2021 අවුරුදු නැකැත් පලාපල

අප්‍රේල් 9, 2021

ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් පීතර නම් යුග පංචාබ්දයෙහි පස්වන ඉද්වත්සර භේදනාමධාරි ශිව දේවතාධිපති “ඵලව“ නම් සංවත්සරය වනාහි මීන රවි 30 භාග බක්මස පුර පෑලවිය වරා දියවක නම් තිථිය මීන රවි 30 භාග බක් මස පුර පෑලවිය වරා දියවක නම් තිථිය ලත් කුජ දින මධ්‍යම උදයාදී පැය 56 විනාඩි 57 තත්පර 30 ට නොහොන් ශුද්ධ සූර්යෝදයාදී පැය 51 විනාඩි 15 තත්පර 00 හෙවත් ක්‍රි.ව. 2021 ක් වූ අපේ‍්‍රල් මස 24 වන බුධ දින ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් පූර්ව භාග 02 පසුවී ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් පූර්ව භාග 02 පසුවී මිනිත්තු 33 ට අංශක 29 කලා 44 ක් ගතව ශනි හිමි මකර ලග්නයෙන්ද, රවි හිමි සිංහ රාශ්‍යාධ¢යද,බුධ හිමි කන්‍යා දෙර්කාණාංශකයද, ශනි හිමි මකර සප්තාංශකයද බුධ හිමි කන්‍යා නවාංශකයද, ගුරු හිමි ධනු ද්වාදසාංශකයද කුජ හිමි වෘශ්චික ත්‍රිසාංසකයද යන මෙකී සප්ත වර්ගයද, ගුරු හිමි තත් කාල හෝරාවේ ශනි හිමි පංචම කාල හෝරාවද, සඳු ග්‍රහයා සිකුරු හිමි බෙරණ නැකතේ දෙවන පාදයෙන් ද පී‍්‍රති යෝගයෙන් හා කෞලව කරණය ද “කාණ” නම් මහා යෝගය ද සම්භව සූර්ය මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ආරම්භ වන මෙම වසර ඔබගේ නැකැතට අනුව මෙසේ ශුභ අශුභ ඵල අත්කර දෙනු ඇත.

 

අස්විද

අස්විද නැකැතින් උපන් ඔබගේ නැකැත් අධිපති කේතු ග්‍රහයා තම උච්ච රාශිය වන වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටියදී ආරම්භවන මෙම වසර ශුභදායක වසරක් වනවා ඇත. නැකැත් අධිපති කේතු ග්‍රහයා බුධගේ නැකැතක් වූ දෙට නැකැතේ ගමන් කිරීම නිසා අධ්‍යාපන කටයුතුවල නිරතවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවනු ඇත. හිතේ ස්ථීර ගතියක් ඇතිවන අතර යමක් ඉක්මනට කරන්නට සිතුවහොත් එසේ කිරීමටද පුළුවන.

විශේෂයෙන් ගුප්ත ශාස්ත්‍ර වැනි දෑ ඉගෙනීමට යහපත් වනුු ඇත. චර්ම රෝග හා ලේවලින් පිටවිය යුතු විෂ හරියාකාර පිට නොවීමෙන් සෑදෙන අමාරු ඇතිවීමටද ඉඩ තිබේ.

 

 

බෙරණ

සිකුරු හිමි බෙරණ නැකැතේ සඳු ග්‍රහයා ගමන් කරමින් ආරම්භවන මෙම අවුරුද්ද ඔබට මිශ්‍රඵල අත්කරදෙන වසරක් වනු ඇත. නැකැත් හිමි සිකුරු ග්‍රහයා කුජගේ රාශියක්වු මේෂ රාශියේ කේතුගේ අස්විද නැකැතේ ගමන් කිරීම මත ඕනෑවටත් වැඩිය හිතන ගතියක් ඇති අතර යම් යම් දේවල් ගැන ඕනෑවටත් වැඩියෙන් සිතීමට යාම නිසා ඔළුවේ අමාරු හට ගැනීමටද ඉඩ තිබේ. නිදහස ඕනෑවටත් වඩා ඕනෑ කරන අතර හිටි හැටියේ අදහස් වෙනස් කරන ගතියක්ද ඇත. ආලය පිළිබඳ කටයුතුවලට යහපත් වන අතර ඒවා පිළිබඳව තද හැඟීමකින් යුතුව කටයුතු කරයි . නිතර විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත කිරීමටද බලනු ඇත.

