විවාහයකදී පාෙරාන්දමට වඩා කේන්දරයෙන් කියැවෙන රහස් මෙන්න

මැයි 6, 2022

පුද්ගලයකුගේ ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස විවාහය සැළකේ. උපත හා මරණය යන දෙකම අපගේ කැමැත්ත මත තීරණය නොවේ. අපට කැමති පරිදි සිදුකර ගත හැකි එකම කරුණ වන්නේ විවාහයයි.

විවාහය අපේ ජීවිතය තුළ ඉතාම තීරණාත්මක සාධකය ද වෙයි. සාර්ථක විවාහයක් නිසා පුද්ගලයකුගේ මුළු ජීවිතයම සතුටින් හා අර්ථවත්ව ගත කළ හැකි අතර ඇතැම් අයගේ මුළු ජීවිතයම කඳුළක්, අපායක් බවට පත් කිරීමට ද විවාහය හේතු වී ඇත.

වර්තමානයේ සංකීර්ණ සමාජය තුළ පවුල් ගැටලු වේගයෙන් වර්ධනය වී ඇත. දික්කසාද වන පවුල් සංඛ්‍යාව ද වැඩිවෙමින් පවතී. එහෙත් මේ බොහෝ දෙනා පොරොන්දම් ගැළපීම මත විවාහ වූවෝ වෙති. එසේ නම්, ඡ්‍යොතිෂමය වශයෙන් මෙම පොරොන්දම් ගැළපීම විද්‍යාත්මක නොවේ ද?

ජන්මියා කවර රැකියාවක නිරතවේද?

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙබඳුද? ඔහු හොරකු, සල්ලාලයකු, බේබද්දකු වේද? ඔහුගේ අනාගතය කෙබඳු ද? වැනි ප්‍රශ්නවලට පොරොන්දමෙන් පිළිතුරු සොයාගත නොහැක. එහෙත් කේන්දරයේ කොටු දොළසින් එම කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගත හැකි ය. එම නිසා විවාහය සඳහා කේන්දර පරීක්ෂාවකින් සියයට සියයක්ම නොවුණත් සෑහීමට පත්විය හැකි තරම් විනිශ්චයක් ලබාදිය හැකිය.

කෙසේ වෙතත් පොරොන්දම් පරීක්ෂාව ද මෙහිදී අපට මුළුමනින්ම බැහැර කළ නොහැක. එහි ඇති නැකැත්, ගණ, නාඩි, ස්ත්‍රී, දීර්ඝ, රාශ්‍යාධිපති, රජ්ජු වැනි පොරොන්දම්වලින් අනාවරණය වන කරුණු ඉතා වැදගත්ය. පොරොන්දම මෙන්ම කේන්දර පරීක්ෂාව ද වඩා වැදගත් බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

ස්ත්‍රී කේන්දරයේ සඳු බලවත්ව සුබ ස්ථානයක පිහිටීම ඉතා යහපත්ය. අද ද ඉතා වාසනාවන්තය. ලග්නය වෘශ්චික වී හත් වැන්නේ පුර සඳු හා සිකුරු සිටින ස්ත්‍රිය ඉතා වාසනාවන්තය. විවාහයෙන් පසු ඉතා යහපත් ජීවිතයක් ගත කරයි. ලග්නය ධනු හෝ මීන වී ගුරු බලවත්ව සිටී නම් එබඳු ස්ත්‍රිය සැමියා සමඟ සතුටින් ආගමට ළැදිව කටයුතු කරයි. ස්ත්‍රී කේන්දරයේ රවි සිටින රාශියේ පුරුෂ කේන්දරයේ සඳුද, පුරුෂ කේන්දරයේ රවි සිටි රාශියේම ස්ත්‍රී කේන්දරයේ සඳු ද සිටී නම් එම දෙදෙනා අදහස්වලින් හොඳට ගැළපේ. එමෙන්ම ස්ත්‍රී කේන්දරයේ කුජ සිටි රාශියේ පුරුෂ කේන්දරයේ සිකුරු ද, පුරුෂ කේන්දරයේ සිකුරු සිටි රාශියේ ස්ත්‍රී කේන්දරයේ කුජ ද පිහිටා ඇත්නම් එම දෙදෙනා කායික වශයෙන් ඉතා හොඳින් ගැළපේ.

එක් කේන්දරයක සඳු, රාහු යෝගය හෝ සිකුරු රාහු යෝගය තිබේ නම් පොරොන්දම් ද නොගැළපෙන්නේ නම් අපල කාලවලදී විවාහය බිඳී යා හැකි ය. කේන්දරයක මාරක ග්‍රහයෝගයක් තිබේ නම් ආයුබලය දුර්වල නම් මරණය පවා සිදුවිය හැක. හත් වැන්නාධිපති අට වැන්නාධිපති හෝ කුජ හෝ රාහු සමඟ 12 වැන්නේ සිටීම ද විවාහය බිඳී යාමට හේතුවකි. හත් වැන්නාධිපති ග්‍රහයා හා අට වැන්නාධිපති ග්‍රහයා යෝග වී 2, 7 හෝ 8 පිහිටා ඇත්නම් අපල කාලවල විවාහය රැක ගැනීම දුෂ්කරය. එක් කේන්දරයක 2 වැන්න හෝ 7 වැන්න අධිපති ග්‍රහයකු සමඟ රාහු යෝග වී ඇත්නම් එම කේන්දර හිමියා රාහු මහ දශාවකදී හෝ අතුරු දශාවක දී හදිසි අනතුරකට ලක්විය හැකි ය.

සිකුරු හත් වැන්නේ නීචව හෝ සතුරුව සිටියදී බලවත් පාපයන්ගේ දෘෂ්ටිවලට ලක්වීම පළමු විවාහය බිඳ වැටීමට හේතුවකි. 2, 7 අධිපතියන්ගේ සංයෝගය ද පළමු විවාහයට අහිතකරය. ලිංගික ශක්තිය හීන වීමට හේතුවකි. මෙම යෝගය හත් වැන්නේ තිබියදී සෙනසුරුගේ දෘෂ්ටියට ලක් වේ නම් සමලිංගික සේවනයට යොමු විය හැක.

 

 

ඡ්‍යොතිෂවේදී දැරණියගල

කපිල ගුණදාස

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.