හිතුමනාප නැකත් නිසා මධුසමයට බාධා

පෙබරවාරි 12, 2021

සියල්ලම වෙනස්වන සුළු ධර්මතාවය අනුව බලන විට ඉපැරණි කාල පරාසය තුළ පැවති විවාහ පරිසරයේ අස්වැන්න සරුසාර වී පැළ නොවීමේ තත්වයකට පත් වී ඇත්තේ වර්ණ විද්‍යාවන් සමඟ සසඳා බලන විට දම්පැහැය අල්ට්‍රා වයලට් රේසස් ඍණ තත්ත්වයට පත් වී ඇති බැව් මනාව පැහැදිලිය. අඹුසැමි යුවළකගේ සිරුරෙන් නිකුත් වන ඕරාව සම්බන්ධිත වර්ණ ජාලය ද විෂම තත්ත්වයට පත් වී තිබේ.

සියල්ලම උඩුයටිකුරුවී කරකවා අතහැරියොත් ඉවක් බවක් නැතිව පිම්මේ දුවන තැනට මනස පත් වී ඇත. එදා දික්කසාදය යන වචනය දිවට හුරු නැත. අද කටපාඩම් වී තිබේ. අවිවාහක තරුණ කාන්තා පිරිස දහ අට ලක්ෂයකටත් වැඩිය. ග්‍රහයින්ට ද මේ අඩුව පුරවන්නට බැරිය. බහුභාණ්ඩික පරිහරණ රටාවකට අනුගතවීමේ ප්‍රතිඵලයක් ලෙස මානසික අසහනය මෙන්ම ආතතිය ද අහස උසට නැඟ තිබේ.

ඡ්‍යොතිෂ පැත්තෙන් බලන විටදී පොරොන්දම් ලකුණු 36 ට ම වහල්වී කෙරෙන විවාහයක් ඇතැම්විටදී දික්කසාදයෙන් නිමාවේ.

එදා මෙන් නොව අද ඡ්‍යොතිෂවේදීන් හමුවට එන්නේ පෙම්වතුන් දෙපලයි. ඒ අයට ඕනෑකර හෝටලේ ඉඩකඩ ඇති දින ගැන වැඩි අවශ්‍යතාවයක් දක්වති.සෙනසුරාදා,ඉරිදා සහ අඟහරුවාදා දිනවල ද විවාහ වීමට නැකත් සෑදීමට හැකි ද යන්න ඔවුන්ගේ තවත් ඉල්ලීමකි. පතල් කැණීමටත්, මහණ කිරීමටත්, හේන් ගිනි තිබීමට යොදා ගන්නා දින මඟුල් කෑමට හරි යයි ද මධුසමයට තහංචි පැන වී තිබේ නම් කරන්නේ කුමක් ද? පැරණි අපේ කාලේ නම් දියණියගේ මාසික ඔසප් චක්‍රය හරි හැටි දැන සිටියේ ඇගේ මවයි. මෙවැනි ගැටලු ඇතිවන අවස්ථා එමට ඇත. ඒවා අප අත්දැක ඇත්තෙමු.

හෝටල් කලාවත් රූපලාවන්‍ය ශිල්පිනියටත්, ඡායාරූප ශිල්පියාටත් කාලය වෙන් කිරීමට යාම නිසා සමහර විට නැකත් සෑදීම දුෂ්කර වන තැන්ද නැත්තේම නොවේ. බ්‍රහස්පතින්දා විවාහ වන දිනය නම් බදාදා මැදියම් රැයේදී ඉතාම සුබ වේලාවකින් මනාලිය නිවසින් පිටත් වීම වැදගත් වන්නේ නැවත නිවසට නො එන නිසාය.

මනාලියක් දා ගෙදරින් පිටවූයේ මනාලයා සමඟයි. දවසේ පැය 5 කට වැඩිකාල පරාසයක් රූ ගැන්වීමටත් සේයා ගැනීමටත් යෙදිය යුතුයි. නො එසේ නම් සේයාරූ ඇල්බම් කිසිසේත්ම සෑදිය නොහැකිවන බැව් පෙනේ.

ඡ්‍යොතිෂය අනුව නම් විවාහවන දිනයේ හිරු උදාවත් සමඟම පසුදින පහන් වනතුරුම ඉතාම සුබ ධනාත්මක නැකත් තිබීම අනිවාර්ය වන්නේය. පෝරුවෙන් බැස නික්මයාමේ සිට මධුසමය කාලපරාසය පුරාම විෂම කාලයක් උදා වී ඇත්නම් ගැටලුවක්.

අද නවීන පන්නයේ මනාල යුවළකට ඡ්‍යොතිෂමය අනුව මේ පිළිබඳව දැනුවත් කිරීම එතරම් පහසු නොවේ. දෙදෙනාගේම වාසනාවකට එදින දරු බීජමය පිළිසිඳ ගැනීමක් සිදුවිය යුත්තේ ඉතාම සුබ ප්‍රශස්ත වේලාවකදී ය. මේකයි ඇත්තම කතාව , මහා වනාන්තරයක් මැද දැවම අසපුවක ඉතාම සුබ නැකත් වේලාවකදී විවාහ වී එදින මධුසමය ගත කරන ලද එක්තරා යුවළක් අද වන විට වාසනාවන්ත දියණියක් දායාද කරගෙන සොබාදහමට එකඟව ජීවත්වන බැව් මගේ අත්දැකීමෙන් මෙහිලා සනිටුහන් කර සිටිමි.

මේ වන විට විවාහය බැලුම් බෝලයක් දැයි සමහරවිට සිතේ. භෞතිකමය සම්පත් පසුපස පිම්මේ දුවන තරගකාරි ආර්ථිකමය සමාජ මෙහෙවරකට අවතීර්ණ වීමේ අශුභ ඵල විපාක අත් විඳිමින් සිටින අතර මූල්‍යමය මොනර දඩයමේ යෙදෙන සමහර අයට එය පාරා වළල්ලක් විය හැකි නිසා බුද්ධිය මෙහෙයවා උපේක්ෂා සහගතව තෙවැනි ඇසින් බැලීම නම් වැඩදායි වන බව පසක් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.