 

 

කැති

නැකැත් අධිපති රවි ග්‍රහයා සඳු හා සිකුරු සමඟ යෝගව ගමන් කිරීම නිසා මෙම කාලය උද්යෝගිමත් බවකින් යුතුව කටයුතු කිරීමට බලන කාලයක් වනු ඇත. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන අතර අයුක්තියට විරුද්ධව නිතර නැගී සිටිනු ඇත. නිදහසට පි‍්‍රය කරන අතර සංගීතය නැටුම් වැනි කලා ක්ෂේත්‍රයේ කටයුතුවලටද පි‍්‍රය කරයි. එවැනි දෑ ඉගෙන ගැනීමටද හැකි කාලයකි. තම අදහස් අනුවම කටයුතු කිරීමට ද බලනු ඇත.

ලේ විෂ වීමෙන් හෝ ලේ කුපිත වීමෙන් සෑදෙන අසනීප හමේ රෝග, ආයුධ, උපකරණ වැනි දෙයින් තුවාල පීඩා ඇති විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

 

රෙහෙණ

සඳුගේ නැකැතක් වන රෙහෙණ නැකැතේ උච්ච බලයෙන් යුතුව රාහු ග්‍රහයා ගමන් කරන අතර නැකැත් අධිපති සඳු ග්‍රහයා සිකුරුට අයත් බෙරන නැකැතේ ගමන් ගනිමින් ආරම්භ කරන මෙම අවුරුද්ද වේගවත්ව ඉදිරියට යා හැකි ගතියක් තිබෙන නිසා තමාටම මාර්ගයක් පාදා ගෙන කටයුතු කළ හැකි වනු ඇත. තමා ගැවසෙන පිරිස අතර ප්‍ර‍්‍රධානත්වයක් ගෙන කටයුතු කිරීමට හැකි වන අතර හිටි හැටියේම අදහස් වෙනස් කරන ගතියක් ද ඇතිවේ. ස්ථිර ලෙස එක පිළිවෙළකට කටයුතු කරගෙන යා හැකි ගතියක් ඇති අතර උසස් තත්ත්වයක් ලබා කටයුතු කිරීමට හැකිවේ. සෙම් අමාරු නිසා පීඩා ඇතිවනු ඇත.

 

මුවසිරස

කුජ හිමි මුවසිරස නැකැතේ උපන් ඔබගේ නැකැත් අධිපති කුජ ග්‍රහයා තමාගේම නැකැතේ ගමන් කරමින් ආරම්භ වන මෙම වසර තියුණුූ නුවණකින් යුතුව කටයුතු කරන වසරක් වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයගේ ඉගෙනීමේ කටයුතු දක්ෂ ලෙස කරගෙන යා හැකි වසරක් වන අතර විනෝදයෙන් කාලය ගත කිරීමටද කැමැත්තක් දක්වනු ඇත. ඉක්මන් වන ගතියක් පෙන්නුම් කරන අතර කරදර ගැන හිතට දුක් උපදවන යමක් සිදුවීමටද ඉඩ තිබේ. උෂ්ණ රෝග නිසා පීඩා ගෙන දෙන කාලයක්ද වනු ඇත.

