වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වැඩකටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්යෝගය, උනන්දුවද අඩුව යනු ඇත. ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔළුවේ අමාරු, ඇස්වල අමාරු ඇති වීමට ද ඉඩ තිබේ.
වෘෂභ
ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර, ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇතිවේ. රැකියා කටයුතුවල ගැටලු ඇති වීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමේ අපහසුතා නිසා පීඩා ඇතිවනු ඇත.
මිථුන
ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටීනම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබේ. දානමානාදී කටයුතුවල නිරත වීමටද අවස්ථාව ලැබෙන දිනයකි.
කටක
කම්මැළි, අලස බවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙමගතිය ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
සිංහ
සහෝදරාදින් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම් ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි.
කන්‍යා
තම කතාව නිසා අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මතභේද ඇතිවන දිනයකි.
තුලා
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇතිවනු ඇත.
වෘශ්චික
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර හිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි.
ධනු
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ය. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ගෙනදෙන දිනයක් වේ.
මකර
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලටද බාධා ගෙනදෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
කුම්භ
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එකතැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත.
මීන
ආගම ධර්මයට ළැදිව කටයුතු කරන, ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර පාදවල පීඩාකාරී තත්ත්වයක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සොර සතුරු උවදුරු කුමන්ත්‍රණ ඉහළ යයිආරක්ෂක අංශවලට වැඩ රාජකාරී අධික කාලයක්භූ චලනයන් ද පතල් අනතුරු සිදුවිය හැක2022.10.29 වැනි දින සිංහල පැය 31.57 න්...
2022-10-27 18:30:00
ඈත අතීතයේ සිටම සත්ත්ව හඬවල් මෙන්ම සතුන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ඇතිවන සුබාසුබ පිළිබඳ අපේ මුතුන්මිත්තන්ට ඉතා හොඳින් අනාවැකි කීමේ හැකියාවක්...
2022-10-20 18:30:00
මෙම වසරේ දෙවැනි කෝණ මාසය නිමා වේඑළැඹෙන සඳුදායින් (17දා) පසුව විවාහ සහ නිවාස සුබ වැඩට සුබ නැකැත් යොදාගත හැකි කාලය ...
2022-10-13 18:30:00
මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට භද්‍ර සහ ගුරුහංස යෝග බලය - මේෂ,කටක,තුලා,මකර ලග්න හිමියන්ට සස යෝග බලය උදා කරමින් සෙන්පති අඟහරු මිථුන රැසට යයි...
2022-10-06 18:30:00
නිවෙසකට වාසනාව ගෙන දෙන මෙන්ම නිවෙසට හා එහි වෙසෙන්නන්ට ධනාත්මක බලපෑමක් ගෙන දෙන නිවෙස ඉදිරිපස සිටුවිය යුතු සුබ ගස්වර්ග මොනවාද යන්න ඔබ දැනුම්වත්...
2022-10-06 18:30:00
අගෝස්තු 21 දා බුද්ධියට අධිපති බුධ ග්‍රහයා උච්ච විය. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට භද්‍ර යෝගය ද රවි- කන්‍යාවට පැමිණීමෙන් බුධ ආධිත්‍ය යෝගය ද යෙදෙයි....
2022-08-25 18:30:00
රටට රටවැසියාට උසස් ඵල අධ්‍යාපනික, ආර්ථික, සෞඛ්‍ය ක්ෂේත්රයන්හි නව පිබිදීමක්කුජ- සඳු, රාහු -යුරේනස්, නැප්චූන් -ගුරු, ප්ලූටෝ- ශනි සංයෝගව කුජ- ශනි, ගුරු...
2022-08-25 18:30:00
කේන්ද්‍රයක 7 වැන්න නිත්‍යානුකූල විවාහය පෙන්වනු ඇත. එසේම 12 වැන්න කාම ස්වරූපය රහසිගත ආදරය පෙන්වයි. මකර ලග්නයෙන් උපත ලබා රවි 7 වැන්නේ සිටීමද, රවි, කුජ...
2022-08-18 18:30:00
විශේෂයෙන්ම අලුත විවාහ වූ දෙදෙනාගෙන් එක් අයෙකු පිටරට රැකියාවකට යන විට තමාගේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම පිළිබඳව විමසා බැලීමට නුවණට හුරුය.සැමියන් මෙන්ම...
2022-08-18 18:30:00
විද්‍යාව හා තාක්ෂණයේ ඉහළම තලයට අද වන විට මුළු මහත් සමාජ තලයම පිවිස තිබේ.වෙනස් මගක් ගත් සංකීර්ණ සමාජ රටාවකට පරිවර්තනය වී ඇත. අද මේ යුගයට ගැළපෙන සේ අපි...
2022-08-11 18:30:00
යුගදිවියට පාතබන ඇතැම් අය හත නැකත ගැන දක්වන්නේ අමුතුම ආකල්පයකි. සමහරවිට හත නැකතින් උපත ලබා තිබෙන කාන්තාවන් ගැන විමසිලිමත් වන්නේද සැකයෙන් යුතුවය. සමහර...
2022-08-11 18:30:00
මිනිසා අනේක විධ කායික රෝග නිසා මෙන්ම මානසික රෝගයනට භාජනය වන්නෙකි. මේ රෝග නිවාරණය කර ගැනීම සඳහා ආයුර්වේදය හෝ බටහිර වෛද්‍ය ක්‍රමය සහ තවත් ක්‍රම උපයෝගි...
2022-08-04 18:30:00
කන්‍යාවියකගේ පළමු සන්ධිස්ථානය මල්වරයයි. දෙවන ස්ථානය විවාහයයි. තුන්වැනි සන්ධිස්ථානය ප්‍රථම දරු ප්රසූතියයි. දෙවැනි සන්ධිස්ථානය සමත් වූ විගසම තුන්වැනි...
2022-08-04 18:30:00
නිකිණි මාසය පුරා අසිරිමත් ග්‍රහ මාරු රැසක්දේශපාලනික ආර්ථික අවහිරතා මගහැරී යන පසුබිමක්නව කර්මාන්ත මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයිවසංගත රෝග හා...
2022-08-04 18:30:00
දෛවඥ මහත්මයකු ඇතැම් කෙනෙකුගේ හඳහනක් පරික්ෂාකර බලා “මෙම හඳහන හිමි අයට මේ ගත වන දශා කාලය තද අපලයි. කොයි එකටත් පරිස්සමෙන් කටයුතු කළොත් හොඳයි, යනුවෙන්...
2022-07-21 18:30:00
රාශි චක්‍රයේ ලග්න දොළොසක් වන අතර මෙලොව ඉපදුන හැම අයෙකුටම ලග්නයක් හිමිවෙයි. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන ග්‍රහ...
2022-07-14 18:30:00