වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අර්ධ සූර්යග්‍රහණය අප රටට කෙසේ බලපාවිද?
ඔක්තෝබර් 21, 2022
සූර්ය ග්‍රහණයක දී තත්කාල කේන්ද්‍රය යොදා ගත යුතු වන්නේ අමාවක පොහොය ලබන වෙලාවටයි. මේ අනුව 24 දින සවස් යාමයේ එකී වේලාවට මීන ලග්නයත්, වර්ගෝත්තම මීන නවාංශකයක් උදාව පවතී. තත්කාල කේන්ද්‍රයේ ගුරු ලග්නගතව යුරේනස් දෙවැන්නේ ද කුජ හතර වැන්නේ ද සත් වැන්නේ බුධ ද අටවැන්නේ රවි, චන්ද්‍ර, සිකුරු ද එකොළොස් වැන්නේ සෙනසුරු සහ දොළොස්වැන්නේ නෙප්චූන් ද සිටියි. මෙහි ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගත් කළ රටට සහ රට කරවන අයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. විරුද්ධ පාර්ශ්වයන් ගේ වාද විවාදවලට ලක් වේ. විදේශ මැදිහත්වීමෙන් මූල්‍යමය තත්ත්වයන් ඉහළ නැංවී අපේක්ෂිත ආර්ථික කළමනාකරණය සමඟින්ම මුදල් හා සම්බන්ධ ගිවිසුම් ඇතිකර ගනී. විවිධ අංශ මඟින් මහ බැංකුව පොහොසත් වෙයි. රජය විවේචනය කිරීම අඩුවක් නොවන නමුත් පරිසර විපත් වැඩිවේ. මාර්ග අනතුරු හේතුවෙන් මගී ජීවිතවලට හානි. මුදල් අවභාවිතා කරන අයට නීතිමය පියවර. සොර සතුරු උපද්‍රව වැඩි වෙන අතරම එවැනි අය නීතියේ රැහැනට. ප්‍රභූ මරණ ගැන අසන්නට ලැබේ. නාවික හා පතල් ආශ්රිත සේවා නියුක්ත අයට විපත්. කාර්මික ජීවන තත්වයන්ට පැමිණීමෙන් විපත් අවම කරගන්න.
-----------------
මහරගම ‘අපේක්ෂා රෝහලේ’ ළමා වාට්ටුවට වටිනා ඖෂධ සහ ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක්
‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී 1 ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වටිනා ඖෂධ තොගයක් සහ ක්‍රීඩා භාණ්ඩ රැසක් මහරගම ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මැතිතුමා වෙත භාර දුන් අවස්ථාවයි මේ.
සත්වන වරටත් ‘ලෝක ළමා දිනයේදී’ මහරගම ‘අපේක්ෂා රෝහලේ’ පැවති මෙම උත්සවය සඳහා සිංහ සමාජයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මහත්ම මහත්මීහු සහ සිසුහු රැසක් සහභාගි වූහ. මෙහි වමේ සිට දකුණට, කර්නල් සිංහ ප්‍රදීප් සේරසිංහ, රෝහල් ලේකම් ප්‍රදීප් රසාංග, සිංහ සමාජ සංවර්ධන සහ කලාපීය සභාපති සිංහ ඇන්ටන් ජයමාන්න, ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජයේ’ සභාපති සිංහ ධම්මික ගුණසේකර, විශේෂ ආරාධිත හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා, ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, ඖෂධ ව්‍යාපෘතියේ සභාපතිනි සිංහ යමුනා සෙනෙවිරත්න, සිංහ ඩියානි ප්‍රනාන්දු, භාණ්ඩාගාරිකා සිංහ ෂෙරීන් ෆොන්සේකා, ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ සිංහ අනුර සී. පෙරේරා සහ සිංහ රනුක දිසානායක යන මහත්ම මහත්මීහු වෙති.
෴ සබැඳි ලිපි ෴
එදා හිමිදිරියේ කොණ්ඩදෙණිය පන්සලට අමුත්තන් රැසක් එන බව කලින්ම සංඥා කළේ සැතපුමකට එහා සිටම ඇසෙන තඩි බලු රෑන් සේනාවේ බිරුම් හඬිනි. “බණ්ඩෝ” අද නම්...
2024-02-22 18:30:00
රට දැය සමය වෙනුවෙන් පුබුදු කළ විරුවන් අතර ඩී.ආර්. විජයවර්ධන යන නාමය රන් අකුරින් ඉතිහාසගත වූ චරිතයකි. ශ්‍රී ලංකාවේ පුවත් පත් ඉතිහාසය ගැන කතා කරන...
2024-02-22 18:30:00
එය 1880 මාර්තු මාසයේ දවසකි. ඇමෙරිකාවේ ගම්බද ගොවි පොළ හිමියකු වූ ඩේවිඩ් නැමැත්තා එදින සවස් භාගයේ එළියට බැස්සේ කිසියම් ගමනක යෙදෙනු පිණිසය.ඒ සමඟම...
