යුගදිවිය අවුල් කරන ග්‍රහයෝ

මැයි 7, 2021

උපන් මොහොතේ හැටියට කේන්දරය ඉබේම සෑදී ඇත. ඒ අනුව උපතේ සිට මියයන තුරාම සියල්ල අකුරටම සිදුවනු ඇත. විවාහය අපේ ජීවිතයේ වැදගත්ම සිදුවීමකි. එය අපේ දෙවෙනි ඉපදීම ලෙසයි අපි සලකන්නේ. මේ අයුරින් වන විවාහය සාර්ථක හෝ අසාර්ථක වන්නේ ද කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන්ගේ ශුභ අශුභතාවය අනුවය.

 

සැපවත් පවුලක පරමාර්ථය වනුයේ පී‍්‍රතිය හා සොම්නස බවයි. කාගෙත් පිළිගැනීම එය එසේ වන්නේ අප ඉපදුණ මොහොතේ අහසේ උදාවී තිබුණ ග්‍රහ තාරකාවන්ගේ සුබ අසුබතාවයන් අනුවය. මෙම ග්‍රහයන් පිහිටා තිබුණ පිළිවෙළටයි. අපි ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය කියල කියන්නෙ .කේන්ද්‍රයක් තිබුණත් නැතත් ඡ්‍යොතිෂයට පිටුපාන්න අපි කිසිවෙකුටවත් බැහැ.

 

උපන් මොහොතේ හැටියට කේන්දරය ඉබේම සෑදී ඇත. ඒ අනුව උපතේ සිට මියයන තුරාම සියල්ල අකුරටම සිදුවනු ඇත. විවාහය අපේ ජීවිතයේ වැදගත්ම සිදුවීමකි. එය අපේ දෙවෙනි ඉපදීම ලෙසයි අපි සලකන්නේ. මේ අයුරින් වන විවාහය සාර්ථක හෝ අසාර්ථක වන්නේ ද කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන්ගේ ශුභ අශුභතාවය අනුවය. මේ අයුරින් විවාහයක් අසාර්ථකවීමට බලපාන ග්‍රහ පිහිටීම් ඡ්‍යොතිෂයේ මේ අයුරින් දැක්වෙයි.

කේන්ද්‍රයක විවාහයක් පිළිබඳව පරීක්ෂා කිරීමේදී හත්වැන්නත්, හත්වැන්නේ ත්‍රිකෝණ ස්ථානවූ තුන්වැන්නත්, එකොළොස්වැන්නත් විශේෂයෙන් සැලකිල්ලට යොමුවිය යුතුය. එමෙන්ම දෙවැනි හා අටවැන්න ද මේ සඳහා විශේෂ බලපෑමක් කරයි. හත්වැන්නාධිපති එකොළොස්වැන්නේ සිටීම බහු විවාහ යෝගයක් ලෙස සලකයි. මෙවැනි යෝගයක් ඇති පුද්ගලයෝ තම විවාහක බිරිඳගෙන් පමණක් සෑහීමකට පත් නොවන අතර වෙනත් ස්ත්‍රීන්ගේ ඇසුරට පත්වෙති. එමෙන්ම හත්වැන්න අධිපතියා බලවත් අශූභයෙකුවී එකොළොස්වැන්නේ සිටියදී අශූභ ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටීම ද විවාහය බිඳවැටීමට හේතුවනු ඇත.

කෙනෙකුගේ කේන්ද්‍රයේ ලග්නයේ සෙනසුරු, රාහු, කේතු, අඟහරු යන ග්‍රහයින්ගෙන් කීපදෙනෙකු හෝ එක් ග්‍රහයෙකු සිටියත් ඔහුගේ හෝ ඇයගේ යුගදිවියේ මිහිර වැඩි කලක් නොපවතියි. එසේම කේන්ද්‍රයේ හතේ රාහු, කේතු, අඟහරු යන පාපියෙකු සිටීම ද විවාහය අවුල්කර දමන ග්‍රහ පිහිටීමක් වෙයි. එසේම තවත් විවාහ දිවියට අශුභ ඵල දෙන ග්‍රහ යෝගයක් නම් අඟහරු, ගුරු එකට හත්වැන්නේ සිටීමයි. කුජ, ගුරු හතේ සිටි අයගේ විවාහ ජීවිතය වර්ෂ ගණනකින් නොව දින ගණනකින් හෝ බිඳවැටීමට පුළුවන. චන්ද්‍රයා ධනුවේ සිටියදී හෝ ධනු ලග්නයෙන් ඉපදී හෝ සිටින අයගේ මිථුනයේ කුජ, සිකුරු සිටීමෙන් ද විවාහ කීපයක් වී යුගදිවියේ අවුල් තත්ත්වයක් ඇති වේ. එසේම චන්ද්‍ර, රවි,කුජ යන ග්‍රහයන්ගෙන් කීපදෙනෙකු හෝ එක ග්‍රහයෙකු ධනුවේ සිටියහොත් එය ද විවාහ දිවියේ ප්‍රශ්න ඇති කරන්නෙකි.

කුජ, සිකුරු වෘෂභයේ වීමත් එමෙන්ම ශනි, කුජ සප්තමයක් යෙදී තිබීමත් අධික කාමාධිකකම නිසා වරදේ බැඳීමෙන් යුගදිවියේ අවුල් සහගත බවක් ඇති කරවයි. ලග්නයේ පාපියෙකු සිටියදී චන්ද්‍රයාත්, සිකුරුත් පාපීන් සමඟ සිටින තැනැත්තකු හෝ තැනැත්තියක සමඟ විවාහයට පත්වීම ද විවාහ ජීවිතය පිරිහීමට හේතුවෙයි. ලෙඩ දුක් ඇතිවී මරණයට පත්වීමට ද හේතුවිය හැකිය.

