වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 15 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජුනි 14, 2023
ඉර උදාව - 05.55
ඉර බැසීම - 06.26
රාහු කාලය - ප.ව. 01.44 - ප.ව. 03.18 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
උසස් හිතමිතුරන් හමුවීමට අවස්ථාව සැලසෙන දිනයකි. නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.
වෘෂභ
පවුලේ බැඳීම් වැඩිවන දිනයකි. සෙම් රෝග බහුල කරන අතර හදිසි ප්‍රතිකාර පැතීමටද සිදුවනු ලබයි. මව්පස ඥාතියකු පිළිබඳ වෙහෙසීම් වැඩිකරන බවක් පෙන්නුම් කරයි.
මිථුන
අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු පිළිබඳ හදිසි තීරණයකට එළැඹීමට සිදුවන දිනයකි. නිතර දුර ගමන් යෙදෙන අතර, අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ.
කටක
අවිවේකී ලෙසින් උදාවන දිනයකි. දරුවන්ගේ කටයුතු හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. නිතර නිවෙසින් පිට වාසයට හේතු ඇති කරයි. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන දිනයකි.
සිංහ
වගකීම් බහුල කරයි. පවුලේ කටයුතු පිළිබඳ වගකීම් කීපයක් තමා පිට පැවරීමට ඉඩ ඇත. නිතර ඇසුරු කරන හිතවතකුගෙන් උපකාරයක් හිමිකරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නීති කටයුත්තකට සම්බන්ධ වන දිනයකි.
කන්‍යා
ණය ගනුදෙනුවක් හේතුවෙන් ඇතිවන අසනහකාරී බව දුරදිග යන බවක් පෙනේ. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිතර ආගමික සහන පතන දිනයක් වන අතර පවුලේ අයගෙන් ඈත්ව සිටීමට ද හේතු යෙදේ.
තුලා
ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි. නිතර තමාගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් විය යුතු බවක් පෙනේ. දරුවකුගේ කටයුතු ගැන වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතුයි. දණහිසේ හට ගන්නා ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
නිතර ගමන් බිමන්වලට සම්බන්ධවීමට සිදුවන දිනයක් වන අතර සිතේ චංචල බවක් ද ඇතිවේ. රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් ඉටුවන බවක් පෙනේ. ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ.
ධනු
වැඩිහිටියන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. රැකියා ස්ථානයේ කටයුතු සුබවාදී ලෙස කරගෙන යෑමට හැකිවන දිනයකි. විවාහ යෝජනාවක් සාර්ථක වන බවක් පෙනේ.
මකර
රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරවලට යහපත් දිනයකි. නිතර අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. වෙනදාට වඩා සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.
කුම්භ
මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් බිඳවැටීමට ඉඩ ඇත. නිතර දුර ගමන් අධිකවන බවක් පෙන්නුම් කරයි. ඥාතියකුගේ අසනීප තත්ත්වයකට වෙහෙසීමට සිදුවෙයි.
මීන
හදිසි ගනුදෙනුවකට මඟ සැලසේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
අප කෙනෙක් දුටුවිට අපේ සිත් ගන්නේ වශී වන්නේ ඇයි?. මෙයට හේතු ගණනාවක් තිබේ. ලොව පහළ වුණ සියලු පින් ලකුණු ඇති දුටු දුටු නෙතට රසඳුනක් වූ රූසිරින්...
2022-03-17 18:30:00
කලාතුරකින් උදාවෙන සුබ මුහුර්තයක් අපේ‍්‍රල් මාසයේ උදාවේ. එනම් 2022 අපේ‍්‍රල් මස 06 වන බදාදා දින පෙරවරු 9.10 ටය. උතුරු දිශාව බලා සියලු සුබ කටයුතු...
2022-03-10 18:30:00
එදා අපේ ඉපැරැණි ගැමි විවාහ චාරිත්‍ර ක්‍රමවේදයන් අද වන විට වෙනස් වී තිබේ. දෙපක්ෂයේම වැඩිහිටියන්ගේ කතිකාවතක් හරහා උපදේශකත්වය මුල්කොටගෙන සුබ...