 

 

අද

රාහුට අයත් අද නැකැතේ උපන් ඔබගේ නැකැත් අධිපති රාහු ග්‍රහයා තම උච්ච රාශියවූ වෘෂභයේ ගමන් කරමින් ආරම්භ වන මෙම අවුරුද්ද ස්ථිර ලෙස එන පිළිවෙළකට කටයුතු කරගෙන යා හැකි අවුරුද්දක් වනු ඇත. උසස් තත්ත්වයක් හා ප්‍රසිද්ධියක් ලැබීමට හැකිවන අතර ගෙදර දොර කටයුතු ගැනද උනන්දුවක් දක්වයි. කලබල ගතියකින් තොරව කටයුතු කරන අතර ආගම දහමටද ලැදිවනු ඇත. ලැබීමට යහපත් කාලයක් වන අතර සෙම කුපිතවීමෙන් සෑදෙන අමාරු පහසුවෙන් සෑදෙනු ඇත.

 

පුනාවස

ගුරුට හිමි පුනාවස නැකැතේ උපන් ඔබගේ ග්‍රහචාරය අනුව දාර්ශනික අතින් දියුණුවක් ලබන කාලයක් වන අතර ගුරු ග්‍රහයා කුජ හිමි දෙනට නැකැතේ ගමන් කිරීම නිසා සමාජ සේවා කටයුතුවල නිරතවීමට ද කැමැත්තක් ඇතිවේ. රැකීරක්ෂා ආදි කටයුතුවලින් උසස්විය හැකි කාලයක් වන අතර උරුම වීම් ආදියෙන් වාසි ලැබෙනු ඇත. දියුණුව තරමක් හෙමිහිට වුවත් හොඳ දියුණුවක් ලැබිය හැකි කාලයක් වන අතර තමාගේ අදහස් අනුවම කටයුතු කිරීමට බලන කාලයක් ද වනු ඇත.

 

පුෂ

ඔබගේ නැකැත් අධිපති සෙනසුරු ග්‍රහයා සඳුට අයත් සුවන නැකැතේ මකර රාශියේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව ගමන් කරමින් ඇරඹෙන මෙම අවුරුද්ද අමාරු කරදර වැඩ කටයුතු වුවත් කරගෙන යාමට හැකිවන කාලයක් වනු ඇත. ජීවිතයේ යම් දියුණුවකට පත්වීමට බොහෝ ආශාවක් දක්වන කාලයක් වන අතර දුක් කරදර ගැන නොබලා කටයුතු කරනු ඇත. පේ‍්‍රම සම්බන්ධතා වැනි දෙයට විරුද්ධකම් ගෙනදෙනු ඇත. ඇතැම් රැකියා කටයුතුවල වැඩ වැඩි තත්ත්වයක්ද පෙන්නුම් කරයි.

 

 

අස්ලිස

බුධ හිමි අස්ලිස නැකැතේ උපන් ඔබට මෙම කාලය ශුභඵල මෙන්ම අශුභඵල ද අත්කර දෙන කාලයක් වනු අතර බුධ ග්‍රහයා තමාගේම නැකැතක් වූ රේවතී නැකැතේ ගමන් ගැනීම නිසා අධ්‍යාපන කටයුතුවල නිරතවන දරුවන් ගේ කටයුතුවල දියුණු තත්ත්වයක් ඇතිවනු ඇත. වැඩ කටයුතු දක්ෂ ලෙස කරගෙන යාමට හැකි කාලයක් වන අතර කලබල නොවී තැන්පත් ගතියකින් යුතුව කටයුතු කර ගෙන යනු ඇත. ස්නායු හෝ නහර පිළිබඳ පීඩා කොන්දේ අමාරු, කකුල්වල ආමාරු නිසා පීඩා ගෙන දෙන කාලයක් ද වනු ඇත.

