හදිසි අනතුරු බහුල කාලයක්

ඔක්තෝබර් 7, 2022

 

මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට භද්‍ර සහ ගුරුහංස යෝග බලය - මේෂ,කටක,තුලා,මකර ලග්න හිමියන්ට සස යෝග බලය උදා කරමින් සෙන්පති අඟහරු මිථුන රැසට යයි

 

ගුරු - ශනිි ෂඩ් කෝණ දෘෂ්ටිය, ගුරු - චන්ද්‍ර චතුර්කෝණ දෘෂ්ටිය, චන්ද්‍ර - බුධ චතුර් කෝණ දෘෂ්ටිය, සත්කලත්‍ර, ගජකේෂරී, නීච භංග රාජයෝග සමඟ මිථුන, කන්‍යා, ධනු, මීන - භද්‍ර සහ ගුරු හංස යෝගය, මේෂ, කටක, තුලා, මකර - සස යෝග බලය මූලාශ්‍ර කරමින් දින 28 ක් පුරාවට ග්‍රහලොව සෙන්පති අඟහරු 16 දා ඥානකාරක බුධ හිමි මිථුන රැසට පිවිසෙන්නේ ය.

දක්ෂිණායනය සරත් ඍතුවෙහි කන්‍යා රවි 30 භාග වප්මහේ අව සතවක තිථියලත් මිථුන රාශිය, තුලා නවාංශකය, මුවසිරස නැකත - 03 පාදය ඇසුරින් 16 රිවිදින පෙරවරු 6.32 ට මිථුන රාශියට සතුරුව මෙම ග්‍රහ සංක්‍රමණය සිදු වන්නේ ය.

මෙම ග්‍රහචාරය දෙස බැලීමේදී ශ්‍රී ලාංකේය රාජ්‍ය යන්ත්‍රණය කෙරෙහි මෙන්ම මේෂ රාශි හිමි රාශි සටහන කෙරෙහි ද අඟහරු මිථුන රාශි ගත වීම යම් ආකාරයක දැඩි බලපෑමක් සාමාජීය හා ආර්ථික වටපිටාව කෙරෙහි ඇති කරනු ලබන්නකි. දේශීය කෘෂි ව්‍යාපාරය දියුණු කරලීමේ නව මංපෙත් විවර වන නව බලවේග නිර්මාණය වීම ද මේ කාල සීමාවේ තීව්‍ර වනු ඇත. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේද බාධක අවහිරතා මැඬගෙන ඉදිරියට ගමන් කළ යුතු කාල පරාසයක් නිර්මාණය වනු ඇත.

තවද ආපදා විපත්ති, භූ කම්පන, කඳු කඩා වැටීම්, ගිලා බැසීම් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ඇතිවීමට ඉඩ කඩ පවතී. එලෙසම හදිසි අනතුරු, සොරසතුරු උවදුරු, පීඩා, ත්‍රාසය භීතිය දනවන පුවත් ද සමාජය වෙළාගත් මදුරු වසංගත, බෝවන රෝග ද පැතිරීමේ අවදානමක් පවතී. වැසි තත්ත්වයේ වර්ධනයක් ද බලාපොරොත්තු විය හැකිය. මෙනිසාම ජනතාව ප්‍රවේසම් වීම යහපත් වේ. දේශීය සාරධර්මවලට මුල් තැන දී සාමකාමි සහජීවනය අගය කරන ශ්‍රී ලාංකේය පුරවැසි ජනතාවක් නිර්මාණය විය යුතු කාල පරාසයක් ලෙස ද මේ කාලය හැඳින්විය හැකි ය.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.