වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබේ සහකරුවාත් මේ වගේද
නොවැම්බර් 26, 2021
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ
පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම බුද්ධි මහිමයෙන් කැපවීමෙන් අධ්‍යාපනයෙන් ලබා ඇති තත්ත්වය පිරිමියා අතික්‍රමණය කරන (ඉක්මවා යන) බව පැහැදිලි සත්‍යයකි.පිරිමි මූලික සමාජය තුළ කාන්තාව ප්‍රබල වී සිටියද ඇතැම් කටයුතු වලදී පිරිමියාගේ දායකත්වය ඉහළින්ම කැපී පෙනෙයි.
මේ විමසුම ඡ්‍යොතිෂයට අනූව පිරිමින්ගේ ගති ලක්ෂණ පිළිබඳයම් අවබෝධයක් ඔබට ලබාදීම පිණිසයි.
ඡ්‍යොතිෂයට අනූව ලෝකයේ වෙසෙන පිරිමි ඔවුන්ගේ දේහ ලක්ෂණයන් අනූව වර්ග හතරකට බෙදනු ලැබෙයි.හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්ද යන්න මේ අනුව වටහා ගත හැකිය.
“ශෂ” වර්ගයේ පිරිමි
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ “ශෂ”පුරුෂයාය.මේ “ශෂ” පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක් ගනියි.උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්තය.දෑත් වල ඇඟිළි අතර ඉතා විශාල හිඩැස් දැකිය හැකිය.දෑස් රතුපැහැයෙන් යුක්තය.පපුවේ සහ පිටේ පවා රෝම සහිත සිරුරක් හිමි “ශෂ” වර්ගයේ පුරුෂයා ඉතාම යුක්තිගරුකය.මානව දයාවෙන් යුක්තය.අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කරනු ලබයි.එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්ටු කරන්නට තරම් මානසික තත්වයක් හා ශක්තියක් ශෂ වර්ගයේ පුරුෂයා සතුය.
එකවිට කාර්යයන් කීපයක් කිරීමට දක්ෂ “ශෂ”වර්ගයේ පුරුෂයා තමා අතින් අතපසු වීමකින් හෝ සිදුවූ වරදක් වුවද වගකීමෙන් බාරගනියි.තමා නොකළ වරදක් තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි.ජීවිතයේ සියලුම කටයුතු පිළිවෙලකට කරන මේ “ශෂ” වර්ගයේ පිරිමියා ඡ්‍යොතිෂයේදී ඉතා සාර්ථක දැහැමි,පරාර්ථකාමී යහපත් පුද්ගලයකු ලෙස අර්ථ දක්වන අතර ඒවැනි පුරුෂයකු තම විවාහක බිරිඳට සහ දරුවන්ට බොහෝ සේ ආදරය කරයි.තම බිරිඳට අවශ්‍ය සියලු සැප සම්පත් තමාට හැකි ආකාරයෙන් උපරිම ලෙස ලබාදීමටද “ශෂ” වර්ගයේ පිරිමියා කිසිවිටෙකත් පසුබට නොවෙයි.ඒමෙන්ම “ශෂ” වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.අන්‍යයන්ට කිසියම් විපතක් වී නම් නොපැකිළවම උපකාර කිරීමට දෙවරක් නොසිතයි.
“මෘග” වර්ගයේ පිරිමි
දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ “මෘග”පුරුෂයා වශයෙනි.වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනූව මෘග යන වචනය තුළ තිරිසන් බවක් පෙන්නුම් කළත් ජ්‍යොතිෂයට අනූව “මෘග” පුරුෂයා හොඳ පුරුෂයෙකි.ඔහුගේ ගතිගුණ බොහෝ දුරට “ශෂ” වර්ගයේ පිරිමියාට සමානය.
