හදවත පෙන්වන මුහුණ

පෙබරවාරි 5, 2021

ඔබ කෙදිනක හෝ යමෙකු සමඟ සිනාසී සුහදවත් වන්නට උත්සාහ කළේ ද? ඒ තැනැත්තා හෝ තැනැත්තිය ද ඊට ප්‍රතිචාර වශයෙන් ඔබ සමඟ කළ සිනාවෙන් ඔබ දුටුවා ද ඔහුගේ ඇයගේ හදවත කෙළෙසක ද කියා.

‘සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා’ යනුවෙන් මොහිදින් බෙග් නම් වියත් ගායක තෙමේ ගායනා කර ඇත. සිනහව උපහාසයට මෙන්ම අපහාසයට ද යොදාගත හැකිය. හදවතේ කුහක ගතිගුණ, අධර්මිෂ්ට ගති, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ සිතුවිලි වලින් යුතු වුවෙකුගේ සිනහව තුළ එම හදවතේ කැකෑරෙන ගති ලක්ෂණ මනාව පිළිබිඹු වනු ඇත.

විනෝදයට බර තැනැත්තා විහිළු තහළු මැදින් හඬනඟා සිනාසීමට උත්සාහ කරනු ඇත. එය අව්‍යාජ සිනහවක් විය හැක. හොර මැරකම් කරමින් අනුන්ගේ දේපළ වස්තුවට තන්හාවෙන් බරිත තැනැත්තාගේ සිනහව ඉතා අල්පසහගත වේ. ඔවුන්ගේ ගත ධාවනය වන රුහිරු පවා කෝපාග්නිය දැල්වෙන අතර, තමන්ට වඩා වැඩි කෙනෙකු නොමැති බව තමා සිතමින් සිටී.එම කාරණය ඔස්සේ තම වත පිරි සිනහව තුළින් ඔවුනගෙ හදවත මැනවින් හඳුනාගත හැකියැ. හඳුන්පොතාලය ,හදවත, හෘදය, පපුව යනුවෙන් හැඳින්විය හැක්කේ ද මේ එකමින්යැ.

හදවත පිරිසුදු නම් කායික හෝ මානසික රෝග නොසෑදේ. නිතර සතුටින් සිටින ඔබට හදවතට සැහැල්ලුවක් ඇතිවන ආශ්වාදය තුළින් මුහුණ ඔපවත් වේ. හදවතට රුධිරය සපයනු ලබන කිරීටක ධමනිය යමෙකුගේ ශරීරය තුළ පවතින දෝෂ කිපීම ආදිය හේතුවෙන් ඉතා සිහින් බවට පත්වේ. එවිට හෘදයෙන් හෘදයට සැපයෙන රුධිර ප්‍රමාණය ක්ෂීණ වේ. එවිට එම කිරීටක ධමනිය සැත්කමක් මඟින් ඉවත්කර කෘත්‍රිම නළයක් සම්බන්ධ කිරීමට සිදුවේ. එබැවින් රෝගි හදවතක් හිමි යම් කෙනෙකුගේ වත විරූපී තත්ත්වයට පත්වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. හිත හොඳ තැනැත්තාගේ ගත, වත, හද සුපිරි සිදුයැ. නිරෝගීයැ. අනුනගෙ සැපතට ඊර්ෂ්‍යා නොකරයි. ඔවුනට කුමන රාජකාරියක් පැවරීමට වුවද නොපැකිලිව සිදු කළ හැකිය. “මම හොඳ හදවත් තිබෙන කෙනෙක්” යනුවෙන් තම පපුවට දෑතින් තට්ටුකර ගැනීම උච්චතම අවස්ථාවකි. හොඳ යහපත් සිතුවිලි උපදින කරුණාවන්ත හදවතක් ඇති අයගේ මුහුණ ඉතාමත් නම්‍යශීලී භාවයකින් යුතු වේ.

‘සංතුෂ්ටි පරමං ධනං’ යනුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට අනුව සතුට මැවෙන ස්ථානයේ තිබෙන ධනය, සතුට බව වැටහී යන කාරණාවකි. කොපමණ ධනය තිබුණ ද එතැන සතුට නොමැතිනම් පලක් නොමැති බව එහි අරුතයි .කාන්තාවක් තවත් කාන්තාවකට සිනහ වන අයුරින් නොව පුරුෂයෙකුට සිනහ නඟන්නේ, එමෙන්ම පුරුෂයෙකු කාන්තාවකට සිනහසීම එම කාන්තාව ග්‍රහණය කර ගැනීමේ අභිලාෂයෙන් සිදු වුණා විය නොහැකි ද?

සිනා නොමසෙන් දසන් දක්වා යනුවෙන් පැවතෙන කවර කිනම් කාලයකට කිනම් ලෙසකට කවුරු පැවසුවේ නමුත් එය අර්ථාන්විත කියමනකි. විහිළු තහළු කරමින් පී‍්‍රතියෙන් නඟන සිනහවෙන් රුධිරය පිරිසුදු වී ශාරිරික මානසික උද්දාමය ඇති වී නිරෝගිතාවය ලබනු ඇත. සමහර උදවිය බුම්මාගෙන සිනාවක් මුහුණේ නොරදවා සිටිනු දක්නට ලැබෙන කාරණයකි. සිනාවතින් සපිරුණු අයෙකු උදේ පාන්දරම දුටුවිට එදා දවසම වාසනාවන්ත වනු ඇත. එසේ අව්‍යාජ සිනහවකට හිමිකම්පාන පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ ශාරිරික රුධිරය පිරිසිදුවන බව ප්‍රකට කියමනකි. එමෙන්ම “සිනහවෙන්න සිනහවෙන්න එතකොට තරවේ” යනුවෙන් ද ගීතයකින් කියැවේ.

මුහුණට ආභරණයක් ලෙස සැලකිය හැකි සිනහවෙන් කෙනෙකු වශීකරගත හැකියි. තවකෙකු බියපත් කරගත හැකිවේ. තවත් කෙනෙකු මුළාවට පත් වනු ඇත. තවත් කෙනෙකුට සිනහවෙන්ම පිළිතුරු දීමට පුළුවන.

සිනාසිසී නැඟ එන්නා සූර්යයා උදේ නමින් ප්‍රසිද්ධ ගීත කණ්ඩය ඇතුළත් වන හිරුමල පිබිදෙන විටදීයැ. ඔබේ හදවතෙත් සූර්යයා ලෝකය චන්ද්‍රාලෝකය පරිදි පුබුදාලන්නට සමත් කරගන්න. සෑම විටම හදවත පිබිදෙන ලෙස ආලෝකමත් කරගැනීමෙන් මුහුණ විකසිත වේ. අනුන්ගේ දියුණුූවේදී ඔබේ වත මුකුලිත වේ නම් එය හෘදයට නතු නොවේ. සෑම අවස්ථාවකදීම ඔබේ පිත කමල දුකෙන් තොර සැපෙන් බර සිනා සපිරි එකක් කරගෙන නිරෝගී සුවය ළංකර ගනු මැනවි. සිනාසීමට මුදලක් වැය නොවේ. එනිසාවෙන් යමෙකු ඔබ ඉදිරියට හමුවේ නම් සුන්දර සිනහවකින් ඔබේ මුව සරසා අනෙකාට පිළිතුරු දෙන්න. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිනහව පහළ කරන විට නෙළුම් මල් සුවඳක් පැතිරුණ බව බෞද්ධ ඉතිහාසගත කතාවලින් පැහැදිලි වන කරුණකි.

පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.