 

මා

කේතු හිමි මා නැකැතේ උපන් ඔබට මෙම කාලය යහපත් කාලයක් වන අතර අධ්‍යාපන කටයුතුවල නියැළෙන දුවා දරුවන්ගේ එම කටයුතු සාර්ථකව කරගෙන යාමට ද හැකි වනු ඇත. රැකියාවල නියැලෙන අයට රැකියා කටයුතුවල වැඩි වැඩ තත්ත්වයක ඇතිවන අතර නිදහස අඩුවනු ඇත. ඥානාන්විතව කටයුතු කිරීමට හැකිවන කාලයක් වුවත් කම්මැලි අලස ගතියක්ද ඇතිවනු ඇත. තමාගේ කටයුතුවලට රහසේ විරුද්ධකම් කරන අය පවා ඇති වන කාලයක් බැවින් ඕනෑම අයකු ගැන ඕනෑවටත් වඩා විශ්වාසයක් තබාගෙන කටයුතු නොකළ යුතු වනු ඇත.

 

පුවපල්

සිකුරු හිමි පුවපල් නැකැතින් ඉපදී ඇති ඔබගේ නැකැත් අධිපති සිකුරු ග්‍රහයා කේතුට අයත් අස්විද නැකැතේ ගමන් කරමින් ආරම්භ වන මෙම අවුරුද්ද ලොකු හොඳක් හෝ ලොකු නරකක් ගෙන දෙන වසරක් නොවනු ඇත. ප්‍රසිද්ධියක් හෝ නම්බුවක් ලබා ගැනීමට අමාරු වැඩක වුවත් නිරත වීමට භය සැක නැතිව ඉදිරිපත් වනු ඇත. විවාහ කටයුතුවලට යහපත් කාලයකි.

 

උත්‍රපල්

නැකැත් හිමි රවි ග්‍රහයා තම උච්ච රාශියද මේෂයේ කේතු හිමි අස්විද නැකැතේ ගමන් කරමින් ආරම්භවන මෙම වසර යහපත් වසරක් වන අතර රැකියා ලැබීම්වලට මෙන්ම රැකියා උසස්වීම් වලට ද යහපත් කාලයක් වනු ඇත. උසස් අයගේ ආධාර උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවන කාලයක් වන අතර ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමටද පෙලඹෙනු ඇත. තරමක හිතුවක්කාර ගතියකින් යුතුව කටයුතු කරන කාලයකි. උෂ්ණ රෝග නිසා වරින්වර පීඩා ගෙන දෙනු ඇත.

 

 

 හත

සඳුට හිමි හත නැකැතේ උපන් ඔබගේ සඳු ග්‍රහයා මේෂ රාශියේ ගමන් කරමින් ආරම්භ වන මෙම අවුරුද්ද ප්‍රධානත්වයක් ලබාගෙන කටයුතු කරගෙන යා හැකි වසරක් වනු ඇත. ලොකු පිරිසක් ඉදිරියේ වුවත් ස්වභාවික ලෙස කටයුතු කරගෙන යා හැකි අතර හිසේ චංචල බවක් මෙන්ම නොසන්සුන් බවක් ද ඇතිවනු ඇත. මව්පිය වැඩිහිටියන් සමඟ කරන කටයුතුවලද විරුද්ධවාදීකම් ඇතිවීමට ඉඩ ඇති අතර මතභේදාත්මක සිදුවීම්වලටද මුහුණ දීමට සිදුවනු ඇත. පීනස වැනි උෂ්ණ අමාරු, ඔළුවේ අමාරු වැනි දෙයින් පීඩා ඇති වීමටද ඉඩ තිබේ.

 

සිත

නැකැත් අධිපති කුජ, ග්‍රහයා තම නැකැත සතුරු රාශියක් වූ මිථුනයේ ගමන් කරමින් ආරම්භ වන මෙම අවුරුද්ද ශුභාශුභ මිශ්‍රව ඇතිකරන කාලයක් වනු ඇත. ගණිත ක්ෂේත්‍රය, නීති ක්ෂේත්‍රය වැනි අංශවල යෙදෙන අයට යහපත් වන අතර, ගෙදරදොර කටයුතු පිළිබඳව යම් යම් කරදර ඇතිවීමට හෝ ස්ථාන වෙනසක් ඇතිවීමට හෝ කරුණු යෙදෙනු ඇත. රැකියා කටයුතු වලට යහපත් වන අතර ධනය ලැබීම යහපත් වුවත් වියදම් අධික කාලයක් වනු ඇත.

