මාරාන්තික පිළිකා රෝග අවස්ථා හා ඊට පිළියම්

සැප්තැම්බර් 25, 2020

අපේ සිරුර සෑදී තිබෙන්නේ සෛල නමැති ඉතා කුඩා ඒකක කෝටි ප්‍රකෝටි ගණනක් එක්තරා පිළිවෙළකට එකට එක්වීමෙනි. මෙහිදී එක් සෛලයක් බෙදී තවත් සෛලයක් ඇතිවෙන අතර ඒවායේ වර්ධනය ද ක්‍රමානුකූලව සිදු වේ.

නිරෝගී ශරීරයක මෙම ක්‍රි‍යාවලිය, සිදු වන්නේ එක්තරා පාලනයකින් යුතුවය. නමුත් පිළිකා තත්ත්වයකදී සිදු වන්නේ මෙම පාලනය නැතිවී සෛල දිගට හරහට බෙදී යාමයි. පිළිකා සෛල ඒවා ඇති වූ ස්ථානයේ නතරවනු පමණක් නොව ශරීරයේ වෙනත් ස්ථානවලටත් පැතිරී යාම සිදුවෙයි. මරණය එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත. නමුත් මුල් අවස්ථාවේ දීම සොයා ගනු ලැබුවහොත් සියලු පිළිකා වලින් 1/3 ක් සුව කරගෙන මරණයෙන් මුදා ගත හැකියි.

අපේ සිරුරේ මූලික ඒකකය වන සෛලයේ සියලුම කි‍්‍රයාවන් පාලනය කරන

මධ්‍යස්ථානය වන න්‍යෂ්ටිය තුළ ච්ව්ඒ නමැති රසායනිකය අන්තර්ගතයි. මෙමගින් සෛලයේ කි‍්‍ර‍යාකාරිත්වය පාලනය කරනවා පමණක් නොව පරම්පරාවෙන් පරම්පරාවට එකී ලක්ෂණ ද ගෙන යනු ලබයි.

විවිධ හේතුන් කරණ කොටගෙන මෙකී ච්ව්ඒ වල වෙනස්කම් සිදු වෙයි. ඉහත සඳහන් කළ පරිදි පාලනයක් නැතිව සෛල දිගට හරහට බෙදී යාම සිදු වන්නේ මෙම  ච්ව්ඒ  වෙනස්කම් නිසාවෙනි. මෙම වෙනස්කම් ඇති කරන සාධක පිළිකාජනක ලෙස හැදින්විය හැකිය .

පිළිකාජනක වශයෙන් හඳුන්වනු ලබන්නේ මොනවාද යන්න මෙහිදී සලකා බැලීම වැදගත්ය. එනම් සිගරැට් දුම, මත්පැන්, වෛරස හා වෙනත් පරපෝෂිතයන්, ඇතැම් ආහාර වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය,  විකිරණ හා පාරජම්බුල කිරණ (හිරුරැස්) ඇතැම් හෝමෝන වර්ග, ප්‍රවේණිගත හේතු  සහ සිරුරේ ඇතිවන වෙනත් රෝග දැක්විය හැකිය. මෙම පිළිකා ජනක වලින් 1/3 ක්ම අපහට වළක්වා ගත හැකිව ඇති බව ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

සිගරැට් දුමෙහි පිළිකා ජනක රසායනිකයන් 10 කටත් වැඩි ප්‍රමාණයක් අඩංගුවන අතර මුඛ කුහරයේ, උගුරේ, පෙනහළුවල, ගලනාලයේ, අග්න්‍යාසයේ, වකුගඩුවල සහ මුත්‍රාශයේ ආදී ශරීරයේ බොහෝ ස්ථානවල පිළිකා ඇති කරවීමට දුම් බීම හේතුකාරක වේ.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් දුම් පානය නොකරන අයකු වුවත්,දුම්පානය කරන්නකු අසල සිටිමින් අකි‍්‍රය දුම්පානයට ගොදුරු වූ අයටත් පිළිකා රෝගය වැලදිය හැකි වෙයි.

