ජුනි 10 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 9, 2023

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.25

රාහු කාලය - පෙ.ව. 09.01 - 10.36

ශුභ දිශාව - බස්නාහිර

මේෂ

ස්ත්‍රී ආශ්‍රයට යොමුවන දවසක් වන අතර අලුත් පිරිසක් දැන හඳුනා ගැනීමටද ලැබෙනු ඇත. ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව සොයාගෙන ඒමට හෝ එවැනි අයකු හමුවීමට අවස්ථාව උදාකරයි. සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි. ගෙදර දොර සැප පහසුව ඇතිව කටයුතු සිදුකරයි.

වෘෂභ

බලාපොරොත්තු ඉටුවන දිනයකි. එයින් දියුණුවද ඇතිවේ. මිල මුදල් ලාභ ලැබෙන දිනයක් වන අතර ඥාතීන් හා ඇසුරු කරන අය තමා ගැන සතුටට පත්වන බවක් පෙන්වයි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුවලට ද යහපත් දවසක් වන අතර සුළු සුළු ලාභද ලැබෙනු ඇත.

මිථුන

මුදල් අතින් අඟ හිඟකම් ඇතිවන කාලයකි. ගෞරවය නම්බුවට කැළල් ගෙනදෙන සිදුවීම් ඇතිවීමටද ඉඩ තිබේ. ගෙදර දොර කටයුතු ගැන උනන්දුවක් නොමැති වීම නිසා දෝෂාරෝපණ ඇසීමට සිදුවේ. අන් අයකුගේ තැනක වාසය කිරීමටද සිදුවේ. ඉවසිලිවන්තව ක්‍රියා කළයුතු දිනයකි. ආමාශ ගත ආබාධයන් ඇතිවීමට ද ඉඩ තිබේ.

කටක

නියම වෙලාවට හෝ නියම ක්‍රමයට කෑම බීම ආදියට ගැනීමට නොහැකි වීම නිසා ලෙඩරෝගවලට ලක්වන අතර කරදර සහිත සතියකි. කනගාටු සහිතව කාලය ගතවේ. නිශ්ඵල ගමන් අධික වියදම් ඇතිකරවන අතර හදිසි අනතුරු සෙම් අමාරු ඇතිවීමේ අවදානමක් ද පවතිනු ඇත.

සිංහ

ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවන දිනයක් වන අතර විනෝදයට සිත ඇදී යයි. සිතේ සතුට ගෙනදෙන කරුණු ඇති කරයි. තරඟ වාද විවාදවලට පි‍්‍රය කරන දිනයකි. දියුණුව මෙන්ම අන් අයගේ ගෞරවයට ද ලක්වනු ඇත.

කන්‍යා

ගෙදර දොර වාසනාවන්ත වන අතර සුළු සුළු වස්තු ලාභ ලැබෙන දිනයකි. මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදුවන කාලයකි. අන් අයගේ අසනීපයක් ගැන හෝ තමාගේ අසනීපයක් කතා කිරීමට සිදුවනු ඇත.

තුලා

සිත්වේදනාවක් ඇතිවන අතර කරගෙන යන කටයුතුවලට පවා බාධා මතුවේ. විවාහය නිසා හෝ ප්‍රේම සම්බන්ධතා නිසා ඇතිවන බලාපොරොත්තු කඩව යන බවක් පෙන්වයි. විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් තමාට එහි නියම පී‍්‍රතිය ලැබීමට සිත් නොදෙනු ඇත.

වෘශ්චික

කරදර සිත් තැවුල් හා දුක් සහිතව කාලය ගතවන කාලයකි. නින්දට බාධා ගෙන දෙනු ඇත. හිරිහැර සහිත දවසක් වන අතර ඉක්මනට කේන්තියයි. අන් අය ගැන සැකයෙන් යුතුව කටයුතු කරනු ඇත. උදරාබාධ, වතුරෙන් පීඩා ඇතිවනු ඇත.

ධනු

දියුණුව අඩුකම ගැන හිතේ දුක් සහිත ගතියක් ඇති කරයි. රැකියාවේ වැඩවැඩි තත්ත්වයක් ද ඇතිවනු ඇත. අමුත්තන් ගේ පැමිණීමක් සිදුවන අතර ධෛර්යමත්ව වැඩ කිරීමටද පෙළඹෙනු ඇත. තමා ගැන ගුණ වැයුමක් ඇසීමටද සිදුවන දිනයකි.

මකර

වියදම් අධික දිනයක් වන අතර තමා සතුදෙයක් නැතිවීමට හෝ කැඩී බිඳී යාමට පවා ඉඩ ඇති බවක් පෙන්වයි. තම තත්ත්වයට නොගැළපෙන කථා ඇසීමට සිදුවන අතර දියුණුවට ඇති මාර්ග ප්‍රමාදවීමටද කරුණු යෙදෙනු ඇත

කුම්භ

අන් අයට ආදර කරුණාව දක්වන දිනයකි. ස්ථිර අදහස් ඇතිකරන කාලයක් වන අතර ඒ අනුව කටයුතු කිරීමට ද බලනු ඇත. ගුප්ත ශාස්ත්‍රවලට පි‍්‍රය කරන දිනයක් වන අතර එවැනි අය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමටද කැමතිවේ. ඥානය දියුණුවන අන්දමේ කටයුතු කෙරෙහි ද හිත යොමුවේ.

මීන

සිත් තැවුල් කණගාටු ඇතිකරවන දිනයක් වන අතර වියදම් අධික කරයි. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකියි. අන් අය හා ගනුදෙනු කිරීමේ දී පරිස්සම් විය යුතු ය. සුළුවෙන් හෝ තුවාලයක් ඇතිවීමට ද ඉඩ තිබේ.

ඡ්‍යොතිෂවේදිනී
ගීතිකා සමරතුංග

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.