 

සා

සා නැකැතින් උපන් ඔබගේ නැකැත් අධිපති රාහු ග්‍රහයා තම උච්ච රාශියේ, ගමන් කිරීම මත යහපත් කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති බොහෝ කටයුතු බාධාවකින් තොරව ඉටුකර ගැනීමටද හැකිවනු ඇත. ආදායම් තත්ත්වයේ යම් වෙනසක් ඇතිවන අතර තම අදහස් අනුව කටයුතු කිරීමට යාම නිසා කරදර ඇතිවීමටද ඉඩ ඇති බැවින් කරන කියන කටයුතුවලදි හොඳින් හිතාබලා නිවැරදි තීන්දු තීරණ ගෙන කටයුතු කිරීම යහපත් වනු ඇත. වරින්වර බඩේ අමාරු, මූත්‍රා අමාරු වැනි දෙයින් පීඩා ඇතිවන අතර ගමන් බිමන් අධික කාලයක් ද වනු ඇත.

 

 

විසා

ගුරු හිමි විසා නැකැතින් උපන් ඔබගේ නැකැත් හිමි, ගුරු ග්‍රහයා ශනිට හිමි කුම්භ රාශියේ කුජගේ නැකැතක ගමන් කිරීම එතරම් යහපත් නොවන අතර තම කටයුතුවලට වරින්වර බාධා ගෙන දෙන අතර උත්සාහයෙන්, යුතුවම කටයුතු කළ යුතු කාලයක් වනු ඇත. බලාපොරොත්තු කඩවන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන අයගේ එම කටයුතුවලට බාධා ගෙන දෙන අතර ධාරණ ශක්තියද අඩුව යනු ඇත. හදිසි වැටීම් හේතුවෙන් උපද්‍රව ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අනුර

නැකැත් අධිපති සෙනසුරු ග්‍රහයා සඳුගේ නැකැතක් වු සුවන රාශියේ ගමන් කිරීම මත යහපත් කාලයක් වන අතර තරමක ආත්මාර්ථකාමි ගතියකින් යුතුව කටයුතු කරන කාලයක් ද වනු ඇත. ලෞකික දේ කෙරෙහි වැඩි කැමැත්තක් ඇතිව කටයුතු කරන අතර හම්බ කිරීමට ද දක්ෂයකු වනු ඇත. හිතේ නොසන්සුන් බවකින් යුතුව කටයුතු කරන අතර හැම දෙයක්ම තමාගේ වාසිය පිණිසම හරවා ගෙන කටයුතු කරනු ඇත. ඇසුරට නුසුදුසු අය සමඟ පවා ඇසුරට යාමෙන් කරදර ඇතිවන අතර දේපළ ලැබීමට යහපත් කාලයක් ද වේ.

 

දෙට

බුධට හිමි දෙට නැකැතින් උපන් ඔබගේ ලග්නාධිපතිවූ බුධ ග්‍රහයා තමාගේම නැකැතක් වූ රේවතී නැකැතේ ගමන් කරමින් ආරම්භ වන මෙම අවුරුද්ද යහපත් වන අතර වුවමනා තැනදී වුවමනා ආකාරයට හිත යොදා කටයුතු කිරීමට හැකිවනු ඇත. දුරදිග හිත බලා කටයුතු කිරීමට පෙළඹෙන අතර ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට ඒවා කරගෙන යාමට ඉඩකඩ ලැබෙනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විදෙස් අධ්‍යාපනයට ද යහපත් වන අතර තම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උසස් අයගෙන් ආධාර උපකාර ද ලැබෙනු ඇත.

 

මුල

නැකැත් අධිපති කේතු ග්‍රහයා තම උච්ච රාශි ගතව ගමන් කරන මෙම අවුරුද්ද පුරාවටම ඔබගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබෙනු ඇත. ආගම දහම කෙරෙහි වුවත් ලැදි බවකින් යුතුව කටයුතු කරන අතර ආදායම් තත්ත්වය ද යහපත් වේ. ඉඩකඩම් දේපළ වැනි නිශ්චල දේපළ ලැබීමට යහපත් කාලයක් වන අතර ගෙදරදොර කටයුතුවල වුවත් දියුණුවක් දක්නට ලැබෙනු ඇත.