තවත් ඉතා වැදගත් කරුණක් මෙහිලා සඳහන් කළ යුතුව  තිබේ. එනම් දුම්පානය කළ පුද්ගලයකු දුම්පානය සම්පූර්ණයෙන් නතර කර අවුරුදු 10 ක් ගත වූවාට පසු පිළිකා ඇතිවීමේ අවදානම දුම්පානය නොකරන කෙනකුගේ තත්ත්වයටම පත්වන බව දැනට සොයා ගෙන තිබීමයි.

බුලත් සැපීම පිළිකා ඇතිකරන තවත් නරක පුරුද්දකි. විශේෂයෙන්ම බුලත් හපය දවසේ වැඩි වේලාවක් කටේ තබා ගෙන සිටීමෙන් මුඛ පිළිකා හටගැනීම සිදු වේ. මුඛ පිළිකා පමණක් නොව ගලනාලයේ පිළිකා හට ගැනීමට ද නිතර බුලත් සැපීම හේතු  වී තිබේ.

හිරු රැස්වල අඩංගු පාරජම්බුල කිරණ සමේ පිළිකා ඇතිකිරීමට හේතු වන හෙයින් නිතර අව්ව තැපීම පිළිකා වලට අත වැනීමක් බඳුය.

පිළිකා ඇතිවීමට බලපාන තවත් කරුණක් වශයෙන්  ලිංගික චර්යා වැරදි සඳහන් කළ හැකි ය. පුරුෂයින් රැසක් ඇසුරු කරමින් ලිංගික චර්යා වැරදි ලෙස සිදු කරන කාන්තාවන්ටත් අඩු වයසින් විවාහ වී (අවුරුදු 18 ට අඩු) ලිංගික චර්යාවල යෙදෙන ගැහැණු දරුවන්ටත්, ගැබ්ගෙළ පිළිකා ඇතිවීමේ වැඩි ඉඩ කඩක් පවතී.

තවද, ආහාර වර්ණ ගැන්වීමට පාවිච්චි කරන වර්ණකයන් , ආහාරවල රසය කෘති‍්‍රම ලෙස වැඩි කිරීමට යොදන ඇතැම් රස කාරක පමණක් නොව ආහාර කල් තබා ගැනීමට පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය ආමාශයේ පිළිකා ඇති කරවීමට හේතු වේ .

සමහර ආහාර මත හටගනු ලබන විවිධ දිලීර මගින් නිෂ්පාදනය කෙරෙන විෂ වර්ග හේතුවෙන් ද පිළිකා ඇති කරවිය හැකියි. උදා වශයෙන්  ‘ඇස්පජිලස් ප්ලේවර්ස්’ නමැති දිලීරය මගින් නිපදවන  ‘ඇප්ලටොක්සින් ‘ හේතුවෙන් අක්මාවේ පිළිකා හටගන්නා බව ද,  ‘පියුසාරියම්’  නම් දිලීරය මගින් නිපදවන විෂ වර්ගයක් නිසා ගලනාලයේ පිළිකා හටගනු ලබන බව ද සොයා ගෙන තිබේ. විටමින් සී, සින්ක්, සහ මොලිබිඩිනම් යන ,පෝෂණ ද්‍රව්‍යවල ඌණතා හේතුවෙන් ද පිළිකා ඇති කරවන බව මෙහිලා සඳහන් කළ යුතුය.

ශරීරයට අවශ්‍ය කෙඳි ප්‍රමාණය අඩුවීමේ හේතුවෙන් මහ බඩවැල් පිළිකා ඇතිවන අතර පෝෂණ ඌණතාවය හා අධිපෝෂණ තත්ත්වය නිසාවෙන් ඇතිවන තරබාරුකම හේතුකොටගෙන ගර්භාෂයේ, පිත්තාශයේ  හා පියයුරුවල පිලිකා හට ගැනීම සිදු කරවයි.

