නිදහස්දා අතිශය ප්‍රශස්ථ ග්‍රහබල මහිමය

ජනවාරි 31, 2020

මකර රවි 21 භාග නවම් මහේ පුර නවවක තිථිය චන්ද්‍ර බුධ චතුර්කෝණ දෘෂ්ඨිය, ශුක්‍ර ශනි ෂඩ් කෝණ දෘෂ්ඨිය. රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, මහෞෂධ වෙශි වොශී උභයචාරි රුචක මාලවි අමිල (ශනි ශුක්‍ර) අර්ධ ලක්ෂ්මී, චන්ද්‍රයාගෙන් (03-06-10-11) උපචය ස්ථානගතව අර්ධවාසුමතී ආදී මහායෝගෙ බලැතිව සෙනසුරු හිමි උදා ශ්‍රී ලාංකේය කුම්භ නිදහස් කේන්දරය තුලා නවාංශකය, රාහු මහා දශාව, රාහු අතුරු දශාව සෙනසුරු ලග්න ඒරාෂ්ඨකට . ගුරුගෙන් චන්ද්‍රයා (06-08-12) 06 වැන්නෙහි තැම්පත් වීමෙන් සකට යෝග උදාවද ආශි‍්‍රතව රාජ්‍ය වර්ෂ 2020 ක්වූ පෙබරවාරි මස 04 වෙනි කුජ දින අභිමානනීය නිදහස් සැමරුම ශ්‍රී සද්ධර්මද්වීපවාසි සකළවිධ ජනතාව සිද්ධ කරන්නේය.

නෙප්චූන් බුධ සමව නිදහස් කුම්භ රාශිගතච සිකුරු උච්චව මීන රාශී 02 වැන්නේද නිවෘති යුරේනස් සමව වික්‍රම ස්ථානගතව තෙවැන්නේද උච්චමුල ත්‍රිකෝණ චන්ද්‍රයා සිව්වැන්නේද රාහු මිත්‍රශීලිව පස්වැන්නේද අඟහරු ස්වක්ෂේත්‍ර කර්ම ස්ථානයවූ දහවැන්නේද මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍රව බ්‍රහස්පතිද කේතු, ප්ලූටෝ මිත්‍රශීලිවද අයස්ථානය වූ එකොළොස් වැන්නේද රවි සතුරුව සෙනසුරු ස්වක්ෂේත්‍රව දොළොස්වැන්නේද තැම්පත් වී ඇත.

අනුර 04 පාදය , වර්ෂ 02 යි 24 දිනක් මතුවට සෙනසුරු මහා දසාව බත් දුන් පියා ලෙස විරුදාවලි ලත් ඩී.එස්.සේනානායක මහාමාන්‍යතුමා 1948 පෙබරවාරි 04 දින පෙරවරු 07.20 ට පමණ යටිත් විජිතවාදී ශ්‍රී ලංකා දිවයින බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් කරගන්නා ලදී. එදා මෙදාතුර සැත්තෑ දෙවසරක කාලපරාසයෙන් මුල් වසර ගණනාවක් ගොවිජනපද ව්‍යාපාර සමාරම්භ කොට කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන ලදී. විදෙස් ආධිපත්‍යයෙන් ගිලිහී ගිය පෙරදින ධාන්‍යාගාරය වූ ශ්‍රී ලංකාව නැවතත් සැබෑ සෞභාග්‍යමත් බවකට තුඩුදෙන ලදී. “2020” නව වසර එකී යෝධ සංවර්ධන ව්‍යාපෘති සමාරම්භකොට ජනතාව සුඛිත මුදිත බවට පාත්‍රකරවීමේ විශිෂ්ඨ ග්‍රහ බලයක්ද යෙදී ඇත. වර්තමාන ශ්‍රී ලාංකේය ජනරජය පොදු මහජනතාව අතරෙන් අසීමිත ජනප්‍රවාහයක පවතින දරුද්‍රතාවයන් දූරීභූත කරළීමේ අව්‍යාජ සැලසුම් කාරණයක් සඳහා කඩිනමින් යොමුවීම අතිශය ප්‍රශස්ත කාර්යභාරයක් වෙන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.