 

පුවසල

සිකුරු හිමි පුවසල නැකැතේ උපන් ඔබගේ උප්පත්ති ග්‍රහචාරය අනුව උදාවූ මෙම අවුරුද්ද ලෞකික ආශාවන් බහුල අවුරුද්දක් වනු ඇත. විනෝදයට පි‍්‍රයකරන කාලයක් වන අතර නිකරුනේ පලක් නැති ගමන් බිමන් ද යෙදෙනු ඇත. වැඩක් නොමැති දෙයට පවා හිත යොමුකර කටයුතු කරන අතර වරකදී කම්මැලි අලස ගතියක් ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට බලන කාලයක් වන අතර සෙම් අමාරු නිසා පීඩා ඇතිවන කාලයක් ද වනු ඇත.

 

උත්‍රසල

රවි ග්‍රහයා ගේ නැකැතක් වන උත්‍රසල නැකැතින් උපන් ඔබගේ උප්පත්ති ග්‍රහචාරය අනුව සඳු හා සිකුරු යෝගව රවි ග්‍රහයා මේෂ රාශියේ ගමන් කිරීම යහපත් වන අතර ආත්ම විශ්වාසය ඇතිව කටයුතු කරන කාලයක් වනු ඇත. තරමක ආඩම්බර ගතියකින් යුතුව කටයුතු කරන කාලයක් වන අතර ඇසුරු කරන පිරිස අතර ප්‍රධානත්වයක් ලබා කටයුතු කිරීමටද හැකිවනු ඇත. රැකියාකටයුතු වලට ද යහපත් වන අතර නව ආදායම් මාර්ග කෙරෙහි හිත යොමු කර කටයුතු කිරීමටද පුළුවන. ජීවිතයේ යම් දියුණු තත්වයක් ඇතිවන කාලයකි.

 

සුවණ

සඳු හිමි සුවණ නැකැතේ උපන් ඔබට මෙම අවුරුද්ද ශුභඵල මෙන්ම අශුභ ඵල ද අත්කර දෙන වසරක් වනු ඇත. තරමක හිතුවක්කාර ගතියකින් යුතුව කටයුතු කරන අතර නිතර බලන්නේ තමාගේ නිදහස ගැන වනු ඇත. ප්‍රධානත්වය ලබා කටයුතු කිරීමට ආශාවක් දක්වන අතර ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. අන් අයට පැහැදිලිව නොපෙනෙන මාර්ගවලින් ද ආදායම් ලැබිය හැකි අතර උෂ්ණ රෝග, මෙන්ම ඇස්වල අමාරු ඔළුවේ අමාරු නිසා පීඩා ඇතිවීමට ද ඉඩ ඇත.

 

දෙනට

කුජට අයත් දෙනට නැකැතින් උපන් ඔබගේ නැකැත් අධිපති කුජ ග්‍රහයා තම සතුරු රාශියක් වූ මිථුනයේ ගමන් කිරීම නිසා තියුණු නුවණකින් යුතුව කටයුතු කරන අතර තමා නොකළ වැරදි වලට නිකරුනේ චෝදනා ඇසීමට ද සිදුවන කාලයක් වනු ඇත. පේ‍්‍රම සම්බන්ධතාවලට පවා හිත යොමුවන කාලයක් වන අතර ගෙදරදොර කටයුතුවලටද බාධා ගෙන දෙනු ඇත. කඩිසර ක්‍රියාශීලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්විදීමට හැකි වන කාලයක් බැවින් උත්සාහවන්තව කටයුතු කර තම අරමුණු කරා ගමන් කිරීම යහපත් වනු ඇත.

