සෙනසුරු කුම්භයේ සෙනසුරු කුම්භයේ අසිරිමත් සිදුවීම් රැසක්

ජනවාරි 13, 2023

පංචමහා පුරුෂ යෝග අතුරින් මිථුන-කන්‍යා-ධනු-මීන (ගුරු) හංස යෝගය, වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ට (ශනි) සස යෝගය උදාවෙයි.

 

උත්තරායන සිසිර ඍතුවේ මකර රවි 03 භාග දුරුතු මහේ අව දසවක තිථිය ලත් කුජ දින එනම් ජනවාරි 17 වැනිදා පස්වරු 06.03ට තුලා නවාංශකය දෙනට නැකතේ තුන පාදයෙන් සෙනසුරු කුම්භ රාශිගත සංක්‍රමණය සිද්ධ වන්නේය.

ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සෙනසුරු කුම්භ රාශිගත වීම පාලන තන්ත්‍රයේ අසිරිමත් වෙනසකට ඉඩ සලසන්නකි. ශනි ග්‍රහයාගෙන් වැඩ කරන කම්කරු ජනතාව නියෝජනය කෙරෙයි. බොහෝදුරට පාලක පක්ෂයේ වෙනසකට සෙනසුරුගේ මකර - කුම්භ රාශි සංක්‍රමණයන් වැදගත් වන්නේය. සෙනසුරු ග්‍රහයා මානව සිරුරේ වම් පාර්ශ්වීය රෝගාබාධක බහුල කිරීමට සමත් වෙයි. සෙනසුරු බොහෝ දුරට තමා රැඳුණු රාශියේ ඵල හානි කරනු ලබයි. එහෙත් අට වැන්නෙහි සෙනසුරු රැඳී සිටීම දිගාසිරි සම්පත් ලබාදෙයි. ආර්ථික, අධිකරණ, අධ්‍යාපනික දේශපාලන, සෞඛ්‍ය, ක්ෂේත්‍රයන්හි පොදු සමාජීය වෙනස්කම් රැසක්ම 2023 සෙනසුරු මාරුව ආශ්‍රිතව සිදුවිය හැක. සුවිශේෂී පාරිසරික වෙනස්කම් ද බහුල කෙරෙන කාලවකවානුවකි. මෙම ග්‍රහ මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ මෙලෙසයි.

මේෂ රාශිය

ඔබේ සිතැඟියාවන් බොහෝ දුරට ඉටු වන කාලපරාසයක් වුවත් මානුෂික සහසම්බන්ධතාවන් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම වැදගත් වෙයි. ඔබ පිළිබඳ දූෂමාන ආරංචි කටකතා පැතිරෙන අවිචාරශීලී කාල පරාසයක් බැවින් පරිස්සම් විය යුතුය.

වෘෂභ රාශිය

මානුෂීය සබඳතා ඉහළින්ම ක්‍රියාත්මක වන කාලයකි. විවාහය, ආර්ථිකය යහපත් වේ. තමාගේ සමාජගත තත්ත්වය උසස් වේ. ඔබට ඉතා සුබ කාලය කාල පරාසයකි.

මිථුන රාශිය

ඔබගේ රැකියා ආදායම් මාර්ග දියුණුවට පත්වේ. සහසම්බන්ධතා, විවාහය ආදී කටයුතුවල සුබවාදී බවක් ඇතිවේ. මංගල යෝග උදාවන කාලයකි. ප්‍රමාද වූ විවාහ මංගල කටයුතු කඩිනම් වන කාලයකි. ඔබගේ අධ්‍යාපනය සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රයන් හි දියුණුව ද සිදුවේ.

කටක රාශිය

අනාගතය ආශ්‍රිත සිතැඟියාවන් ක්‍රියාකාරකම් දියුණු වනු ඇත. ඒ සඳහා අවශ්‍ය ශක්තිය බලය හිමිවේ.

