විදේශ රැකියාවකට යන්න කේන්දරය බලාගන්න

අගෝස්තු 19, 2022

විශේෂයෙන්ම අලුත විවාහ වූ දෙදෙනාගෙන් එක් අයෙකු පිටරට රැකියාවකට යන විට තමාගේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම පිළිබඳව විමසා බැලීමට නුවණට හුරුය.

සැමියන් මෙන්ම බිරියන්ද විදෙස් රැකියාවලට යති. සැමියා හෝ බිරිඳ පිටරට වසර ගණනක් සිටීමට යනවිට කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම පරීක්ෂා කිරීම අනිවාර්ය වේ.

විවාහයෙන් පසු බොහෝ දෙනෙක් යහමින් හරි හම්බ කිරීමේ අදහසින් විදෙස් ගතවීමට පෙළඹේ. වත්මන්හි තිබෙන ආර්ථිකමය අරගලයෙන් ගොඩ ඒම සඳහා මෙලෙස විදේශ ගතවේ. අද සෑම මිනිත්තුවකම මුදල් මුල්තැන ගනී. එදා රුපියල් 160කින් පමණ දවසක් ජීවත් වීමට සෑහුණි. එහෙත් අද වනවිට දවසකට රුපියල් දහස් ගණනක් වැය කිරීමේ ක්‍රමයට මුහුණ දීමට සිදුවී තිබේ.

සැමියන් මෙන්ම බිරියන්ද විදෙස් රැකියාවලට යයි. සැමියා හෝ බිරිඳ පිටරට වසර ගණනක් සිටීමට යනවිට කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම පරීක්ෂා කිරීම අනිවාර්ය වේ.

සමහර කේන්ද්‍රවල අනිටු ඵලයන් ගෙන දෙනු ඇත. සඳු 12 වැන්නේ සිටින කෙනකුට 7 වැන්නේ සෙනසුරු ගමන් කරන කාලය තුළ විදේශගත වීම අසුබයි.

ලග්න ඡන්ම ඒරාෂ්ඨක කාලයේදී සුබ නැත. විවාහයේ අනිසි ගැටුම් ඇති වේ. 1 සටහන බලන්න.

රවිගේ නැකතේ පළමු පාදයෙන් උපත ලබා ඇත. ( කැති) රාහු මහ දශාවේ බුධ අතුරු දශාවේදී විවාහයෙන් වසර 3 කට පසු විදේශ ගතවී, කේන්ද්‍රයේ 11 වැන්න ප්‍රබල නිසා ධනය ලැබීම් සහිත විය. ඒ නිසා විශාල මුදලක් බිරිය වෙත එවන ලදී. කේන්ද්‍රයේ 7 අධිපතියා 8 අධිපති සමඟ යෝග වී නීච බ්‍රහස්පති සම 11 සිටි බව පෙනේ. මෙය දෙවැනි විවාහයකට මග පෙන්වයි. පළමුවැන්න කඩා වැටේ. 7 වැන්නේ පාපී කුජ සිටී. කේතු සේම එයද අසුබ ග්‍රහ පිහිටීමකි. මෙවැනි අය විදේශ ගත විය යුත්තේ බිරියගේ කේන්ද්‍රය යහපත් බලවත් නම් පමණයි. ඔහුගේ බිරියගේ ඡන්ම පත්‍රය විමසා බලමු. 2 සටහන බලන්න.

සිකුරුගේ නැකතක 2 පාදයෙන් උපත ලබා ඇත. 7 අධිපති කුජ දශාවේදීය. 7 අධිපතියා 11 සිටී.

විවාහක ශුක්‍ර 8 වැන්නේ රාහු සමඟ යෝග වී ඇත. අට අධිපති ගුරුට ශුක්‍ර පෙනේ. උච්ච ශනි දකී. එය විවාහයේ රහස් සබඳතා ගොඩ නැගෙන්නකි. සැමියා පිටරට ගියේ ඇගේ 7 වැන්නේ සඳුගෙන් 8 වැන්නේ ශනි ගමන් කරන කාලය තුළය. වෙනත් අයෙකු සමඟ හාද වූවාය. නොමනා සබඳකමට ඇලුනි. මේ අතර සැමියා විශාල මුදලක් රැගෙන ගෙදර ආවේය. ඉන් සතියකට පමණ පසු ඇය ඇගේ අනියම් පෙම්වතා සමඟ රහසේ පැන ගියාය. දරුවන් දෙදෙනා ගෙන ගියේ නැත. වසර ගණනක් පිටරට ගොස් ලක්ෂ ගානක් මුදල් උපයාගෙන ගෙදර ආ විට සිදු වූයේ කේන්ද්‍රයේ 6 සහ 12 අධිපතියන් පරිවර්තනයක් සමගම බන්ධනාගාර ගත වීමයි. මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍ර සංඛ්‍යාව අති විශාලය.

විශේෂයෙන්ම අලුත විවාහ වූ දෙදෙනාගෙන් එක් අයකු පිටරට රැකියාවකට යන විට තමාගේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම පිළිබඳව විමසා බැලීමට නුවණට හුරුය. නැත්නම් වන්නේ සමහරවිට මුදලුත් සැමියා හෝ බිරිද තමාට නැති වීම පමණි.

 

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්දු

ටී. හෙන්රි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.