ලග්න රැසකට සුබපල උදාකරමින් බුධ රාජ කුමාරයාණෝ කන්‍යා රාශියට

අගෝස්තු 26, 2022

රටට රටවැසියාට උසස් ඵල අධ්‍යාපනික, ආර්ථික, සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි නව පිබිදීමක්

කුජ- සඳු, රාහු -යුරේනස්, නැප්චූන් -ගුරු, ප්ලූටෝ- ශනි සංයෝගව කුජ- ශනි, ගුරු- ශනි ෂඩ් කෝණ දෘෂ්ඨි බලැතිව භද්‍ර, ගුරු, හංස, උපේන්ද්‍ර රාජයෝග උදාවෙන් බුධ කන්‍යාවට ප්‍රවේශ විය.

අගෝස්තු 21 වැනි රිවි දින උදෑසන 02.06ට උත්‍රපල්- හත- සිත නක්ෂත්‍රයාධිපති විශ්ව තාරකා මන්දාකිණියෙහි වෛශ්‍ය වංශික ඥානකාරක බුධ රාජ කුමාරයාණෝ කන්‍යා රාශියෙහි රන්මිණි ඔටුනු පලදා සිංහාසනාගතව විරාජමාන විය. මෙය ඔක්තෝම්බර් මස 26 දක්වා බලපැවැත් වෙනු ඇත. ඉරබටු තරුව නොහොත් සිකුරු නැගෙනහිර ක්ෂිතිජයෙහි බුධ හිමි මිථුන උදා රාශියෙහි 02 වැන්න වූ ධනස්ථානගතව ද ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව උපේන්ද්‍ර යෝග බලැතිව සිංහ රාශිය වූ වික්‍රමස්ථාන ගතව තෙදැති බලැති රාජ්‍යකාරක රවි ග්‍රහයාද උච්ච මූල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව මිථුන,කන්‍ය, ධනු,මීන රාශි හිමියන්ට පංචපුරුෂ යෝග අතුරින් භද්‍ර යෝග බලැතිව මිත්‍රශිලී ඥානකාරන බුධ ග්‍රහයා 04 වැන්නේ ද කේතු සතුරුව 05 වැන්නේ ද වක්‍ර ප්ලූටෝ සතුරුව සහ මේෂ -කටක- තුලා- මකර රාශි හිමියන්ට පංච මහා පුරුෂ යෝග බලැතිව ස්වක්ෂේත්‍රව වක්‍ර ශනි මෘත්‍යු ස්ථානය වූ අට වැන්නේ ද නැප්චූන් වක්‍රව ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව සහ ස්වක්ෂේත්‍ර ගුරු වක්‍රව මිථුන - කන්‍යා- ධනු මීන පංච පරුෂ යෝග අතුරින් හංස යෝග බලය මිථුන - කන්‍ය- ධනු -මීන රාශි හිමියන්ට උදාකරවමින් කර්ම ස්ථානය වූ 10 වැන්නේ ද සම යුරේනස් සතුරු රාහු සම අයස්ථානය වූ 11 වැන්නේ ද කුජ සමව උච්චමූල ත්‍රිකෝණව චන්ද්‍රයා12 වැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලයේ තැන්පත් විය. සිකුරු මාන්දි ග්‍රහයා ද ගුරු බාධක ග්‍රහයා ද බුධ 22 වැනි මාරක දෙර්කාණාධිපතියා ද විය.

ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි සටහනට සමගාමීව බුධ ග්‍රහයා 02 වැන්න වූ ධනස්ථානගතව ද 02-06-10 අර්ථකෝණය අනුව රටට රටවැසියාට මෙම ග්‍රහ මාරුව උසස් ඵල ප්‍රදානය කරයි. හැලහැප්පිලි සමඟ කුමන්ත්‍රණකාර පසුබිමක් ආශ්‍රිතව අවහිර බාධක දුෂ්කරතා ඇති පසුබිමක වුව ද රටේ අධ්‍යාපනික, සෞඛ්‍ය, ආර්ථික මූලාශ්‍රයන් වෙත නව ගමන් රටාවකින් යුතු විජයග්‍රාහි මාවතක් නිර්මාණය වන්නේය. අයුක්තිය අසාධාරණය පිටුදැකීම ද නිර්මාණය වේ. නීතිය, අධිකරණය සහ සෞඛ්‍ය, අධ්‍යාපනික ක්ෂේත්‍ර ක්‍රමවත් වෙයි. දේශානුරාගයෙන් ඔද වැඩි පිරිසක් බහුල කෙරේ. ගොඩනැගිලි අධිවේගී මහා මාර්ග මුළුමනින්ම නව රජය යටතේ නව ගමන් මගකින් ඇරැඹේ. අධික භාණ්ඩ මිල පහතට දැමීම, කෘෂිකර්මාන්තය ඩී. එස් යුගයට හා සමාන පිබිදීමක් ඇති වේ. ‍භූ චලන අධිකවීම බහුල කෙරේ. ගුවන්යානා, නාවික යාත්‍රා අනතුරු ඔක්තෝම්බර් තෙක් ප්‍රබල ව බලපානු ඇත.