කුජ හත්වැන්නේ සිටීම ද විවාහයට යහපත් පිහිටීමක් නොවේ. බොහෝවිට නියම වයසට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වේ. ඔවුන්ගේ ජීවිත පසුබිම ද යහපත් නැත. තමන් උපයාගත් වස්තුව හා ධනය ද නාස්තිකර ගනී. එවැන්නන් සමඟ යුගදිවියක් ගත කිරීම පහසු නොවේ. ගුරු,ශුක්‍ර ආදී සුබදෘෂ්ටියක නොලැබ කුජ හතේ නීචව දුර්වල අවස්ථාවක සිටියොත් දික්කසාද වීමට හෝ වෙන්වීමට හෝ අනෙකාගේ මරණයට පවා හේතු වෙයි. හතේ සිටින කුජ රවිය පෙනුණොත් විවාහයෙන් වෙන්වෙයි. ස්ත්‍රීන්ගේ කේන්ද්‍රයේ හතේ කුජට වඩා පුරුෂයින්ගේ කේන්ද්‍රයේ හතේ කුජ නරක අතට බලවත් වෙයි.

මහජන විරෝධතාවලට පවා මුහුණපෑමට සිදුවෙයි. රෝගී ද වෙයි. පුරුෂයාගේ හතේ කුජ ස්ත්‍රිය මැරීමට පවා සිත් යොමු කරවයි.

කුජ කටකයේ වීම ද විවාහයට එතරම් සුබ නොවේ. නිතර දෙදෙනා අතර වාද විවාද ඇති වෙයි. ගෘහ ජීවිතය පවත්වාගෙන යාමට බොහෝ කරදර විඳියි.ජීවිතයේ පසු කාලය ඉතා දුක් කරදර සහිත වේ. දෙවෙනි දෙර්කාණයේ නම් පේ‍්‍රමසම්බන්ධතා අධික වෙයි. තුන්වෙනි දෙර්කාණයේ නම් සමාදානයට පි‍්‍රය වෙයි. කුජ වෘෂභයේ සිටින අය අධික කාමාශාවෙන් යුතු අය වෙති. තරුණ වයසේදීම විවාහ දිවියට ඇතුළත් වෙති. පේ‍්‍රම සම්බන්ධතා තුළින් නොයෙකුත් කරදර ඇති කර ගනියි. නෑදෑයින් පවා විරුද්ධ කර ගනී. නඩුමඟට බසින්නට වුවමනා කරුණු තමන් විසින්ම ඇති කර ගනියි. සමාජය සල්ලාලයෙකුසේ සලකයි. මොවුන්ගේ විවාහ ජීවිතය ද අසාර්ථක වෙයි. අවසානයේ දරුණු විපත්වලට පවා ගොදුරුවීමට හේතුවේ.

ශනි කටකයේ සිටීම ද විවාහ ජීවිතයෙන් තෘප්තියට පත් නොවී මානසික පීඩාවට ලක්වීම හේතුවක් වෙයි. මේ නිසා ගෘහ ජීවිතයේ නිතර කරදර හා වියවුල් ඇතිවේ. අනියම් පේ‍්‍රමසම්බන්ධවලින් දුක් කරදර හා පාඩු ද ඇති කර ගනී. ලැබෙන දරුවන් පවා නිතර රෝගී වෙති. විවාහය සම්බන්ධ ස්ථානය වූ හත දුර්වල නම් විවාහයෙන් අවනම්බු විඳීමට ද සිදුවෙයි. ජීවිතයේ අවසාන භාගය යහතින් ගත නොවේ. මෙවැන්නන්ට ගිහි ජීවිතයට වඩා තපස් ජීවිතය යහපත් වෙයි.

කේන්ද්‍රයක ශනි මංගල යෝගය ද විවාහයට අසුබඵල දෙන පිහිටීමක් වෙයි. ශනි මංගල යෝගය යනු කේන්ද්‍රයේ කොතැනක හෝ ශනි හෙවත් සෙනසුරු කුජ හෙවත් අඟහරු සමඟ සංයෝගව සිටීම හෝ සප්තමව සිටීමයි. මෙම සංයෝගය විවාහ අපේක්ෂිත දෙදෙනාගෙන් එක් අයකුගේ හෝ පිහිටීම අශුභ තත්ත්වයකි. දෘෂ්ටියකින් සම්බන්ධවීම ද මෙම යෝගයට අයත් වෙයි. ශනි, කුජ දෙදෙනා විරුද්ධ ගතිගුණ ඇති නිසා මෙම ග්‍රහයින් දෙදෙනාගේ සංයෝගය ඔවුන්ගේ විවාහයට බොහෝවිට බාධාවක් වෙයි. මේ නිසා අසමගිය හැරයාම, වැන්දඹුවීම, දික්කසාදවීම ආදියට හේතුවෙයි. එක් කේන්ද්‍රයක ශනි මංගල යෝගය පිහිටා අනෙක් කේන්ද්‍රයේ එම යෝගය භංගවීමට අවශ්‍ය ග්‍රහ පිහිටීම නොතිබුණොත් රජ පවුලක වුවත් එම විවාහය බොහෝවිට අසාර්ථක වීමට හේතුවනු ඇත.

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.