“මෘග” වර්ගයේ පිරිමියාද බිරිඳට සහ දරුවන්ට පණ සමව ආදරේ කරයි. අන් දරුවන්ද තම දරුවන් සේ සලකයි.වංචාකාරී නැත.බිරිඳගේ හා පවුලේ ගරුත්වය සුරකින විශ්වාසවන්තයෙකි. මොහුගේ ස්වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. සිත එක අරමුණක නතරව පවතින්නේ නැත. එහෙත් සැක උපදවාගතයුතු නැත. කාය බලයෙන් ශක්තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳීන් පූර්ණව පැහැපත්ව වැඩී තිබේ.සිනහවකින් පිරුණු මුව මඬලක් “මෘග” වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද “මෘග” පුරුෂයාගේ ලක්ෂණයකි. මේ නිසාම ලෙඩ රෝග වලට බහුලව ලක්වේ. කරුණාවන්තව පැහැදිලි කිරීම් මඟින් එම තත්ත්වය වලකා ගත හැකිය.
“වෘෂභ” වර්ගයේ පිරිමියා
“වෘෂභ” වර්ගයේ පිරිමියා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයකු නොවේ.නමුත් “වෘෂභ” යන වචනය යෙදුණද මේ “වෘෂභ” පිරිමියා අණුවණ අයකු නොවේ.නමුත් අලසය.ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක් දක්වන්නට “වෘෂභ” පිරිමියා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියකු බවට පත්වේ.ඡ්‍යොතිෂය නියමයන්ට අනූව මොහු හොඳ වර්ගයේ පිරිමියකු ලෙස සලකන්නේ නැත.වෘෂභ වර්ගයේ සමග විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව ප්‍රතික්ශේප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. විශාල හිසක්ද, රවුම් මුහුණක්ද, ඇති “වෘෂභ” පිරිමියාගේ දත් ඉතා කෙටිය.ඇඟිලි මහත්ය.උදරය රවුම්ය.රතුපාට අල්ලක් ඇති “වෘෂභ” පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක් පමණි.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න ,කාන්තාවනි එවැන්නෙක් විවාහය සඳහා තෝරා ගන්නවාට වඩා අවිවාහකව සිටීම මැනවි.
“අශ්ව” වර්ගයේ පිරිමියා
ජ්‍යොතිෂයට අනූව හතරවෙනුව වර්ග කරන්නේ “අශ්ව” පුරුෂයාය.මොහුද ඡ්‍යොතිෂයට අනූව ඉතා හොඳ පුරුෂයකු ලෙස වර්ග නොකරයි.බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි.ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක් මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන “අශ්ව” පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය.අනුන්ගේ දොස්ම පමණක් දැක තමන් ගැන උසස් ලෙස කතාකරයි.නමුත් “අශ්ව” වර්ගයේ පිරිමින් කඩවසම්ය,පියකරුය.
මොහුගේ අතපය දිගටිය.මුහුණද දිගටිය.දත්ද දිගු හැඩයක් ගනී.හිසකෙස් ඝනව වැඩී ඉලිප්පී පවතී.මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය.සිරුරේ රෝම නැත.රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. තඔ වැනි වර්ණයක් ගනී.
විශේෂ අවධානයට
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක් වන බවද මතක තබාගත යුතුය.
ඡ්‍යොතිෂයේදී පිරිමින් පමණක් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක් ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දක්වන්නේ දැඩි විරෝධතාවකි.පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි ඍෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ හා විපක්ෂ වශයෙනි.
මේ කුමන ආකාරයකට පිරිමියා වර්ග කළත් මඟුල් තුලා, සුබ කටයුතු, ව්‍යාපාර ඇරඹීම, යාන වාහන ගේ දොර කටයුතු ඇරඹීම, මිලදී ගැනීම, ආදී කටයුතුවලදී “ඔහු” ගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවා ගැනීම සිදුකළ යුතුය.
ඒ.සී.එස් නවීලා
෴ සබැඳි ලිපි ෴
දිනය 1966 දෙසැම්බර් මස 06 වෙනිදාය. ඇමෙරිකානු ජාතික විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයකු වූ අර්වින් බෙන්ට්ලි මහතාගේ නිවසට සුපුරුදු රාජකාරිය සඳහා ගෑස් මීටරය...
2024-01-11 18:30:00
2024 නව වසරේ ආරම්භය පිළිගැනීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන සුදානමින් සිටින ඔබ ගෙවී ගිය 2023 වසර තුළ ජිවිතයේ මුහුණ දුන් අභියෝග හමුවේ ලබාගත් අත්දැකිම්...
