වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වැඩකටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්යෝගය, උනන්දුවද අඩුව යනු ඇත. ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔළුවේ අමාරු, ඇස්වල අමාරු ඇති වීමට ද ඉඩ තිබේ.
වෘෂභ
ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර, ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇතිවේ. රැකියා කටයුතුවල ගැටලු ඇති වීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමේ අපහසුතා නිසා පීඩා ඇතිවනු ඇත.
මිථුන
ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටීනම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබේ. දානමානාදී කටයුතුවල නිරත වීමටද අවස්ථාව ලැබෙන දිනයකි.
කටක
කම්මැළි, අලස බවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙමගතිය ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
සිංහ
සහෝදරාදින් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම් ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි.
කන්‍යා
තම කතාව නිසා අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මතභේද ඇතිවන දිනයකි.
තුලා
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇතිවනු ඇත.
වෘශ්චික
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර හිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි.
ධනු
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ය. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ගෙනදෙන දිනයක් වේ.
මකර
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලටද බාධා ගෙනදෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
කුම්භ
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එකතැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත.
මීන
ආගම ධර්මයට ළැදිව කටයුතු කරන, ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර පාදවල පීඩාකාරී තත්ත්වයක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂ්‍යය තුළ ඇති කේන්දරයක් තුළ දක්නට ලැබෙන යෝග ගණනාවකි. මේවා අතර සුබ යෝග මෙන්ම අසුබ යෝගද වේ. පුද්ගලයකුගේ ජීවිතය කෙරෙහි ඉමහත් බලපෑම් ඇති කරන මෙම...
2022-07-07 18:30:00
ලග්නය හා කාන්තාවරාශි චක්‍රයේ දෙවැන්න වූ ‘වෘෂභ’ තිර රාශියක් වන අතර, වෘෂභ ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා ය. මාරකස්ථානය හා ත්‍රිකෝණස්ථානය...
2022-06-30 18:30:00
ග්‍රහ මඬුල්ලේ සෑම ග්‍රහයකුම උච්ච ස්වක්ෂේත්ර, මිත්‍ර, සම, සතුරු, නීච යන තත්ත්වයන්ට ලක්වේ. මෙයින් උච්චවීම යනු ඉතාම ශුභ තත්ත්වයකි. නීච වීම යනු යහපත්...
2022-06-23 18:30:00
වෘෂභපුරුෂයාගේ ලක්ෂණ ගැන සලකා බලද්දී මොහුගේ හිස උස්ය. දෑස් දිගටි වන අතර කොන රත්පැහැ ගැන්වී ඇත. දෑත් ශක්තිමත් වේ. පපුව පළල්ය. ජනනේන්ද්‍රිය අඟල් හතක්...
2022-06-16 18:30:00
හෙළයේ එදා විසූ ජනතාව සිය දෛනික වැඩ කටයුතුවලදී නැකත් උපයෝගි කරගත්හ. නැකත් 27ක් තිබේ. ඒ ඒ නැකත්වලින් ලැබෙන ප්‍රතිඵල විවිධාකාරයි. මෙම...
2022-06-02 18:30:00
දැරියක් යුවතියක් වන්නේ මල්වරයෙනි. ඡ්‍යොතිෂය තුළ මල්වරය කාන්තාවකගේ දෙවැනි උපත ලෙස ද සැළකෙයි. ඔබ මල්වර වූ දවස ඔබේ මතකයේ පවතී නම් මෙබඳු ගති ලක්ෂණ...
2022-05-26 18:30:00
විවාහක යුවළකගේ ඉතා සමීප ඇසුර හා කුළුපඟ බැඳීම තුළ විවාහ සතුට ඇති කරයි. එහි පැවැත්ම පෝෂණය කරයි. ආරක්ෂා කරයි. දෙදෙනාගේ සදාචාරාත්මක සම්බන්ධය මත...
2022-05-26 18:30:00
අභිරහස් පොකුරක් එළිබස්සන සෙන්පති කුජ මීනෙහි රජවේ ද? මැයි 17 අඟහරු මාරුව ගජකේෂරී යෝගය, සත්ජකලත්ර යෝගය රවි චන්ද්‍ර පාප කර්තරී යෝගය,කේදර...
2022-05-12 18:30:00
රවී, බ්‍රහස්පති, සෙනසුරු, සිකුරු ආදී ප්‍රබල ග්‍රහයින් බලවත්ව ගමන් කරන මේ මැයි මාසයේ කෘෂිකාර්මික, විවාහ, නිවස කටයුතු, අකුරු කරවීම්, ව්‍යාපාර ආදී...
2022-05-05 18:30:00
පුද්ගලයකුගේ ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස විවාහය සැළකේ. උපත හා මරණය යන දෙකම අපගේ කැමැත්ත මත තීරණය නොවේ. අපට කැමති පරිදි සිදුකර ගත හැකි එකම කරුණ...
2022-05-05 18:30:00
අතීතයේ සිටම පුද්ගලයන් වෙන්කර හඳුනාගැනීම සඳහා විවිධ නම් භාවිත කෙරිණි. කෘෂිකාර්මික කටයුතු මූලික කරගත් ජීවන රටාව තුළ මිනිසාට පමණක් නොව සතුන්ට ද විවිධ වූ...
2022-04-28 18:30:00
ස්ත්‍රී කේන්ද්‍රවල පරපුරුෂගාමී සැමියාට ද්‍රෝහීවීම්, දරුවන්ට වෙනස්කම් කිරීම වැනි අශූභ ක්‍රියාවලට පොලඹවන ග්‍රහයෝග යෙදී ඇත.සමහර විට දැරියක් මල්වරවීමටත්...
2022-04-21 18:30:00
මීට දශක හත අටකට එහාට දිවෙන අතීතයේ දී මෙරට සෑම පවුලකටම දරුවෝ 5 දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් සිටියහ. නමුත් වර්තමානයේ දී ජීවන වියදම ඉහළ යෑම ජනගහනය ශීඝ්‍රයෙන්...
2022-04-21 18:30:00
නව සඳ බැලීමටඅභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 03 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 05 වන බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම...
2022-04-07 18:30:00
අප්‍රේල් මස 14 වැනි දා තවත් සිංහල අවුරුද්දක් උදාවෙයි. සිරිත් පරිදි හැම සිංහල ගෙදරක මැ එදින නැකැත් වේලාවට කටයුතු ඇරැඹීම කැරෙයි. ඒත් එසේ කටයුතු අරඹන...
2022-04-07 18:30:00
දරුවෙක් ඉපදුනාම මංගල්‍ය බොහොමයක් තිබෙනවා. හිස්කෙකස් කැපීම, නමක් තැබීම, රන්කිරි කටගෑම මේ සියලල්ලම අපට මංගල්‍ය වෙනවා. වර්තමානයේ නම් මේවා ඉතා...
2022-03-24 18:30:00