොත්තු බිඳ වැටේ. උගුරේ අමාරු, සෙම් අමාරු නිසා පීඩා ඇතිවේ.
සිංහ
අතීතය ගැන සිතා කනගාටුවීමට හෝ සතුටු වීමට කරුණු යෙදේ. ගෙදර සැප පහසුව ඇතිවන කටයුතු කීපයක් යෙදේ. සිතේ චංචල බව නිසා අරමුණකින් තොරව කටයුතු කරනු ඇත. ඔළුවේ උණ ගතිය නිසා සෙම් අමාරු ඇති කරයි. ගෙදර දොර අතුගා පිරිසුදු කිරීමට සිදුවේ.
කන්‍යා
අන් අය තමා කෙරෙහි පැවැති ගෞරවය පිළිගැනීම අඩුව යයි. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකිය. අන් අය ආශ්‍රය කිරීමේ දී සහ ගනුදෙනු කිරීමේ දී නොයෙක් වැරැදීම්, මුළාවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
තුලා
දියුණුවට කටයුතු සැලසේ. මුදල් ලාභ හිමිකරයි. ඥාති මිත්‍රාදීන් සමඟ පී්රතිවීමට අවස්ථාව සැලසේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. කලකින් හමු නොවූ අයෙක් තමාව සොයාගෙන එන බවක් පෙන්නුම් කරයි.
වෘශ්චික
බලාපොරොත්තු ඉටුවනු ඇත. එමඟින් දියුණුවද ඇති කරයි. මිල මුදල් ලාභ ලැබේ. කරගෙන එන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුද දියුණුවේ. අන් අයගෙන් උදව් උපකාර ලැබෙනු ඇත.
ධනු
සිත් තැවුල් කනගාටු සහිත දිනයකි. අමුතු දෙයක් ගැන සිතේ කැමැත්තක් ඇතිවේ. පිනට දහමට ආශාව ආගමික භක්තිය ඇති කරයි. එවැනි කටයුතුවල යෙදේ. පපුව ආශි‍්‍රත ආබාධයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.
මකර
කරදර සහිත දිනයකි. කනගාටු සහිතව කාලය ගත වේ. දණහිස්වල ආබාධ ආහාර නොදිරවීමේ රෝග, තුනටියේ කැක්කුම් ඇතිවනු ඇත. කරගෙන යන කටයුතුවලටද බාධා අවහිරකම් මතුවේ.
කුම්භ
හොඳට සැප පහසුවට නිදා ගන්නට ලැබේ. වාද විවාද වැනි දෙයට පි‍්‍රය කරයි. සිතට සතුට ගෙනදෙන කරුණු ඇතිවේ. පී‍්‍රතිමත් ගමන් යෙදෙනු ඇත. ස්ත්‍රී සමාගම් ඇති කරයි.
මීන
ගෙදර දොර වාසනාවන්තවේ. සැප පහසුවට කටයුතු කිරීමට ලැබෙනු ඇත. සුළු සුළු වස්තු ලාභද ලැබෙන දිනයකි. බලාපොරොත්තු ඉටුවේ. එම නිසාම සිතේ සතුටට කරුණු සැලසේ.
ජ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
2020 මාර්තු 30 අලුයම 03.55 ට ගුරු ග්‍රහයා සෙනසුරුට අයත් මකර රාශියට පිවිස ජුනි 30 අලුයම 05.25 දක්වා මකරයේ ගමන් කරයි. මකර රාශියේද ගුරු නීච වේ. එවිට...
2020-03-12 18:30:00
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන්...
2020-03-05 18:30:00
මේෂ මිථුන, කටක, තුලා, ධනු, මීන ලග්නවලට විෂ්ණු යෝගය.වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හයට මාලවි යෝගය.2020 මාර්තු 28 සෙනසුරාදා සවස 03.40 ට...
2020-03-05 18:30:00
“ශී‍්‍ර ලක්ෂ්මී යෝග“ බලයට ඉහත දිනය වන සෙනසුරාදා යෙදී ඇත. පූර්ණ වූ මෙම බලයට, ශනි දිනය, කුම්භ රවිය, කුම්භ ලග්නය , පුෂ නැකත, පුර දොළොස්වක තිථිය යන සියලු...
