ඇණවුම් පිරිතේ හාස්කම්

මාර්තු 15, 2024

 

මේ බලසම්පන්න ඇනවුම් සූත්‍ර දේශනාව අති ප්‍රබල ගුරුකම් රාශියක් සිදුකර ගත හැකි තෙරුවන් ගුණ ඇතුළත් මහා මන්ත්‍රයක් වැනිය.

මෙය මහානුභාව සම්පන්න දෙවිවරුන්ට කරනු ලබන විධානයක්ය. ජීවිතයකට ඇතිවන සෑම උවදුරක්ම මේ උතුම් සූත්‍රය තුළ ඇතුළත්ය එම සියලු උවදුරු තෙරුවන් බලෙන් දුරුවී සියලු දෙවිවරු ආරක්ෂාව සලසත්වා යනු ඇනවුම් පිරිතේ ඇති විධානයයි. මෙහි ඇතැම් ගාථාවල අක්ෂර ආකාර පොදුවේ දක්නට ලැබෙන අයුරින් වෙනස්ව පවතී.

මහා බෝසතුන් පිරූ දස පාරමිතා , දස උප පාරමිතා , දස පරමත්ථ පාරමිතා යන තිස් ආකාරයකට පාරමිතාවන් සත්‍යක්‍රියා කොට ආශිර්වාද කිරීම මේ පිරිතේ ඇතිඋතුම්ම අදහසයි මුළු මහත් විශ්වය පුරා පැතිර පවතින අනන්ත තෙරුවන් ගුණ බන්ධවා ඇති මෙම උතුම් ඇණවුම් පිරිත යහපත් ප්‍රතිපත්තියක පිහිටා උදේ සවස භාවිත කිරීම ඉමහත් ගුණ ලබාදෙන්නකි. මේ පිරිතේ ගාථා රත්නයන් වෙන වෙනම යොදා සිදුකර ගත හැකි ගුරුකම් රාශියක් පහත පරිදි වේ. මේවා අත්දුටු ගුරුකම්ය.

ඇනවුම් පිරිත

යේ සන්තා සන්තචිත්තා තිසරණ

සරණා එත්ථ ලෝකන්තරේ වා

භුම්මා භුම්මා ච දේවා ගුණගණ

ගහණ බ්‍යාවටා සබ්බකාලං

මේ ගාථාවෙන් තල තෙල්වලට 108 වර මතුරා වේදනා ඇති තැන්වල ගානු. බඩරුජා හා වෙනත් රුජා භංග වේ.

ඒතේ ආයන්තු දේවා වරකණකමයේ

මේරු රාජේ වසන්තො සන්තෝ

සන්තෝස හේතුං මුනිවර වචනං

සෝතු මග්ගං සමග්ගා

මේ ගාථාවෙන් හුනුවලට 21 වර මතුරා පපුවේ ගානු. වමනේ නවතී.

සබ්බේසු චක්ක වාලේසු යක්ඛා

දේවා ච බ්‍රහ්මුනෝ යං අම්මේහි

කතං පුඤ්ඤං

සබ්බ සම්පත්ති සාධකං

මෙම ගාථාවෙන් පිරිසිදු තෙලට 108 වර මතුරා හිස ගානු. තද හිසරුජා නැති වේ.

සබ්බේ තං අනුමෝදිත්වා

සමග්ගා සාසනේ රතා

පමාදරහිතා හොන්තු

ආරක්ඛාසු විසේසතෝ

මෙයින් 108 වර මතුරා බරපතළ ගෙඩි වලට සිද්ධාර්ථ තෙල් ගානු. වේදනාව නවතී.

සාසනස්ස ච ලෝකස්ස

වුද්ධී භවතු සබ්බදා

සාසනම්පි ච ලෝකඤ්ච

දේවා රක්ඛන්තු සබ්බදා

මේ ගාථාව 108 වර නූලට මතුරා ඉනේ බඳීනු. දෙවියෝ ආරක්ෂා කරත්. ගර්භනී අයට පැන් මතුරා පොවනු. දරුවෝ ඉතා පහසුවෙන් බිහිවෙත්.

සද්ධිං හොත්තු සුඛී සබ්බේ

පරිවාරේහි අත්තනෝ

අනීඝා සුමනා හොන්තු

සහ සබ්බේහි ඤතිභී

මෙයින් ඇම්මට උළුක්කුවට 108 වර තල තෙල්වලට මතුරා ගානු. සුව වේ. සත්තයි.

රාජතෝ වා, චෝරතෝ වා,

මනුස්සතෝ වා, අමනුස්සතෝ වා,

අග්ගිතෝ වා, උදකතෝ වා,

පිසාචතෝ වා, ඛාණුකතෝ වා,

කණ්ඨකතෝ වා, නක්ඛත්තතෝවා,

ජනපදරෝගතෝ වා

යන මේ ගාථා ඛණ්ඩය සිතට භයක් චකිතයක් උපන් කල්හි සිහි කරනු. භය දුරු වේ.

අසද්ධම්මතෝවා, අසන්දිට්ඨිතෝවා, අසප්පුරිසතෝවා, චණ්ඩ හස්ථි, අස්ස, මිග, ගෝණ, කුක්කුර, අහි විච්ඡික මණි සප්ප දීපි

මේ වැකිය සියලු සතුන්ගෙන් භයක් පැමිනි විට සිහි කරනු. භය දුරුවේ. ඔවුන්ගෙන් ආරක්ෂා වේ.

අච්ඡ, තරච්ඡ, සූකර, මහීස, යක්ඛ, රක්ඛසාදීනී නානා භයතෝවා, නානා රෝගතෝවා, නානා උපද්දවතෝවා, ආරක්ඛං ගහන්තු.

මේ වැකිය සිහිනෙන් භය වෙනවාට, විකාර සිහින පෙනෙනවාට, සිහිනෙන් ඇවිදිනවාට, නිති සිහි කරනු. සියලුම ආරක්ෂාවලට පුස්කොළ කැබැල්ලක ලියා 1000 වර පිරිත් කොට ඉණ බඳීනු. ගුණ ලැබීම ස්ථිරයි.

පණිධානතො පට්ඨාය තථාගතස්ස දස පාරමීයෝ දස උප පාරමීයෝ දස පරමත්ථ පාරමීයෝ.

ඇඟේ පතේ ඇතිවන සියලුම රිද්දුම් කැක්කුම් ඇති තැන්වලට තෙල් මතුරා ගානු.

පඤ්චමහා පරිච්චාගේ තිස්සෝ

චරියා පච්ඡිම භවේ ගබ්භා වක්කන්ති ජාතිං

අභිනික්ඛමණං පධාන චරියං බෝධි පල්ලංකං

මාර විජයං සබ්බඤ්ඤුත ඤාණ පටිවේධං

නවලෝකුත්තර ධම්මේති සබ්බේපි මේ බුද්ධ ගුණේ

අවජ්ජිත්වා වේසාලියං තීසු පාකාරන්තරේසු

තියාමරත්තිං පරිත්තං කරොන්තෝ ආයස්මා

ආනන්ද ථේරෝ විය කාරුඤ්ඤ

චිත්තං උපට්ඨපෙත්වා.

 

යන මේ පාඨයෙන් සියලුම අණ විණ හදි හූනියම් යක්ෂ දෝෂ අජීර්ණ ආදී උපද්‍රවවලට අලුත් ලිඳකින් පැන් පෙරා ගෙන 108 වර පිරිත් කොට බොන්ට දෙනු. උපද්‍රව සියල්ල නැති භංග වේ.

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.