සූර්ය දිව්‍යරාජ තෙම කුජ හිමි මේෂ රාශියට ජනතාවට සහන

මාර්තු 26, 2021

2021.04.13 වෙනි කුජ දින පැය 50.57 න් මේෂ රාශි ගතවන රවි ග්‍රහයා 21 මැයි 14 මධ්‍යම රාත්‍රි වනතෙක් එහි ගමන් කරනු ඇත. ‘අස්විද, බෙරණ, කැති පෙදගන්න එළු රැස’ කීවාසේ කේතු හිමි අස්විද නැකත සිකුරු හිමි බෙරණ නැකත හා රවි හිමි කැති නැකතේ ප්‍රථම පාදය යන නැකත් පාද 09 තුළ රවිගේ ගමන සිදුවන අතර, සංක්‍රමණ අවස්ථාවේ පවතින තත්කාල ග්‍රහ තත්ත්වය අනුව මකර ලග්නයේ සෙනසුරු ද දෙවැන්න කුම්භ රාශියෙහි නැප්චූන් සමඟ ගුරු ග්‍රහයා ද, තුන් වැන්නේ බුධ ද හතර වැන්නේ රවි, චන්ද්‍ර, සිකුරු හා යුරේනස් ද පස් වැන්නේ රාහු ද හය වැන්න වූ මිථුනයේ කුජ ද 11 වැන්නේ කේතු ද සිටී. සෙනසුරු ලග්නයට අශුභ වුවත් බලවත්ව සිටින බැවින් කම්කරු ජනතාවට ශුභපල ලබාදෙන ග්‍රහ චාරයක් විද්‍යාමාන වේ.

ගුරු ග්‍රහයා දෙවැන්නේ බැවින් මහා භාණ්ඩාගාරය හිස් නොවන බවක් දක්නට ඇත. ධන, ධාන්‍ය සශ්‍රීකත්වයෙන් ගොවි ජනතාවට ද ආකර්ශනීය වෙනසක් සිදුවේ. ඔවුන්ට සෙත සැලසේ. අභිමතාර්ථ සපල වේ. මුදල් වංචා කරන හා කළ අයට නීතියෙන් ගැළවීමක් නැත.

 

කේ.එච්. ධනපාල, වැලිගම

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.