2024-02-22 18:30:00
රෑ කුමාරි මල්වැනි අධික සුවඳවත් මල් පැළ රෝපණය කිරීමෙන් නිවාස, වතුපිටි, ඉඩකඩම් සහ දිය පහරවල් ආදි බොහෝ ස්ථානවල සැරිසරන පහත් ආත්ම පළවා හැරිය හැකි...
2024-02-22 18:30:00
ලෝකප්‍රසිද්ධ නාට්‍යකරුවකු වූ ශේක්ස්පියර් නිර්මාණකරුවා‘මයි ඩියර් දොරතියා’ (My Dear Dorothiya) පොතේ දුව දොරතියාට ලියූ ලිපිය වගේ මම ඔබට ලියනවා... දුවේ,...
2024-02-15 18:30:00
කුඩා කල සිටම කසාවතට අශා කළ දරුවකු විය. සෑම මසකම පොහොය දිනයට මේ දරුවා නොවරදවාම පන්සලට ගොස් සිල් සමාදන් වන්නට අමතක නොකළේය. පන්සලට නිතර යන එන පුරුද්ද මේ...
2024-02-15 18:30:00
තරුණ වියේදී ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි දක්වන ඇල්ම බෙහෙවින්ම ලිංගිකමය පදනම මතම රැඳේවි. ලිංගිකමය උනන්දුව යනු දෙවැන්නා පිනවීමට ඇති වුවමනාවයි. ව්...
2024-02-15 18:30:00
“මහත්තයෝ...ඔයාකාරයෙන් අපහාස කරන එක හොඳ මදි නේද?”හඬ උස්ය. තර්ජනයක් නැතත්, අසතුටක් ඇත.“මට තේරෙන්නේ නෑ කියන්නේ මොකක් ගැන ද කියලා”“මිනිස්සුන්ට භූතයෝ කියන...
2024-02-16 02:30:00
නෙළුම් මල් පූජා වස්තුවක් මෙන්ම ඖෂධ ගුණයක් ඇති වටිනා ශාක පුෂ්පයකි. බෝධි පූජා, චෛත්‍ය පූජා, ග්‍රහ පූජා, දේව පූජා සඳහා නෙළුම් මල් පිදීමේ සිරිත අනාදිමත්...
2024-02-15 18:30:00
දාම ඝාතකයකු වන ඩේවිඩ් බාර්කොවිඩ්ස් නැමැත්තා තමා “සෑම්ගේ පුත්‍රයා“ බවට හඳුන්වා ගනු ලැබුවේද පුවත්පත් කලාවේදීන් වෙත යැවූ ලිපි මඟිනි. 1976 ජූලි 29 වැනිදා...
2024-02-15 18:30:00
මලවැන්නේ කවිධජ හිමියන් විසින් ඡ්‍යොතිෂය පිළිබඳ වර්ණනා කරමින් රචිත පද්‍ය කෘතිය ඡ්යොතිර්වර්ණනාව ලෙස හඳුන්වා දෙමි. මේ ග්‍රන්ථය පද්‍ය කාව්‍ය...
2024-02-15 18:30:00
ඔබට අපට සෙත සදන තවත් මාහැඟි ගාථා රත්නයක් ඔබ හමුවේ තබන්නට අදහස් කළෙමි. එක් පුරාණ පිටපතක මෙය සිරිපා ඉමේ තවුසකු විසින් දෙන ලදැයි සඳහන් වේ. ඒ පිළිබඳ...
2024-02-08 18:30:00
සද එළියේ දීප්තියෙන් ස්නානය කර, අපගේ අභ්‍යන්තරයට ප්‍රවේශ වෙන්න හැකියි. මේ වග පුරාණ යෝගීවරුන් සඳහන් කර තිබෙනවා.සඳෙහි ශක්තිය, සියුම්, නිහඬ ධාරාවක්,...
2024-02-08 18:30:00
රටේ සශ්‍රීකත්වය ඇතිවීමටත් දෙවියන්ගේ නැතහොත් අම්මාවරුන්ගේ රෝග ලෙස සලකන සරම්ප, පැපොල, කම්මුල්ගාය වැනි බෝවන රෝග නිවාරණයටත් සාමය, සමගිය ඇතිවීමටත්...
2024-02-08 18:30:00
ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් අතට ගත් කල ඔහුට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. ඒ තමා දැන උගත් ඡ්‍යොතිෂ ශාස්ත්‍ර දැනුමෙන් සමාජයට සැලකිය යුතු සේවයක්...
2024-02-08 18:30:00
මනු ලොව පහළ වන්නට පෙර තිලොව ගුරු සිව් වේදයේ දැනුමෙන් ලොව පුදුම කෙරු ලොව ගැන උගත් රුසිවරු දෝසතෙහි සුරු දැක්වූ නිමිති පෙර මඟ සුබ අසුබ යුරු අප හට...
2024-02-08 18:30:00