එපමණක් නොව, ගල් අඟුරු කර්මාන්තයේදී යෙදෙන අයට මුත්‍රාශයේ, උගුරේ පෙනහලුවල, වෘෂණ කෝෂවල හා සමේ පිළිකා සෑදීමේ අවදානම වැඩි වේ. ඇස්බැස්ටෝස් කර්මාන්තයේ යෙදෙන අයට පෙනහලු පිළිකා ද, රසදිය ආශි‍්‍රත කර්මාන්තයන්හි යෙදෙන අයට අක්මාවේ පෙනහලුවල සහ සමේ ද, බොරතෙල් කර්මාන්තයේ යෙදෙන අයට උගුර, පෙනහලු, නාසය, වෘෂණ කෝෂ, සම ආදී තැන්වල ද, යුරේනියම් කර්මාන්තයේ යෙදෙන අයට අස්ථිවල ,පෙනහලු වල සහ

සමේ ද පිළිකා සෑදීමේ වැඩි අවදානමක් පවතී.

ඊට අමතරව විකිරණ ශිල්පීන්ට, රබර් කර්මාන්තයේ යෙදෙන අයට, පින්තාරු වැඩ කරන අයට, සපත්තු  කාර්මිකයින්ට, රෙදි පින්තාරු කරුවන්ට,මුත්‍රාශය, අක්මාව, මොළය ආශි‍්‍රත පිළිකා වැළඳීමේ ඉඩකඩ වැඩි වන අතර,  ලියුකේමියා (ලේ පිළිකා) සෑදීමට ද ඉඩ ප්‍රස්ථා පවතී.

වෙල්ඩින්කරුවන්ට, ප්ලාස්ටික් කර්මාන්තයේ යෙදෙන අයට, වකුගඩු, පෙනහලු,පුරස්ථි ග්‍රන්ථි, අක්මාව, මොළය ආශි‍්‍රත පිළිකා අවදානම පවතින බව ද සඳහන් කළ යුතු ය.

විවිධ වෛරස මගින් මිනිසාට පිළිකා වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව දැනට සොයා ගෙන ඇත. එය සතුන්ට සාපේක්ෂව අඩු ප්‍රවණතාවයකි. ඡ්ඕ වෛරසය හේතුවෙන්  ‘බර්කිට් ලිමිපෝමා’ නමැති පිළිකා වර්ගයත්  ‘හෙපටයිටිස් - බී’වෛරසය මගින් අක්මා පිළිකා වැළඳෙන බවත් සොයා ගෙන තිබේ. කාන්තාවන්ගේ ගැබ් ගෙළ පිළිකා ඇතිවීම කෙරෙහි ඉන්නන් ඇති කරන වෛරසයක් ද හේතුවන බව සැලකේ.

පිළිකා හට ගැනීම සඳහා තවත් හේතුවක් ලෙස පරිසර දූෂණය සැළකිය හැකිය. සූර්යයාගේ සිට පෘථිවිය වෙත එන පාරජම්බුල කිරණ (අල්ට්‍රා වයලට්) මැඩ පවත්වනුයේ ඕසෝන් නමැති වායු වියනක් මගිනි. මිනිසා විසින් කරනු ලබන පරිසර දූෂණ කි‍්‍රයා හේතුවෙන් මෙම ඕසෝන් වියන සිදුරු වීම සිදු වේ.

 ඒ අනුව පාරජම්බුල කිරණ බාධාවකින් තොරව පෘථිවිය මත පතිත වීම කරණ කොටගෙන සමේ පිළිකා හට ගැනීම සිදු කරවයි.

තවද, අපද්‍රව්‍ය වශයෙන් පරිසරයට මුදා හරින විකිරණශීලි  ද්‍රව්‍ය හා විවිධ රසායනික කොටස් හේතුවෙන් ද පිළිකා හට ගැනීම සිදු වෙයි.

මීට අමතරව, පිළිකා මර්දනය කිරීම සඳහා පාවිච්චි කරන ප්‍රති පිළිකා ඖෂධ බොහොමයක් ශරීරයේ වෙනත් ස්ථානවල පිළිකා ඇති කිරීමට හේතු වන බව සොයා ගෙන ඇත. එවගේම පිළිකා මර්දනයට යොදා ගනු ලබන  ‘විකිරණ ප්‍රතිකාරය ‘ ත් සමහර විටෙක වෙනත් පිළිකා ඇති කරවීමට හේතු   විය හැකිය.

