විවාහ, නිවාස නැකැත් නොමැතිකෝණ මාසය 14දා සිට

මාර්තු 6, 2020

සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාව තුළ හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් ගුරු, සිකුරු, බුධ යන සුබ ග්‍රහයින්ගේ සුබ ග්‍රහ බලය දුර්වල වීමයි. එම හේතුව නිසා මෙම සුබ ග්‍රහ බලය දුර්වල වී පිරිහී ගොස් ඇත. ඒ අනුව එම කාලය තුළ විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබය. එම කාල සීමාව තුළ ඒ සම්බන්ධ ව නැකැත් සෑදීමක් නොකරනු ඇත. එසේම එම කාලය තුළ විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවදීම සිදු කළ විට ඒ අයගේ සියලු අංශයන් කෙරෙහි එහි අසුබ ප්‍රතිඵල උදා වනු ඇත. ඒ අනුව ඉහත කටයුතු සඳහා නැකැත් යොදා ගත යුත්තේ එලබෙන 2020 අප්‍රේල් 13 වන දායින් පසුවයි.

ඒ අනුව මේ වසරේ පළමු කෝණ මාසයත් උදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.