රාජ්‍ය කාරක රවි සිංහ රාශියට පාරිසරික විපත් බහුල වේ

අගෝස්තු 16, 2019

ග්‍රහ මඩුල්ලේ ප්‍රධානී සිංහ රැසෙහි අදිපති රාජ්‍ය කාරක රවි තම මුල ත්‍රිකෝණ රාශිය වූ සිංහ රාශිගත වීම 2019 අගෝස්තු මස 17 වෙනි ශනි දින සිංහල පැය 17 විනාඩි 07 න් සිදුවේ. මෙදින සිට 2019 සැප්තැම්බර් 16 දින තෙක් එහි ගමන් කරන රවි, මා, පුවපල්, තුරුපල් පෙද සිංහ, රැස, කීවාසේ කේතු හිමි මා නැකත හා සිකුරු හිමි පුවපල් නැකත් දෙක සම්පූර්ණව සහ රවි හිමි උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයට හහසුවන ප්‍රදේශ පසු කරනු ලබයි.

රවි මෙසේ සිංහ රැසට පැමිණ ගමන් කරන කාලය තුළ අගෝස්තු 26 දින බුධ සිංහ රාශිගතවන අතර සැප්. 10 වෙනි දින සිකුරු කන්‍යා රැසට පැමිණ නීච භාවය ලබයි. රවි සිංහ රාශිගතවන අවස්ථාවේ පවත්නා ග්‍රහ පිහිටීම් අනුව කුජ හිමි වෘශ්චික රාශිය තත්කාල ලග්නය ලෙස පවත්නා අතර වක්‍ර ගුරු ලග්නයේ මෙතෙක් ගමන් කරමින් සිට පසුගිය අගෝස්තු 11 දින නිවෘත භාවයට පත්විය. දෙවැන්නේ ගුරු හිමි ධනු රැසෙහි වක්‍ර ශනි, කේතු සමග ගමන් ගනී.

සිව්වැන්නේ සඳු දිග්බලව ගමන් කරන අතර වක්‍ර නෙප්චූන්ද එහිම ගමන් කරයි. වක්‍ර යුරේනස් 06 වැන්නේ ද, රාහු අට වැන්නේ ද, බුධ නව වැන්නේ ද, රවි, කුජ, සිකුරු තිදෙනා දහ වැන්න වූ කර්මස්ථානගතව ගමන් ගනී. තත්කාල වේලාවේ රාහු හිමි සියාවස නැකතේ සිව්වන පාදය ද ගෙවෙමින් තිබේ. මෙම ග්‍රහ පිහිටීම් දෙස බලන විට යහපත් ග්‍රහ ගෝචරයක් නොපෙනේ. එකම සුබ පිහිටීම නම් දහ වැන්නාධිපති රවි එහිම පිහිටීම පමණි.

ගුරු ලග්නයේ දිග් බලයෙන් යුතුව සිටියත් අධිකරණ කටයුතුවලට අනිසි බලපෑම් ඇතිවන බවක් විද්‍යාමාන වේ. දැඩි මහජන විරෝධතා, උද්ඝෝෂණ, වර්ජන, ගර්ජන, තර්ජන එල්ලවීමත් පෙන්වන අතරම ආර්ථික තත්ත්වය ගොඩගැනීමට අපොහොසත් වීමත්, මේ නිසා රාජ්‍ය අංශයටද සංස්ථා අධිකාරී අංශවලටද එය තදින් බලපාන බව පෙනේ. තවද පාරිසරික විපත් බහුල වේ. හදිසි අනතුරු නාවික විපත්ද, වෙළහෙළ දාම් අඩපණ වීම්ද රාජකීය යන්ට රෝග, මාරකාදී විපත් ද සතුරු උපද්‍රව, වංචා දූෂණ බහුලවීමද සිදුවේ. ආරක්ෂක කටයුතු මීට වඩා සීරුවෙන් තැබීමටද කාලය පැමිණ ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.