 ඊස්ට්‍රජන්  නම් වූ ලිංගික හෝමෝනය අධික ලෙස භාවිත කිරීම නිසා ගර්භාෂයේ පිළිකා ඇති කරවන බව තහවුරු කරගෙන ඇත. ලොව පුරා කී‍්‍රඩකයන්  භාවිත කරන  ‘තහනම් උත්තේජක’ ද පිළිකා කාරක ලෙස කි‍්‍රයා කරන අවස්ථා ඇත.

මීට අමතරව වෙනත් රෝග හේතු කොටගෙන ද පිළිකා ඇති විය හැකිය. උදා. ලෙස අක්මාවේ සිරෝසිස්  පසුකාලීනව පිළිකා බවට පත් වන අවස්ථා ඇත. ඒඩ්ස් රෝගීන් හට  ‘කැපෝසි සාකෝමා’ නම් පිළිකාවක් ඇතිවීමේ ඉඩකඩ පවතී.

ස්ත්‍රි ලිංගික අවයව වල සහ මුඛයේ ඇතිවන සුදුපාට පැල්ලම් පසුකාලීනව පිළිකා බවට පත්විය හැකිය. සමේ ඇතිවන සමහර කළු පාට ලප පවා  ‘මෙලැනෝමා’ නම් වූ චර්ම පිළිකා බවට පත් වන බවට සැක පළ කර ඇත.

සමහර පිළිකා පරම්පරාවෙන් පරම්පරාවට යාමට බොහෝ වශයෙන් ඉඩකඩ පවතී. ඒවා අතර පියයුරු,ආමාශය, මහාන්ත්‍රයේ ආදියේ පිළිකා දැකිය හැකිය. පිළිකාවක් ක්‍රමයෙන් විශාල වන විට එය ඇති වූ පටකය විනාශයට පත් වීම සිදුවෙයි. එවිට එම පටක ඉන්ද්‍රිය වල කි‍්‍රයාකාරිත්ත්වයන් අඩපණ කොට රෝගියා මරණයට පත් කරවයි.

පිළිකා රෝගීන් බහුතරයකගේ සිරුරු දුර්වල වී වැහැරී යන අතර, ඊට හේතු  වන කරුණු කිහිපයක් ඇත. එනම් ආහාර අරුචිය, ආහාර ගැනීමේදී ඇතිවන අවහිරතා වේගයෙන් වර්ධනය වන පිළිකාව හේතුවන් පෝෂ්‍ය පදාර්ථ වැඩිපුර උදුරා ගැනීම සහ මානසික බිඳ වැටීමයි.

බොහෝ පිළිකා රෝගීන් අතර, ප්‍රතිශක්තිය අඩු වීම නිසා පහසුවෙන්ම ලෙඩ රෝගවලට බඳුන් වේ.  පිළිකා රෝගීන් තුළ සුලබව දැකිය හැකි අවදානම් තත්ත්වයක් නම් නීරක්තිය හෙවත් ලේ අඩු කමයි. නීරක්තියට හේතු  කිහිපයක් බලපායි. එනම් පිළිකාව මගින් ඇටමිදුළු ආක්‍රමණය කිරීම, පෝෂණ සඳහා ඇති ස්ථාන ලේ ගැලීම්වලට ලක් වීම හා නිතර නිතර ආසාදනයන්ට ලක්වීමයි.

ඊට අමතරව සමහර පිළිකා මගින් රුධිරය කැටි ගැසීමේ හැකියාව වැඩි කර ශරීරයේ යම් යම් ස්ථානවල රුධිර කැටි ඇති කර ජීවිතය සම්බන්ධ භයානක ප්‍රතිඵල පවා ගෙන දිය හැකි බව සැළකිය  යුතුය.

මළ පහ කිරීමේ හෝ මුත්‍රා කිරීමේ චර්යාවන්හි වෙනස්කමක්, සුව නොවන තුවාලයක් තිබීම, සිරුරේ කිනම් ස්ථානයක කවර හෝ විවරයකින් අසාමාන්‍ය ලෙස රුධිරය හෝ ශ්‍රාවයක් ගැලීම, ආහාර ගිලීමේ සහ දිරවීමේ අපහසුතාවය, පියයුරුවල හෝ ශරීරයේ වෙනත් තැනක ගෙඩියක් හෝ කිසියම් තද බවක් තිබී, ලපයක හෝ ඉන්නකුගේ හදිසි පැහැදිලි  වෙනස්කමක් සහ දිගුකල් පවතින කැස්සක් හෝ කටහඬෙහි කිසියම් වෙනස්වීමක් සිදු වී ඇත්නම් බොහෝ විට පිළිකා රෝගයක පූර්ව ලක්ෂණ බව අවබෝධ කටයුතුයි.