2024-01-04 18:30:00
පරම්පරාවෙන් පරම්පරාවට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය උරුමවන අතළොස්සක් වාසනාවන්තයන් අතර ඡ්‍යොතිෂවේදී තිස්ස මහානාම යන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියාගේ නාමයද...
2024-01-04 18:30:00
දොළොස් මසක් ගෙවීගොස් නව වසරක් සම්ප්‍රාප්තිය සිදුවන මොහොත ලෝක වාසී මුළු මහත් ජනතාව මංගල සම්මතයක් ලෙසින් උත්සවාකාරයෙන් පිළිගනු ලබයි.ලෝකයම නව ප්...
2024-01-04 18:30:00
ඒ 1981 වසරේ පෙබරවාරි මස 11 වෙනිදාය. ඇමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයට අයත් කොටෙස්විලා ප්‍රදේශයේ ගම්බද නගරයකි. අවුරුදු දහයක පමණ වයසේ දැරියක වූ...
2024-01-04 18:30:00
සමාජයක් යනු බහුවිධ පාර්ශ්වකරුවන්ගේ එක්කාසුවකි. එහි විවිධ සංස්කෘතීන් ද අපට දැකිය හැකි වනු ඇත. එම සංස්කෘති යනු කාලයෙන් කාලයට විවිධ වූ හැළ හැප්පීම් මත...
2024-01-04 18:30:00
අද වන විට විද්‍යුත් මෙවලම් භාවිතය අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. කලකට පෙර නිවෙසේ මුළුතැන් ගෙයි පමණක් පැවති විද්‍යුත් මෙවලම් නිවස පුරා යොදා...
2023-12-28 18:30:00
වසර තුන්සීයකට වඩා කාලයක් මුළු මහත් පෘථිවි තලයෙන් වසන් වී කිසිදු මිනිස් පහසක් නොලැබ සිටි ඉන්කා අධිරාජ්‍යයේ “සැඟවුණු නගරය” (Lost city of the Incas)...
2023-12-28 18:30:00
පානදුර, ලලිතාමම දිගුකාලීන නිවාස ගැටලුවක් නිසා පීඩා විඳීන්නෙමි. ඥාතියකු සමග වසර දහයක් පමණ නඩු කියමි. මම තවම ඉන්නේ කුලියටයි මට සහනයක් ලැබෙන්නේ...
2023-12-28 18:30:00
ඇය ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ බහුවිධ නිපුණතා ඇති කලාකාරිනියක වුවාය. දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක, ගායිකාවක සහ ඡ්‍යොතිෂ...
2023-12-28 18:30:00
මාර්තු මාසයේ 28, සහ අප්‍රේල් මාසයේ 1, 10, 19 යන දිනයන් හි උපත ලද අය අප්‍රේල් මාසයට අදාළ පෞද්ගලික අංක 1 ලෙස ගැනෙන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි....
2023-12-28 18:30:00
විස්මය සහ සුන්දරත්වයෙන් ලෝකයේ අග්‍රගණ්‍ය මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණයෙහිලා ජෝර්දානයේ පෙට්රා පැරණි නගරය විස්මිත වාස්තු නිර්මාණයේ අති සුන්දරත්වය...
2023-12-21 18:30:00
දිගුකලකට පසුව බටහිර අහස සිසාරා ආලෝකය පතුරවමින් අරුමැති තාරකාවක් පායා ඇති බව අහස දෙස බලමින් විපරමින් සිටි තාරකා නිරීක්ෂකයෝ තිදෙනකු දුටුවහ. අපූර්ව...
2023-12-21 18:30:00
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත්, ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. තම දිවියෙන් වැඩි කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය...
2023-12-21 18:30:00
ඔබ, මම ආවා තමයි කොහේ සිට ආවාද? කොහාට යනවද? කවදද යන්නෙ? කියන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අපේ මනස ගොඩක් දියුණු කරන්න වේවි. මේ ටික පැහැදිලි කරන්නේ බුදු...
2023-12-21 18:30:00
මාර්තු මාසයේ 7, 16, 25, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා...
2023-12-21 18:30:00