ගුරු හෙවත් බ්‍රහස්පති ශනි හිමි මකර රාශියට

මාර්තු 13, 2020

2020 මාර්තු 30 අලුයම 03.55 ට ගුරු ග්‍රහයා සෙනසුරුට අයත් මකර රාශියට පිවිස ජුනි 30 අලුයම 05.25 දක්වා මකරයේ ගමන් කරයි. මකර රාශියේද ගුරු නීච වේ. එවිට ගුරුගෙන් ලැබෙන පරාර්ථකාමී අදහස් වැනි හොඳ දේවල් අඩුවේ. නමුත් මෙවර කුජ මැයි 4 දක්වා මකර රාශියේම සිටීම අනුව ගුරුගේ නීචය, බිඳී යයි. මෙලොව මෙන්ම පරලොව දියුණුව සඳහා කටයුතු කරන පුණ්‍යකාමී ගති අඩු නොවීමට ඉඩ

තිබේ.

රටේ මිනිසුන් තුළ ආත්මාර්ථකාමී අදහස් ඉහළින්ම මතුවී මෙලොව කෙසේ හෝ ජය ගනිමි යන අදහස් පෙරටු කොටගෙන කටයුතු කිරීමට නැඹුරුවන අදහස් අඩු වී සමාන අදහස් ඇති වීමට බලපෑම් ඇතිවිය හැක. උපතේ දී ගුරු නරකට සිටිය අය මොකක් හෝ දුර්වලතාවක් ඇති කරයි. එය රට තුළ ප්‍රචලිත වී සමාජය දූෂණය වේ. ස්ත්‍රී පුරුෂයන් නොමනා සම්බන්ධකම් ඇති කරගැනීම මත් පැනට යොමුවීම සූදුබව දුරාචාරවලට යොමුවීම වැනි දුර්වලතාවත් ඇති කරයි. භෞතික වශයෙන් දියුණුව ඇතිවිම නිසා ඉහත දුර්වලතා යටවී යාමට ඉඩ තිබේ.

ගුරු ගමන තවත් විස්තර කියතොත් ගුරු කටකයේ සිටියදී උපන් අයගෙන් වැඩි ප්‍රමාණයක් බොහෝ උසස් දියුණු තත්ත්වයට පත්වේ. උසස් ඉගෙනීම වාසනාව ශරීර සනීපය නිරෝගිකම මවුපිය වැඩිහිටියන්ට සැලකීම ගුරුගෙන් උරුම වේ. තවද ධනය ප්‍රසිද්ධිය ලැබේ. භාණ්ඩාගාරවලට විද්‍යාස්ථානවලට අධිපති වේ. චන්ද්‍රයාට දොළහේ බුධද චන්ද්‍රයාට දෙකේ ගුරු ද යෙදීම විශේෂ ඥාන යෝගයක් බව සඳහන් වේ. ගුරු, බුධගේ දෘෂ්ටියට ලක්වීම ද ඥාන යෝගයකි. මිනිසාගේ අධ්‍යාත්මික දියුණුවට ද ගුරු උපකාර කරයි.

07 පිටුවට....

 

ඡ්‍යොතිෂවේදී-නිට්ටඹුවේ

සෝමපාල විජේසුරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.