චන්ද්‍ර ශනි - ගුරු චන්ද්‍ර චතුර්කෝණ දෘෂ්ටිය, කුජ ශනි - සිකුරු ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය, ගුරු ශනි සහ අර්ධ කාල සර්ප යෝගය පෙර දැරිව ඤාණකාරක බුධ, නැප්චූන් සටනෙන් / සෞරග්‍රහමණ්ඩලය ගිනි ගනී

මාර්තු 26, 2021

උත්තරායන වසන්ත සෘතුවෙහි මීන, රවි 18 භාග මැදින් මහේ අව දියවක තිථිය ලත් මාර්තු 30 වෙනි කුජ දින පෙරවරු 08.35 ට ඤාණකාරක වෛශ්‍ය වංශික බුධ ග්‍රහයා පෙරළිකාර නැප්චූන් ග්‍රහයා සමඟ සටන් වදිනු ඇත.

 

අඟහරු සමව 02 වැන්න වූ ධනස්ථානගතව ද බුධ ග්‍රහයා සෙනසුරුගෙන් දැඩි පීඩාකාරී බවට ගොදුරු වී මාන්දි ග්‍රහයා බවට 03 වැන්න වූ වික්‍රමස්ථානගතවීමද සිවුවැන්නෙහි චන්ද්‍රයා 22 වෙනි මාරක දෙර්කාණාධිපති ලෙස 07 වැන්නෙහි සමවද උච්ච කේතු 08 වැන්න වූ මෘත්‍යුස්ථානගතවද ස්වක්ෂේත්‍ර සෙනසුරු බාධක ග්‍රහයා ලෙසටද නීච වූ සුරගුරු නොහොත් බ්‍රහස්පති සතුරු වූ ප්ලුටෝ සමඟ 10 වැන්න වූ කර්ම ස්ථානගතවද නැප්චූන් බුධ සමව 11 වැන්න වූ අයස්ථානගතවද උච්ච සිකුරු රවි මිත්‍රශීලීව 12 වැන්න වූ වැය ස්ථාන ගතව ද යෙදී අර්ධකාල සර්පයෝග බලැතිව විශ්වය දෙදරණ විෂමාචාර ග්‍රහචාරයකින් බුධ - නැප්චූන් සටන් වැදී නැප්චූන්ගේ විජයග්‍රහණය නිර්මාණය වූයේ ය. සියලු ග්‍රහයෝ ස්වකීයන් වටා භ්‍රමණය වෙන අතර සූර්යයා වටේ ද භ්‍රමණය කෙරෙයි. ග්‍රහ යුද්ධයක්, සටනක් යන්නෙන් කිරණධාරාවන් අතර වෙනසක හුවා දැක්වීමකි. යම්බදු ග්‍රහයන් දෙදෙනෙකු එකම දිනයක අවස්ථාවක එකම රාශියක එකම අංශයක පිහිටීම පදනම් කොට එක් ග්‍රහයෙකුගේ කිරණරශ්මිධාරා ආවරණය වී යාම හේතු සාධකව පෘථිවිය මත විහිදී යන්නේ කෙබඳු ග්‍රහයාගේ කිරණ ද එබඳු ග්‍රහයා විජයග්‍රහණයට පාත්‍ර වෙන බැව් සෘෂිවරු ප්‍රකාශනය කොට ඇත්තෙකි. මෙබඳු සටනකින් විශ්වය පුරා ජීවී,අජීවි වස්තූන් වෙත පරාවර්තනය වෙන රිද්මය හිතකර නොවන සුළුවෙයි. ග්‍රහ විශ්ලේෂණය මෙසේ සඳහන් කළ හැක.

නෙප්චූන් විෂ වර්ග (වයිරස්) මිහිතලයට එල්ල කෙරෙයි. අභිරහස් කුමන්ත්‍රණ මතු කරයි. නොසංසුන් වූ සමාජ රටාවකට තුඩු දෙයි. නීති බලතල දෙගුණ කෙරෙයි. මහා ව්‍යාපෘති සංවර්ධන රැල්ලක් මතුකර දමයි. රෝහල්, ජල විදුලි ගෑස් කර්මාන්ත ආහාර නිෂ්පාදන දියුණුව පිණිස ක්‍රියාකාරී වෙයි. එනම් පීඩිත පන්තිය කෙරෙහි ද අවධානය පහළ වීමෙකි. සුළි සුළං, ජල ගැලීම්, නාය යෑම්, කඳු හෙල් කඩා වැටීම් ආදී ශෝචනීය පසුබිමකට නැප්චූන්ගේ විජයග්‍රහණය පිළිබිඹු කෙරෙනු ඇත.

කාමාතුර අධි ලිංගික අතෘප්තිකර අමානුෂික මානසිකත්වය මත වනිතා පක්ෂයට දැඩි හිංසා පීඩාකාරි බවකට නිර්මාණය කෙරෙන පසුබිමකි.

 

කොත්මලේ - විජිත ඩී. ලියනආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.