හොඳට නරකට දෙකටවෘශ්චික ලග්නය

අගෝස්තු 20, 2021

පොදුවේ ගත් කල වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලබන ජන්මීන්ගේ වැඩි දෙනෙක් ජීවත් වන ජන සමාජය තුළ යහපතට වඩා අයහපතින් ප්‍රසිද්ධියට පත්වූ අයවලුන් වෙති. එමෙන්ම අන්‍ය ලග්නයකින් උපත ලැබූවත් සඳු නීචව වෘශ්චික රැසෙහි පතිතව ඇත්නම් හෝ අමාවක සඳු වෘශ්චිකයේ පතිතව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන් ජීවත් වන ජන සමාජ තුළ හොඳට වඩා නරකින් ප්‍රසිද්ධියක් ලබන අය වෙති.

 

වෘශ්චික ලග්නය වූ කල්හි යහපතට වඩා අයහපතින් සමාජය තුළ ප්‍රසිද්ධියක් ලබන පුද්ගලයන් බිහි කරන ලග්න විශේෂයකි. ඒ අනුව නමගිය අපරාධකාරයන්, නිල චිත්‍රපට නළු, නිළියන් බොහෝ දෙනෙක් ජන්ම ලාභය ලබා ඇත්තේ මෙකී වෘශ්චික ලග්නයෙනි.

 

මෙසේ වෘශ්චික ලග්නයෙන් අයහපත් පුද්ගලයන් ජන්ම ලාභය ලැබීමට හේතු භූත වන කාරණා කිහිපයක් ඇත. ඉන් පළමු කාරණය වන්නේ වෘශ්චික ලග්නය වූ කල්හි, විශ්ව කේන්දරය වන මේෂ ලග්නයෙහි ලෝවැස්සන් ගේ පෙර භාවයන් කරන ලද අකුසල් කර්ම නිවේදනය කෙරෙන දුෂ්ඨ භාවයක් වන 8 වැන්නට හිමිකම් කීමයි. ඒ අනුව වෘශ්චික ලග්න කේන්දරයේ පෙර භාවයන්හි කරන ලද කුසල් කර්ම නිවේදනය කෙරෙන භාවයක් වන 9 වැන්නට කටකයේ අධිපති සඳු ග්‍රහයා ලග්නයෙහි නීච වීමත්, එකී වෘශ්චික ලග්නයෙන් පෙර භාව තුනකට ඉහතදී ජන්මියා විසින් කරන ලද, වර්තමාන භාවයට බලපෑම් කරන කුසල අකුසල කර්ම නිවේදනය කෙරෙන භාවයක් වන සිවුවැන්නවූ කුම්භයේ අධිපති පාපි සෙනසුරුවීමත්, එම සෙනසුරු හතරවැන්නට සප්තවම පිහිටියාවූ භාවයක් වන 10 වැන්න වූ සිංහ රාශියේ අධිපති ජගත් ආත්මකාරක රවිට සතුරුවීම, වෘශ්චික ලග්න ජන්මීන්, ආත්ම ගරුත්වය හීන කරන හිංසාකාරි, පීඩාකාරි , විනාශකාරි, ලජ්ජා සහගත ක්‍රියාවන්හි නිරත වී ජීවත් වන ජන සමාජ තුළ අයහපතින් ප්‍රසිද්ධියක් ලැබීමට හේතු භූත වන ග්‍රහ බලයක් වන්නේය.

දෙවෙනි කාරණය වන්නේ වෘශ්චික ලග්නයේ අධිපති අඟහරු ගේ මූල ත්‍රිකෝණ රාශිය (මේෂය) නරක පුරුදු නපුරු ක්‍රියා, සොරකම, මානසික අසහනය වැනි කරුණු නිවේදනය කෙරෙන භාවයක් වන 6 වැන්නට වැටීමයි.

තෙවෙනි කළත්‍ර වන්නේ වෘශ්චිකය කීට රැසක් වීමත්, වෘශ්චික රාශියෙන් කිසිදු තාරා ග්‍රහයෙක් උච්ච හෝ මූල ත්‍රිකෝණ බලය නොලැබීමද වෘශ්චික ලග්නයෙන් අයහපත් පුද්ගලය ජන්ම ලාභය ලැබීමට හේතුවන තවත් එක් කාරණයක් වන්නේය. එසේ වුවද වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලබා රවි, සඳු යන ග්‍රහයන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක පතිතව උච්ච, මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර , මිත්‍ර යනාදි බලයකින් යුතුව ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨියෙන් හෝ සංයෝගයෙන් පෝෂිතව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති වෘශ්චික ලග්න හිමියන් සමාජය තුළ යහපත්, ගුණවත් පුද්ගලයන් ලෙස ප්‍රසිද්ධියට පත් වන්නේය. මීට උදාහරණයක් වශයෙන් වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ ජාතියේ පියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබෙන මෙරට ප්‍රථම අගමැති ඩී.ඇස්. සේනානායක, වර්තමානයේ පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් සටනේදී අප රට වෙනුවෙන් දිවි පිදූ වීර පුරන් අප්පු, වීර කැප්පෙටිපොළ යන අයවලුන් ගේ නම් ඉදිරිපත් කළ හැක.

එය එසේ වුවද පොදුවේ ගත් කල වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලබන ජන්මීන්ගේ වැඩි දෙනෙක් ජීවත් වන ජන සමාජය තුළ යහපතට වඩා අයහපතින් ප්‍රසිද්ධියට පත්වූ අයවලුන් වෙති. එමෙන්ම අන්‍ය ලග්නයකින් උපත ලැබූවත් සඳු නීචව වෘශ්චික රැසෙහි පතිතව ඇත්නම් හෝ අමාවක සඳු වෘශ්චිකයේ පතිතව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන් ජීවත් වන ජන සමාජ තුළ හොඳට වඩා නරකින් ප්‍රසිද්ධියක් ලබන අය වෙති. මීට උදාහරණයක් වශයෙන් ත්‍රස්තවාදීනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්. උතුවන්කන්දේ සූර සරදියෙල් යන අයවලුන් ගේ නම් ඉදිරිපත් කළ හැකිය.

ඒ අනුව පහත දැක්වෙන්නේ ඡ්‍යොතිෂ්‍ය ලැදි සුබසෙත පාඨකයින් ගේ අධ්‍යයනය සඳහා ඉදිරිපත් කර ඇති ජීවත්වන ජන සමාජ තුළ අයහපතින් ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයින් කිහිපිදෙනෙකුගේ කේන්දර සටහන් කිහිපයකි.

අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩින්

උපත 1957.05.13 සඳුදා වෘශ්චික නවාංශකයෙන් විසා නැකතේ 1 වන පාදයෙන් උපත ලබා ඇති හෙයින් ගුරු මහ දශාව ඉදිරියට වර්ෂ 8 යි මාස 7 යි දින 06 ක් ශේෂව ඇත.

ආඥාදායක වෙනිටෝ මුසෝලිනි

1883/07/29 දහවල් 1.58 ඉතාලියේ මිලාන් අගනුවරදී කටක නවාංශකයෙන් රෙහෙන නැකතේ තුන්වෙනි පාදයෙන් ජන්ම ලාභය ලබා ඇත. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්

1959/11/25 බ්‍රහස්පතින්දා උදේ 6-7 අතර යාපනය දිස්ත්‍රික්කයේ වැල්වැටිතුරේ දි අනුර නැකතේ ප්‍රථම පාදයෙන් උපත ලබා ඇත.

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.