මෙම තත්ත්වය ඔබේ ලග්නයට බලපාන ආකාරය.

මේෂ

අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වෙයි. රැකියා ආදායම් මාර්ග දියුණුව වෙයි. රෝගාබාධ සතුරු කරදර දුරු වීම සිදුවේ.

වෘෂභ

දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු උසස් වේ. අලංකාර විනෝද කටයුතු මතුවේ. ආර්ථික කටයුතු වෙනුවෙන් භූමි ලාභ ගෙන දේ. ප්‍රභූ ජනයාගේ අවධානයට යොමු වෙයි.

මිථුන

පදිංචි ස්ථානයෙහි දියුණුව මෙන්ම උත්සාහය උනන්දුව මතු කෙරෙනු ඇත. ප්‍රභූ ජනයාගේ ආශිර්වාදය ලැබේ. ශුභවාදී කාලසීමාවක් වෙයි. කටක

වීර්යය වික්‍රමය උත්සාහය උනන්දුව මතු කෙරෙනු ඇත. පවුලේ දියුණුව ද ලැබීමේ මාර්ගයන්හි දියුණුවද උදාවේ. උසස් දියුණුවකට මාර්ගය සැලසේ.

සිංහ

තැන්පත් දේපළවස්තු ආශ්‍රිත දියුණුව ඇතිවේ. දරුවන්ගේ දියුණුව ඇති වේ. මඟුල්තුලා වාසනාව උදා කෙරේ.

කන්‍යා

පදිංචිය විවාහය පවුල් ජීවිතය රැකීරක්ෂා ආදායම් මාර්ගය දියුණු වෙයි. ගොඩමඩ ඉඩකඩම් යාන වාහන ලාභ ප්‍රයෝජන අත්වෙයි. උසස් දියුණුවක් ගෙන දේ.

තුලා

පදිංචි නිවසෙහි මෙන්ම ගොඩබිම ඉඩකඩම් ලාභ ප්‍රයෝජන නිර්මාණය වෙයි. මංගල කටයුතු සාර්ථක වේ. යාන වාහන ලාභ ගෙන දේ. විභාග තරඟ අත්වෙයි. දියුණුව ගෙන දෙයි.

වෘශ්චික‍

සහෝදර සහෝදරියන් ගේ ආශිර්වාදය ගෙන දෙයි. ප්‍රමාද වූ මංගල කටයුතු සාර්ථක වේ. භූමිලාභ මතු කෙරේ. උසස් තත්වයක් ඇති වෙයි.

ධනු

රැකිරක්ෂා ආදායම් මාර්ග කටයුතු ජය ගෙන දෙයි. පිය පාර්ශ්වයේ ඥාති හිතෛෂී සබඳතාවයක් ගෙන දෙයි. ආරම්භ කරන්නට සැලැසුම් කරන කටයුතු උසස් සාර්ථක බවට පත්වෙයි.

මකර

වාසනාව මතුකරයි. නිර්මාණශීලී සියලු කරුණු කාරණා දියුණුවට පත්වෙයි. ගොඩමඩ ඉඩකඩම් දියුණුව මෙන්ම ප්‍රභූ උසස් ජනයා ඇසුරට ලැබේ.

කුම්භ

ශ්‍රී ලංකා ධරණී තලය පුරාවට ප්‍රකට කෙරෙන උසස්තම දියුණුවක් ලබාදේ. පදිංචිය පිළිබඳ නවතාවයන් මතු කෙරෙයි. උසස් තත්ත්වයකට පත්වෙයි.

මීන

මිනිස් සබඳතා, විවාහ මංගල කටයුතු සාර්ථක කෙරේ. සියලු ආකාර ලැබීම් කෙරෙයි. ඔබ කෙරෙහි අවධානය දෙගුණ තෙගුණ වේ. උසස් රැකියා ආදායම් මාර්ග දියුණු වේ.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.