2020-02-27 18:30:00
ශකවර්ෂ 1941 වසරේ අවසාන රවිය මීන රවියයි. 2020 මාර්තු මස 14 වෙනි රවි දින පැය 14 විනාඩි 17 න් රවි මීන රැසට පිවිසේ. මෙතැන් සිට අපේ‍්‍රල් මස 13 වෙනි දින...
2020-02-27 18:30:00
අපට මහෝපකාරි වන දෝ සතරේ ග්‍රහයෝග දහස් ගණනක් තිබේ. මේවා අතුරින් කුජ, සිකුරු යෝගය විශේෂ තැනක් ගනී. මෙය අතිධාවන බලගතු එකකි. මෙම යෝගය යෙදීමෙන් කිවිගේ...
2020-02-20 18:30:00
චන්ද්‍ර බුධ ගුරු ශුක්‍ර ශනි දේශය තුළ බලසම්පන්න චරිතයක් වේ. තමාගේ අණසක ජනතාව අතර පතුරයි. රාජතන්ත්රයේ ඉහළම තැන ගනී. කිසිවෙකුට තමාව පාලනය කළ නොහැක....
2020-02-20 18:30:00
2020 මාර්තු 22 ඉරිදා සවස 02.24 ට කටක ලග්නයෙන් තුලා නවාංශකයෙන් රවි හිමි උත්‍රසල නැකතේ දෙවන පාදයෙන් සිකුරු කාල හෝරාවෙන් ග්‍රහ ලොව සෙන්පති අඟහරු ස්වකීය...
2020-02-20 18:30:00
කුම්භ රාශිය වෘෂභ නවාංශකය, පුවපුටුප දෙක පාදය චන්ද්‍ර බුධ සප්තමදෘෂ්ටිය, චන්ද්‍ර ගුරු, චන්ද්‍ර කුජ, රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, ශ්‍රී විෂ්ණු පි්...
2020-02-20 18:30:00
මීන රවි 15 භාග බක් මහේ පුර මාර්තු 28 ශනි දින පස්වරු 03.39 දක්වා අස්විද පාද 4 බෙරණ පාද 04 කැති පාද 01 කේතු, සිකුරු, රවි ආශි‍්‍රතව කුම්භ රවි 17 භාග...
2020-02-13 18:30:00
2020 පෙබරවාරි මස 13 ගුරුදින පැය 15.03 න් ලෝක පාලක සූර්ය දිව්‍ය රාජ තෙම ශ්‍රී ලංකා කේන්ද්‍රය වන කුම්භ රැසට පැමිණීම සිදුවේ. මෙතැන් සිට පුරා මසක් 2020....
2020-02-06 18:30:00
උත්තරායනය, ශිශිර ඍතුවේ කුම්භ රවි 03 භාග නවම්මසේ අව දියවක තිථිය ලත් පෙබරවාරි 15 ශනි දින ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රයට අනුව ‘ශුභ’ නම් වූ යෝගය ලංකා ග්...
2020-02-06 18:30:00
දසමසක් කුසේ දරාගෙන අපව බිහිකරපු මව වෙනුවට දෙවන මව වන්නේ ග්‍රහලොව මව ලෙස හඳුන්වන චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වෙයි. රාත්‍රී උපන් අයට සඳු මව වෙයි.ඒ...
2020-01-30 18:30:00
මකර රවි 21 භාග නවම් මහේ පුර නවවක තිථිය චන්ද්‍ර බුධ චතුර්කෝණ දෘෂ්ඨිය, ශුක්‍ර ශනි ෂඩ් කෝණ දෘෂ්ඨිය. රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, මහෞෂධ වෙශි වොශී...
2020-01-30 18:30:00
නීච යයි හීන යයි සම්මත කුලයක හෝ දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් සමහර ජන්මීන් ගම් ප්‍රධානීන්, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ,මැති ඇමතිවරුන්, මහා ධන...
2020-01-23 18:30:00
ලග්නාධිපති 4, 9, 11 යන භාවගතව සිටීම වාහන හිමිකරන බලයකි.මේෂ ලග්නයෙන් ජනිතව කුජ නවවැන්න ගතවීම වාහන ලබාදෙයි.ගෝචරයෙන් කුජ ධනුවේ ගමන වාහන ලාභ ගෙන දෙයි....
2020-01-23 18:30:00