 

සියාවස

රාහු ග්‍රහයාගේ නැකැතක් වූ සියාවස නැකැතින් උපන් ඔබගේ නැකැත් අධිපති රාහු ග්‍රහයා තම උච්ච රාශියේ ගමන් කරමින් සිටියදී ආරම්භ වන මෙම වසර තම සිතැඟි අනුව අදහස් ඉටුකර ගැනීමට හැකිවන වසරක් වනු ඇත. නිතර ගමන් බිමන් යෙදෙන අතර එම ගමන්වලින් බලාපොරොත්තු නොවූ ප්‍රයෝජන ලැබීමට හැකිවනු ඇත. ආදායම් තත්ත්වය ද යහපත් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබාගත හැකි කාලයක් ද වනු ඇත.

මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති බොහෝ කටයුතු ඉටුකර ගැනීමට හැකිවන අතර හමේ රෝග හම දුර්වර්ණ වීම්, ලේ විෂ වීමෙන් ඇතිවන පීඩා ඇතිවීමට ද ඉඩ ඇත.

 

පුවපුටුප

ගුරුගේ නැකැතක් වූ පුවපුටුප නැකැතින් ඉපදී ඇති ඔබගේ උප්පත්ති ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම්වලට අනුව සමාජසේවා කටයුතුවල නිරතවීමට ආශාවක් ඇතිවන අතර සමාජයයෙහි “ගෞරවයට පාත්‍රවිය හැකි කාලයක්ද වනු අත. ආගමික භක්තියක් ඇතිව කටයුතු කරන අතර අසරණ අයට පිහිට වන්නේ තද ආශාවකින් යුතුව වනු ඇත. වරකදී හුදකලාව තමාගේ පාඩුවේ කටයුතු කිරීමට බලන අතර වියදම් අධික කාලයක් ද වනු ඇත. පේ‍්‍රම සම්බන්ධතා විවාහ කටයුතු වැනි දෙයට යහපත් වන අතර පවුලේ සංඛ්‍යාව වැඩිවන කාලයකි.

 

උත්‍රපුටුප

සෙනසුරුට හිමි උත්‍රපුටුප නැකැතින් ඉපදී ඇති ඔබගේ ග්‍රහචාරය අනුව මෙම වසර එතරම් යහපත් ප්‍රතිඵලයක් අත්කර දෙන වසරක් නොවනු ඇත. සුළු දෙයට පවා ඉක්මන් කේන්ති යන ගතියක් ඇතිවන අතර පැවති උනන්දුව, උද්යෝගය අඩුව යනු ඇත. තරමක ආත්මාර්ථතකාමී ගතියකින් යුතුව කටයුතු කරන කාලයක් වන අතර තමා නොකළ වැරදිවලට පවා නිකරුනේ චෝදනා ඇසීමට සිදුවනු ඇත. හදිසි අනතුරුවලින් බොහෝ ප්‍රවේශම් විය යුතු කාලයකි.

 

රේවතී

බුධ හිමි රේවතී නැකැතේ ඉපදී ඇති ඔබගේ නැකැත් හිමි බුධ ග්‍රහයා ද මෙම අවුරුද්ද ලබන මොහොතේ තමාගේම නැකැතක් වූ රේවතී නැකැතේ ගමන් කිරීම ඉතාම යහපත් වනු ඇත. බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුකර ගැනීමට හැකිවන කාලයක් වන අතර හිතේ පී‍්‍රතිමත් බවකින් යුතුව කටයුතු කරන කාලයක් ද වනු ඇත. ලැබීමට ඉතා යහපත් කාලයක් වන අතර ඉතුරු කිරීමටද යහපත් වේ.

අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට යම් දියුණුවක් ඇතිවන අතර තරග විභාග වැනි දෙයින් උසස් ප්‍රතිඵලයක් ලැබීමට ද හැකිවේ. රැකීරක්ෂා කටයුතුවල ද යම් දියුණුවක් ඇතිවනු ඇත.

 

ජ්‍යෙතිෂ රත්නාකර

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.