2022-02-24 18:30:00
ඡ්‍යොතිෂ පුවත්පත්, ඡ්‍යොතිෂ සටහන් වැනි ඡ්‍යොතිෂයට අයත් ඕනෑම පොත පතක් කියවා ඔබ ජය ලබන්න ඕනෑ. ඡ්‍යොතිෂයේ අරමුණ ඒකයි. ඡ්‍යොතිෂය කිව්වේ ශාස්ත්‍රයක්...
2022-01-27 18:30:00
2022 වසර මඟුල් සක්වළක්. කුමක් හෝ ශිල්පයක් ශාස්ත්‍රයක්, දැනුමක් තිබෙන අයට විශේෂයෙන් විවාහ මගුලක් ඇති කරන ඔබට මේ වසර ඉතා වාසනාවන්තයි. ඒක එසේම වේවායි...
2022-01-20 18:30:00
ලග්න 9කට සමඵලලග්න 3කට ඒරාෂ්ඨක අපලවෛරස රෝ බිය අඩුවේදේශපාලන හා ආර්ථික අංශවල සුවිශේෂී වෙනස්කම්දේශගුණ හා කාලගුණ විපර්යාශ රැසක්ජනතාව නැගිටින වසරක් අප...
2022-01-20 18:30:00
මේෂ,කටක, තුලා, මකර යන ලග්න හිමියන්ට ශශ යෝගය දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට ජනතාවගෙන්ම ප්‍රතිචාර මහ භාණ්ඩාගාරය තරවෙයි වෙළඳ ව්‍යාපාර සරුවෙයි...
2022-01-13 18:30:00
සිතුවම සමන් ශ්රීකාන්තමෙත් සිතින් යුත් දෙව් බඹුන් නෙත් යොමුවෙලා සත් උදම් වේවාසිත් තොසින් සැම දෙනාහට දිවිමගේ සුබසෙත ළඟා වේවාකෙත් පලින් බර වෙලා...
2022-01-06 18:30:00
කවිය යන වචනය සංස්කෘත භාෂාවේ කාව්‍යය යන්නෙන් බිඳී ආවකි. කාව්‍යය සහ කවිය යන දෙපදයන් එකම මූලයකට අයත් වුවද අර්ථ වශයෙන් හා ව්‍යවහාරය අනුව ගත්කල එම පද...
2021-12-16 18:30:00
මානව වංශ කතාවෙහි දුර ඈත අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවැති සබැඳියාවත් බෞද්ධ දර්ශනය හා ඡ්යෝතිෂයත් අතර ඇති වෘක්ෂලතාවන්හි පවතින දැඩි...
2021-12-02 18:30:00
ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකා වාසී අප සැබැවින්ම කෘෂිකර්මය මුල් කරගනිමින් අපට ආවේනික වූ ආහාර වර්ග මේ සරු පොළොවේ වගා...
2021-11-25 18:30:00
මංගල දිනයේ ඉතාම ප්රශස්ත සුබ ධනාත්මක ග්‍රහයෝග සහිත නැකැත් තෝරා ගැනීම අනිවාර්ය වන අතර ඉතාම අසුබ ග්‍රහ හැසිරීම් රටාව අනුව අසුබ ග්‍රහ සංයෝග පහතින්...
2021-11-18 18:30:00
2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී...
2021-11-04 18:30:00
ඔබේ වාහන සිහිනය කවදා සැබෑවේද යන්න සිත්හි ඇත. ඔබගේ කේන්ද්‍රය අනුව ඔබට වාහන හිමිවේද නැද්ද යන්න දැන ගැනීමට ඡ්‍යොතිෂයෙන් හැකියාව ඇත. වාහන සම්බන්ධව කේන්ද්...
2021-10-28 18:30:00
තුලා රාශියට සංක්‍රමණය වූ රවි - කුජ - බුධ ත්‍රිත්ව යෝගය නිසා මේෂ - වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-තුලා-ධනු-කුම්භ-මීන යන ලග්න 09ට ඉතා ප්‍රසන්න සුබපල ගෙනදෙන අතර...
2021-10-28 18:30:00
ගජ කේෂරී, රවි බුධ ආධිත්‍ය නීච භංග ගුරු ශනි යෝග බලැතිව, කුජ ශනි, කුජ ගුරු චතුර්කෝණ ශනි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටියෙන් දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා...
2021-10-21 18:30:00