ඔබට දරුසම්පත් ප්‍රමාද ඇයි?

අගෝස්තු 20, 2021

විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ යෙදීම මැනවි. පැරණි අය එයින් ප්‍රයෝජන ගන්නා ලදී.

 

විවාහවූ බොහෝ අඹුසැමියන් ඔවුන්ගේ ඒකායන අපේක්ෂාව වූ දරුසම්පත් නොලැබීම කල්යාම මෙන්ම වඳ බවට පත්වීම ගැන සමාජීය ප්‍රශ්නයක් බවට පත්වී ඇති බැව් පැහැදිලි ය.

 

විවිධ පැතිකඩ හරහා ඖෂධ යෙදීම ගුප්ත විද්‍යාත්මක ක්‍රමයන් වූ ශාන්තිකර්ම කෙම්ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ආදියට නැඹුරු වේ.

අඹු සැමි සංයෝගයේ දී පුරුෂ ශුක්‍රාණු හා ස්ත්‍රී ආර්තවනු සම්මිශ්‍රණයේ දී කලල ජීවානුවක් හටගගනී. වර්ණාංශු හරහා ස්ත්‍රී පුරුෂ භේද හටගනී. (එක්ස් - වයි) අනුගතව විශේෂයෙන්ම පිරිමියෙකුගේ ශුක්‍රාණු හට ගන්නේ කෝටි සංඛ්‍යාත ගණනකින් ය. ස්ත්‍රී අණ්ඩාශයේ ආර්තවානු හටගන්නේ මසකට එකකි. වයස 45 ඉක්මවූ කාල අර්තවානු හටගැනීම නවතී. අවුරුදු 90 වනතුරු පිරිමියෙකුගේ බීජ කෝෂයේ ශුක්‍රාණු උපදී. මහලුවියේ වුවද හටගන්නා ශුක්‍රාණුවලින් දරුවෝ උපදී. ශක්තිමත්ව පුරුෂයා මහලු වුවද ශුක්‍රාණු මහලුවියට පත් නොවේ. පිරිමින් හට දාරක සම්පත් බීජ ඇත. ස්ත්‍රීය සතුව ඇත්තේ දරාගැනීමේ ගර්භාෂයේ ඇති ශක්තියයි. දරු උපතේ මුල්කරුවා පියා ය.

කාන්තාවන්ට බිරින්ඳෑවරුන්ට දරු සම්පත් නොමැති නිසා යන්ත්‍ර බඳිනවාට වඩා පිරිමියාගේ දරු සම්පත් පිළිබඳව සොයා බැලිය යුතු වේ. බිරිඳගේ ගර්භධාරණය ශක්තිමත්දැයි සොයාබැලීම විද්‍යානුකූලයි.

විවාහයකදී මුලින් දරුඵල ගැන විමසා බැලිය යුත්තේ සැමියාගේ ය. බිරිඳගේ ගැබ්දැරීම ගැන දෙවනුව බැලිය යුතු වේ. ගර්භධාරණය හීන නම් ගැබ් දැරීමේ ශාන්තිකර්ම හෝ ඖෂධ යෙදීම මැනවි. පැරණි අය එයින් ප්‍රයෝජන ගන්නා ලදී.

කේන්ද්‍රයේ 5 වැනි භාවය දාරක සම්පත් ගැන කියැවේ. රවි දරුවන් පාලනය කරයි. ශුක්‍ර පුරුෂයාට බලපායි. රාහු කුජ සංසර්ගයේ දී වඩාත් බලපායි. 2 හා 5 ශක්තිමත් නම් දාරක සම්පත් හිමි වේ. විශේෂයෙන්ම 2 - 7 -9 සහ 5 වැන්න බැලිය යුතු වේ. ඡ්‍යොතිෂ විද්‍යාත්මකව අඹුසැමි එක්වීමද මෙයට කදිම නිදසුනකි. සුබ මුහුර්තිය බලපානබැව් දක්වමු.

වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික රාශි දල වශයෙන් වඳ රාශි ලෙස සැලකේ. කේන්ද්‍රයේ ලග්න තැනින් හෝ සඳුගෙන් 5 වැන්න මෙකී වඳ රාශියක වී එයි. පාපීන් සිටීම නිසා දරුවන් ලැබීම හීන වේ. කුජ රාහු 6 වැන්නේ අසුබ වීමෙන්ද ගබ්සාවීමක්ද දරුවාගේ වැඩීම දුර්වල තත්ත්වයට පත්වේ.

මාස 7 දින 22 දී ජලය පානය නොකරන්නේ නම් ගැබිණිය, ජලමල්ල (වෝටර් බෑග්) තුළ වතුර හීන වී දරුවාට පිහිනීමට අපහසුතාවය නිසා ප්‍රසූතියද අවහිර වන්නේ ය.

ස්ත්‍රියගේ කේන්ද්‍රයේ 5 වැන්න වෘෂභය වී 6 වැන්නේ කුජ, ශනි හත් වැන්නේ මුල් අංශක 10 තුළ ගුරු සිටීමෙන් දරුවන් ප්‍රමාද වේ. ගැබ් ක්ෂය වීමක්ද සිදුවේ. සඳු රාහු හැර අනෙක් සියලුම ග්‍රහයින් 5 වැන්නේ ඒක රාශි වී සිටි ජන්ම කේන්ද්‍රය හිමි කතකගේ පළමු දරුවා ගැබ් ක්ෂය වේ. 5 වැන්න දුබල වී සුබ දාරක සම්පත් අහිමි නම් සැමියා වඳ බවට පත් විය හැකි ය.

5 -6 තුළ කුජ, රාහු, ශනි, කේතු හෝ රවි සිටීමෙන් ද ගර්භාෂයේ විවිධ රෝග කාරකත්වයට පත්වේ. 5 - 9 දුබල වී සමාන ගුරු දුර්වලවීම වඳ බවට ඉඟියකි. පාපීන්ට මැදි වූ කුජ 5 වීම 9 පාපීන්ට මැදි වී එහි නපුංශක පාපියෙකු සිටීම ශනි 1 ද පාපීන් කීපයක් 5 සිටීමේද 5 වැන්නාධිපතියා කුජ ශනි සමඟ එක්වීමක් ශනි 1 වැන්නේ පාපීන් 5 ද 7 ශනි සිටීමද දරුඵල අහිමි ග්‍රහ හැසිරීමකි.

ශනි, රවි, කුජ, රාහු දරුඵල අහිමිකරන ග්‍රහයින් බැව් දක්වමු. දරුඵල විමසනවිටදී දෙදෙනාගේ කේන්ද්‍රවල ග්‍රහ හැසිරීම් රටාව ගැන විපරම් කිරීම වඩාත් යහපත් ය.

දරු සම්පත් ලොව ජයගනී. එහෙත් මෙලොවට බිහිකර යුත්තේ අසු, වරුණ, සැප, බල ප්‍රභූ යන පංච මහා සම්පත්තියම හිමි දරුවෙකු ය.

විශේෂයෙන්ම ඔබට දරුවකු මෙලොවට බිහිකර ගැනීමට අවශ්‍ය මානසිකත්වයක් ඇත්නම් මේ ගැනත් සිතන්න. සිතෙන් මෙලොව කළ නොහැකි දෙයක් නැත. ඔබ බිරිඳක්නම් ශුද්ධ මාත්‍රා මනෝමය කිරණ ශක්තිය පුබුදුවාලමින් එම සැඟවුණ මහා බලසම්පන්න චිත්ත තරංග කම්පනය කොට විශ්වයේ අවකාශයට මුදා හරින්න.

මට වාසනාවන්ත දරුවෙක් ලැබේවායි යන්න

දිනපතා උදේ 04.57 මෙම දාරක සම්පත් ලබා ගැනීමේ මනෝමය චිත්ත ආභාසයේ යෙදෙන්න. ස්ථිරවම දින 90 ඇතුළත දරුසම්පතක් පිහිටනු ලැබේ. ඔබගේ අදහස සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේ.

 

 

දේශබන්ධු,

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.