මැයි මස 13 වැනි සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 12, 2023

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 6.20


රාහු කාලය පෙ.ව. 08.54 සිට පෙ.ව. 10.28
රාත්‍රී 09.13 සිට 10.40


ශුභ දිසාව - බස්නාහිර


මේෂ

පොදු ජනයා සමඟ ආශ්‍රය කිරීමට ලැබෙන දිනයක් වන අතර විවාහ යෝජනා ඇතිවීමට හෝ එවැනි ගමනක් යාමට ද සිදුවේ.

වෘෂභ
 
සිතා මතා වැඩක් කිරීමට බය සැක නැතිව ඉදිිරිපත් වන අතර කරන දේ ගැන තද විශ්වාසයක් තබා කටයුතු කරයි. රැකියා කටයුතුවල යම් උස් පහත් වීම් ගතියක් හෝ හිතේ තෘප්තිමත් බවකින් යුතුව කටයුතු කිරීමට අපහසු ගතියක් ඇතිවේ.

මිථුන

සිතේ යම් සතුටකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන අතර ගමන් බිමන්වල යෙදීමටද සිදුවනු ඇත. විශේෂයෙන් ආගමික ස්ථාන, පුද පූජා වැනි ආගමානුකූල දේ කෙරෙහි නිරතවීමට සිත්දෙන දිනයකි.

කටක

හිතට තරමක කරදර සහිත දිනයක් වන අතර සිත් පීඩා අධික වනු ඇත. නින්දා අපහාස වැනි දෙයකට මුහුණදීමට සිදුවන අතර ශරීරයෙහි සෙම වැඩි ගතියක්ද ඇති කරයි.

සිංහ

අන් අය සමඟ වෙනසක් නැතිව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමට ද යහපත් වේ. උත්සාහවන්තව කටයුතු කරන අතර ඉදිරි කාලය ගැනද සිතට යම් යම් අදහස් ගලාගෙන එන දිනයකි.

කන්‍යා

අන් අයට වැරදි අඩුපාඩුකම් කිරීමට අකමැති දිනයක් වන අතර තම අදහස් අනුවම කටයුතු කිරීමටද බලනු ඇත. හිතේ චංචල බවක් ඇතිවන අතර ආහාර නොදිරවීමේ රෝගයක් ඇතිවනු ඇත.

තුලා

ගෙදර දොර මෙන්ම රැකියා ස්ථානයේද සිතට අසහනය ගෙනදෙන සිදුවීමක් ඇතිවිය හැකි අතර දරුවන්ගේ කටයුතුවලට ද යම් බාධාගෙන දෙනු ඇත. නිවෙසේ කවුරුන් හෝ අසනීප ගතියක් නිසා පීඩා විඳිනු ඇත.

වෘශ්චික

මව හා එක්ව කටයුතු කරන දිනයක් වන අතර නැතිනම් මවගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වීමට හෝ කාලය ගත කිරීමටද සිදුවනු ඇත. ඉඩකඩම් දේපළ පිළිබඳ උනන්දුවකින් යුතුව කටයුතු කරන අතර පපුවේ සෙම ගතියක්ද ඇතිවේ.

ධනු

නිතර අදහස් වෙනස් වන ගතියක් ඇතිවන අතර කලකින් නොගිය ගමනක් යාමට හෝ එවැනි ගමනක් යාම ගැන අදහසක් සිතට ඇතිවන දිනයකි.
මකර
සහෝදරාදීන් සමඟ සිත් අමනාපකම් ඇතිවිය හැකි අතර වියදම් අධික දිනයක් ද වනු ඇත. හිතේ පැවති උද්යෝගය උනන්දුව අඩුව යන අතර කම්මැලි වේ. නිතර නිඳාගෙන සිටීමට සිත් දෙන දිනයකි.

කුම්භ

හිතේ චංචල ගතියක් ඇති වුවත් එය නොපෙන්වා කටයුතු කරන දිනයක් වන අතර ගැඹුරු දේ ගැන ඉගෙනීමට මෙන්ම ඒ ගැන අදහස් දැන ගැනීමටද පෙළඹෙන දිනයකි. හිතවත් පිරිසක් හා ඇසුරට යොමුවන අතර අමුතු අදහස් පහළව කටයුතු කරනු ඇත.

මීන

උත්සව පි‍්‍රය සම්භෂණ වැනි දෙයට සහභාගිවීමට ලැබෙන දිනයක් වන අතර දුර ගමනක් ද යෙදෙනු ඇත. හදිසි අනතුරු පාදවල පීඩාවක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතුය.

ජ්‍යොතිෂවේදිනී,
ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.