සුදුසු තැනට නුවණ යෙදීමෙන් ශුභවාදී චින්තන ශක්තියෙන් කටයුතු කිරීමෙන් ස්ථිරසාර දියුණුවක් ඔබට උදා කර ගත හැක.

සිංහ රාශිය

මෙතෙක් කලක් දිගු කාලීනව පැවති අවහිර බාධක කරුණු කාරණා ගණනාවක් ස්ථිරව ඉටුකර ගත හැකි වන භාග්‍යමත් කාල පරාසයක් ලෙස මෙම කාල සීමාව හැඳින්විය හැකිය. සබඳතා,විවාහය, පවුල් ජීවිතයද තැන්පත් ධනය ද රැකියා ආදායම් මාර්ග ද ආරම්භ කරනු ලබන සියලු කටයුතු සාර්ථක කරගත හැකි සුවිශේෂී කාලයකි.

කන්‍යා රාශිය

2023 වසර පුරාම විජයග්‍රහණය ළඟාකර දෙන බවක් පෙනී යයි. අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ග, සෞඛ්‍ය, සබඳතා විවාහය ආදී අරමුණු සඵල කර දෙනු ලබයි. මානසික ගැටුම්කාරී බවක් දුරු කරගත හැකි වනු ඇත.

තුලා රාශිය

සෙනසුරු ග්‍රහ මාරුව අනුව දූ දරු ශිෂ්‍ය ශිෂ්‍යයා සබඳතා, විවාහය කරුණු කාරණා රැසක්ම දියුණු කරගත හැකි කාල පරාසයකි. දේශපාලනිකව උසස් තනතුරු නම්බුනාම හිමිවන කාලයකි.

වෘශ්චික රාශිය

ආරම්භ කරන ලද සියලු කටයුතු සාර්ථක වේ. පදිංචි ස්ථානගත කටයුතුද සාර්ථක වේ. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක වන බවක්ද පෙන්නුම් කරනු ඇත. උසස් අධ්‍යාපනය, දේශපාලනික අරමුණු ඉටුවන නිල තනතුරු ගලා එනු ලබන කාල පරාසයකි.

ධනු රාශිය

වැදගත් කරුණු කාරණා ඉටුකර ගත හැකි ඉතා වාසනාවන්ත කාල පරාසයකි. අධ්‍යාපනය, රැකිරක්ෂා, ආදායම් මාර්ග, සබඳතා විවාහ ආරම්භක කටයුතු ගනුදෙනු ආදී සියලු කටයුතු විජයග්‍රාහීබවට පාත්‍රවනු ඇත. සුබ කාලයකි.

මකර රාශිය

ආරම්භ කරනු ලබන වැඩකටයුතු, ව්‍යාපාරික කටයුතු උසස් තත්වයකට පත්වෙයි. 2023 වසර පුරාම අරමුණු කරන සිතැඟියාවන් බාධක මාරක අවහිර දුෂ්කරතාවලින් තොරව සාර්ථකත්වයට තුඩු දෙනු ලබයි. අභ්‍යන්තර හා බාහිර කටයුතු මෙන්ම අරමුණු ද ඉටුවෙන කාලයකි. උසස් අධ්‍යපනයෙන් ජීවිතය තවතවත් ශුභවාදී කරගත හැකි කාලයකි.

කුම්භ රාශිය

කුම්භ රාශි හිමියන්ට ශුභවාදී කාල පරාසයකි. අධ්‍යාපනය, සබඳතා, විවාහය, පවුල් ජීවිතය,රැකියා ආදායම් මාර්ග, නිවාස, ගොඩමඩ ඉඩකඩම්,දියුණුව දේශපාලනික දියුණුවද 2023 වසර පුරාවට යෙදෙනු ඇත.

මින රාශිය

දෛනික ජීවිතයේ සිතැඟියාවන් සාර්ථකත්වයට පාත්‍ර කරගැනීමෙහි භාග්‍යය වාසනාව සෙනසුරු මාරුවෙන් මීනරාශි හිමියනට උපරිම වශයෙන් හිමිවනු ඇත.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.