රවි ග්‍රහයා මකර රාශියට දේශීය ව්‍යාපාර - කෘෂිකර්මාන්ත‍ෙය් පුබුදුවක්

ජනවාරි 6, 2023

මේෂ–කටක–තුලා–මකර රාශිිවලට සස යෝග බලයද මිථුන-කන්‍යා-ධනු-මීන රාශි සඳහා හංස යෝග බලය සහ ගජ ගජකේශරී යෝග බලය උදා කරමින් ග්‍රහ මඬුල්ලේ රජු රවි ග්‍රහයා 2023 පළමුවන සංක්‍රාන්ති ග්‍රහ මාරුව සිද්ධ කරමින් ජනවාරි 14 ශනි දින රාත්‍රී 08.45ට සෙනසුරු හිමි මකර රාශි ගත වන්නේය. එසේ පැමිණෙන රවී ග්‍රහයා පෙබරවාරි මස 13 වැනි දින දක්වා එහි රැඳී සිටිනු ඇත.

මෙම ග්‍රහ ගමන දෙස බැලීමේදී සමාජයීය ආර්ථික සංස්කෘතික හා දේශපාලනික වශයෙන් රටෙහි අස්ථාවරභාවයක් ඇති වී ඇත්නම් එය ස්ථාවර බවකට රැගෙන ඒමේ අවස්ථාව උදාවනවා ඇත. දේශීය ව්‍යාපාරික මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයන්හි පුබුදුවක් දක්නට ලැබෙන කාල වකවානුවකි.

ජාතියක් රටක් වශයෙන් ශ්‍රී ලංකාව නගාසිටුවීමේ දැවැන්ත ව්‍යාපෘති අප්‍රමාදීව ක්‍රියාත්මක කිරීම උදෙසා සුබකාලයක් ද වනවා ඇත. කාර්මික, කෘෂිකාර්මික, තාක්ෂණික නිෂ්පාදනයේ ධාරිතාවයේ ඉහළයාමක් දක්නට ලැබෙයි. ජනතාවට බලපාන අසීමිත බදු බර සහනදායක පැතිකඩකට තුඩු දෙනවා ඇත. කොමිස් වංචා කරන්නන්ට ඒ සඳහා ඉඩ හසර නොලැබේ. ජාති හිතෛෂීන් පෙරමුණට පැමිණෙන කාලවකවානුවකි. ඔවුනගේ සහාය රාජ්‍ය කෙරෙහි නිබඳවම හිමිවන වකවානුවක් ද වනු ඇත. කාලගුණික දේශගුණික ප්‍රචණ්ඩතාද මහාපරිමාණ අනතුරු, ලැව්ගිනි දේශීය හෝ විදේශීය වශයෙන් ඇති වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. දෙස් විදෙස් ආන්දෝලාත්මක සිදුවීම් සිදුවන ප්‍රවෘත්ති මැවෙන කාලයකි. පරිසරය ආරක්ෂා කර ගැනිමට නීතිරීති ක්‍රියාත්මක වන අතර ජනතාවට සමගියෙන් හා සමාදානයෙන් ජීවත්වීමට හැකි වටපිටාවක් නිර්මාණය වීමට මඟ සැලසෙනවා ඇත. මෙම ග්‍රහචාරය ඔබේ ලග්නයට කෙසේදැයි විමසා බලමු.

මේෂ

තැන්පත් ධනය, දේපළ, වස්තුව, රැකියා ආදායම් මාර්ග මෙන්ම ආරම්භ කරනු ලබන කටයුතු කෙරෙහි බොහෝ දුරට බාධක, අවහිරතා, දුෂ්කරතා පැමිණිය හැකිය. එබැවින් බුද්ධිමත්ව දූරදර්ශීව එම කටයුතු කළමනාකරණය කිරිම කෙරෙහි මෙන්ම හදිසි තීන්දු තීරණ වලින්ද දුරස්විය යුතු කාලයකි. තමාගේ සිතැඟියාවන් කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීමෙන් බොහෝ දුරට සාර්ථක තත්ත්වයන් උදාකරගත හැක.

වෘෂභ

ඔබ විසින් ගනු ලබන තීරණාත්මක තීන්දු තීරණ ඉටුවෙන බවක් පෙනෙයි. ලැබීම් කෙරෙහි ද ලෞකික දිවි මගෙහි සැප සම්පත් කෙරෙහිද මෙය දක්නට ලැබේ. බැඳීම් ඉහළටම ගමන් කරයි. ඉදිරියට යාමෙහිි ශක්තිය ධෛර්යය හීන නොකර ගැනීමෙන් තම අරමුණවලින් විජයග්‍රහණය උදාකර ගත හැක.

මිථුන

පදිංචි ස්ථානය දේපළ වස්තු කෙරෙහි සුවිශේෂී අවධානය යොමුවන කාලයකි. ඒ පිළිබඳ අවධානය මෙන්ම අවධාරණය දෙගුණ තෙගුණ වනු ඇත. ඔබගේ සබඳතා දෙස බැලීමේ දී පවුල් ජීවිතය, විවාහය කෙරෙහි වඩාත් සැලකිලිමත් විය යුතු කාලයකි. රැකියා ආදායම් මාර්ග මෙන්ම පදිංචි ස්ථානය කෙරෙහි මධ්‍යස්ථ බවක් ඇතිවේ. ආගම දහමට නැඹුරු වී ජීවිතය පිළිබඳ සිතිය යුතු කාලයකි.

