මැයි මස 27 වැනි සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 26, 2023

ඉර උදාව 05.53

ඉර බැසීම 06.22

රාහු කාලය - උදේ 09.00 - 10.34

රාත්‍රී 09.14 - 10.41

ශුභ දිසාව - දකුණ

 

මේෂ ලග්නය

සිත් තැවුල් කනගාටු සහිත දිනයක් වන අතර උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටි අයගෙන් තර්ජනයක් ඇසීමට හෝ සිදුවිය හැකියි. තම ගෞරවයට නම්බුවට හානි ගෙන දෙන සිදුවීම් ඇතිවිය හැකි අතර ආරවුල් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු ය.

වෘෂභ ලග්නය

බලාපොරොත්තු ඉටුවන දිනයක් වන අතර එයින් දියුණුවද ඇති වේ. අන් අයගෙන් උදව් උපකාර ලැබෙන අතර ස්ත්‍රී පක්ෂයේ අය සමඟ ඇසුරට යොමුවන දිනයකි. බර වැඩ කිරීමට සිදුවන අතර ගෙදර බඩු මුට්ටු පිළිබඳ වෙනසක් කිරීමට සිතෙන දවසකි.

මිථුන ලග්නය

වාසනාවන්ත දවසක් වන අතර මුදල් ලාභ ලැබේ. හිත මිතුරන් සමඟ විනෝදවීමට ලැබෙන අතර ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. තවද ව්‍යාපාරවල නිරත වන අයට ලාභ ලැබෙන දිනයකි.

කටක ලග්නය

සිත් තැවුල්, කණගාටු ඇති කරන දිනයක් වන අතර නොකළ වැරැදිවලට අවනම්බු අසන්න ලැබේ. වියදම් අධික කරයි. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් ක්‍රියාකළ යුතු දිනයකි.

සිංහ ලග්නය

ගෙදර දොර අතුගා පවිත්‍ර කිරීමට පෙළඹෙන දිනයක් වන අතර අමුත්තන් මුන ගැසෙන දිනයක් ද වනු ඇත. හිසේ මුහුණේ උෂ්ණ ගතිය වැඩිකරයි. ව්‍යායාම කටයුතු කෙරෙහි හිත යොමුවන කාලයක් ද වනු ඇත. කිසිදු ශුභ වැඩකට නොබැසිය යුතු දිනයකි.

කන්‍යා ලග්නය

අලාභ හානි කටයුතුවලට බාධා හා කරදර පාඩු සිදුවන දිනයක් වන අතර, තිබුණ ගෞරවය නැතිවේ. කතාවට අකමැති ගතියක් හෝ ප්‍රමාණයට වඩා වාචාල ලෙස කතා කිරීමට හෝ කැමැති දවසක් වන අතර දුර ගමනක් ද යෙදෙනු ඇත. නිවසින් පිටව කටයුතු කරන දිනයකි.

තුලා ලග්නය

මුදල් නැතිකම ගැන හිතේ කනස්සලු බවක් ඇතිවන අතර සතුරන් ඇතිවීමට පවා ඉඩ ඇති කාලයකි. දියුණුව පිළිබඳ අදහසක් හිතේ ඇතිවන අතර මිත්‍ර ආශ්‍රයක් හෝ අමුත්තකුගේ පැමිණීමක් ද බලාපොරොත්තු විය හැකි දිනයකි.

වෘශ්චික ලග්නය

කරදර සිත් තැවුල් හා දුක් සහිතව කාලය ගත කිරීමට සිදුවන අතර නින්දට බාධා හෝ නින්ද නොයාමද ඇතිවේ. කේන්ති යන ගති ඇතිවන අතර, ගෙදර දොර සැප පහසුව වුවත් අඩුව යන දිනයකි. විශේෂයෙන් උදරාබාධ ඇතිවීමට ද ඉඩ තිබේ.

ධනු ලග්නය

සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නැති දිනයක් වන අතර බලාපොරොත්තු කඩව යනු ඇත. බාහිර කරදර මතු වන දිනයකි. කරගෙන යන කටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර ගමන් බිමන්ද යෙදෙනු ඇත.

මකර ලග්නය

ගෙදර දොර කටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට හැකිවන අතර හොඳ ආහාර පාන වර්ග ලැබෙනු ඇත. භෝජන සංග්‍රහ වැනි දෙයට පවා සහභගිවීමට ඉඩ ඇති දිනයකි. අදහස් ඉටුවේ.

කුම්භ ලග්නය

පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර, සැප පහසුවට වුවමනා කරන දේ ලැබෙනු ඇත. කලකින් නොගිය ගමනක් යෑමට හෝ කලකින් හමු නොවූ පිරිසක් හෝ අයෙක් හමුවන දිනයකි.

මීන ලග්නය

සිතේ ඇති ධෛර්යය හීනව යන දිනයක් වන අතර සිතට සැකයක් පහළ වේ. ශුභ වැඩට නොබැසිය යුතු දිනයකි. නියම විදිිහට නියම ක්‍රමයට කෑම බීම ආදිය ගැනීමටද නොහැකි වනු ඇත.

ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.