කටක

නිතර උත්සාහය උනන්දුව දැඩි කරගනු ලබන බවක් පෙන්නුම් කරයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි නිතර සිතයි. සබඳතා විවාහය ගෘහ ජීවිතය ආශ්‍රිතව ගැටලුකාරී බවක් ඉස්මතුවිය හැකිය. දියුණුව මිල මුදල් ආශ්‍රිත කටයුතුවල දී දැඩිව ක්‍රියා කරයි. ඒ පිළිබඳ නිසි කළමනාකරණයක් සිදු කිරීමට කටයුතු කරයි.

සිංහ

ආරම්භ කිරීමට බලාපෙරොත්තු වන කටයුතු පිළිබඳ වඩාත් කල්පනාකාරී වන්න. රැකියා ආදායම් මාර්ග දියුණුව සැලැසේ. පවුල් ජීවිතය සතුටුදායක බවක් ගනු ලබයි. ඔබ තුළ පවතින උත්සාහය උනන්දුව මත ඊර්ෂ්‍යාව වෛරය පතුරුවන්නන් පරදවා ඔවුන් අභිබවා යාමේ හැකියාව ඇත.

කන්‍යා

ලැබීම් පිළිබඳ නිතර සිතාමතා කටයුතු කෙරෙනු ඇත. හවුල් කටයුතු සබඳතා, යුග දිවිය,ජීවිතය කෙරෙහි දැඩි අවධානයෙන් සිටිය යුතු කාල සීමාවකි. සතුරු කරදර දෙගුණ තෙගුණ වන බවක් පෙනේ. නිතර කල්පනාකාරීව ක්‍රියාත්මක විය යුතු කාලයකි.

තුලා

පවුල් ජීවිතය, සබඳතා, විවාහ යනාදී පැතිකඩයන් හි යම් ආකාරයක ගැටලු ඇතිවිය හැකි බවක් නිර්මාණය විය හැකියි. ක්‍රෝධය වෛරය කැපිලි කෙටිලි උත්සන්න වූ පිරිසක් අතර දිවි ගෙවන බැව් පෙනී යයි. සාමකාමීව සුබවාදීව ජීවන ගමනෙහි ක්‍රියාකාරී වීම වැදගත් වේ.

වෘශ්චික

උත්සාහය උනන්දුව වික්‍රමය මූලික කොටගත් මානසික තත්ත්වයක් ක්‍රියාත්මක වන බවක් පෙනීයයි. ආදර සබඳතා, යුගදිවිය, විවාහය, ආදී පැතිකඩයන් කෙරෙහි දැඩි බාධක අවහිරතා දුෂ්කරතා පැන නැගීමට ඇති ඉඩකඩ වැඩිය. තමාගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමෙහි දී බුද්ධිමත්ව දුරදර්ශි ක්‍රියාත්මක වීම වැදගත් වන්නකි.

ධනු

රැකියා ආදායම් මාර්ග මෙන්ම සබඳතා, විවාහය පිළිබඳ සුබදායක බවක් නිර්මාණය කෙරෙයි. සියලු කටයුතු කෙරෙහි සිතාමතා කටයුතු කරලීම ඉතා යහපත් වෙයි. සැක සංකා දෙගිඩියා දෛනික දිවිපෙවෙතින් දුරුකර ගැනීම හිතවාදී වෙයි. අන්‍යයන් හා ඇසුරු කිරීමේදී පරිස්සම් විය යුතුව ඇත. පදිංචි ස්ථානය නවීකරණය කිරිම බොහෝ දුරට සතුටුදායකව සිදුවේ.

මකර

නිර්මාණශීලී කටයුතු රැසක් ඉටුකර ගැනීමට අවස්ථාව උදා වෙයි. කාර්ය බහුලකාලයකි. නවතාවයකින් නව වසර ගත කිරීමට ඔබ උත්සාහ ගනී. හිස, පපුව, දණහිසේ ආබාධ ආදි ලෙඩ රෝග යෙදී ඇත. වෙළඳ ව්‍යාපාරික දියුණුව සැලසේ. සම්බන්ධතා සහ යුගදිවිය ගමන දියුණු වේ.

කුම්භ

පදිංචියේ වෙනස්කමක් ඇතිවීමට ඉඩ ඇත. කරන කියන කටයුතු බොහෝ දුරට සතුටුදායක වේ. ග්‍රහචාරයේ දුර්වලතා මඟ හැරී යයි. ඍජු තීරණ තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී රහස්‍ය බව රැකගැනීම යහපත් වේ.

මීන

උද්යෝගය ක්‍රියාකාරී ශක්තිය උනන්දුව සහිත කාලයකි. ආර්ථිකය යහපත් වෙයි. සමාජ තලයේ ඉහළට ගමන් කරන බව පෙනී යයි. යහපත් කාලයකි. සුපුරුදු දිවිගමනෙහි යහපත් ගුණාංග හා නවාංග එක් කරගනිමින් අභියෝග ජයගන්නා කාලයකි.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.