පුරස්ථි ග්‍රන්ථි  පිළිකා

පුරස්ථි ග්‍රන්ථි   පිළිකා සෑදෙන්නේ පිරිමි පාර්ශ්වයට පමණි. පුරුෂ පක්ෂයේ අයගේ මුත්‍රාශයේ ගෙළ වටා පිහිටා ඇති පුරස්ථි ග්‍රන්ථිය හරහා මුත්‍රාශයේ ශිෂ්ණයට මුත්‍රා ගෙන යාම සිදු වෙයි. බොහෝ විට මෙම පිළිකා ඇතිවන්නේ වයසට යාමත් සමගින් පුරස්ථි ග්‍රන්ථියේ විශාලවීමත් ඇතිකරවමිනි. ඇතැම් විට එම විශාල වීම පිළිකාවකට සම්බන්ධ නොවන්නට ද පිළිවන.

පුරස්ථි ග්‍රන්ථියේ මෙම විශාල වීම මුත්‍රාශයට පීඩනයක් ඇති කර මුත්‍රා නිදහස් ලෙස ගලා යාමට බාධා පමුණුවයි. මේ නිසා නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ද පැනනගී. මෙහිදී මුත්‍රාශය සම්පූර්ණයෙන් හිස් කිරීමට නොහැකි වන අතර, මුත්‍රා පිට කිරීමට වෙහෙසක් දැරීමට ද සිදු විය හැකිය. නමුත් මේ තත්ත්වය තිබියදී මුත්‍රා සමඟ ලේ පිටවීමක් සිදුවුව හොත් එය පිළිකාමය තත්ත්වයක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බව සඳහන් කළ යුතුය.

පෙනහලු පිළිකා

පෙනහළු පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුව දුම්බීමයි. සිගරැට් දුමෙහි පිළිකා

කාරක විශාල සංඛ්‍යාවක් අන්තර්ගතව ඇති බව සොයාගෙන තිබේ.

මීට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම ද පිළිකා ඇති වීම කෙරෙහි බලපායි.

පිළිකා රෝගීන් අතර, දැකිය හැකි විශේෂ ලක්ෂණ මෙසේයි. එනම් කල්ගතවන කැස්ස, හුස්ම ගැනීමට ඇති අපහසුතා, මහන්සිය, සෙම සමඟ ලේ පිට වීම ආදියයි. සමහර අයට පපුවේ වේදනාවක් පවා හට ගත හැකියි. සාමාන්‍යයෙන් මෙම වේදනාව පපුවට යමකින් අණින්නාක් බඳු වේදනාවකි. තව ද, ගැඹුරට හුස්ම ගැනීමේදී කහිනවිට සහ කිවිසුම් අරින විට වේදනාව උත්සන්න වෙයි.

මීට අමතරව, බෙල්ල හා කිහිල්ල ආශි‍්‍රතව කුද්දැටි ඇති වීම, කෑම අරුචිය, ශරීරය කෙට්ටු වීම, තවත් රෝග ලක්ෂණ කිහිපයක් ලෙස සඳහන් කළ හැකිය. සමහර අවස්ථාවලදී පෙනහලු ආශි‍්‍රත රෝග ලක්ෂණ නොමැතිව ශරීරයේ වෙනත් ස්ථානවල හටගන්නා විවිධ රෝගාබාධ ලෙස ද පෙනහලු පිළිකා රෝගය පෙන්වන අවස්ථා ඇත. උදාහරණ වශයෙන් පිරිමින්ගේ පියයුරු විශාල වීම, අසාමාන්‍ය ලෙස ශරීරයේ රෝම හට ගැනීම, නහරවල ලේ කැටි ඇති වීම, විවිධ හෝමෝනවල වෙනස්කම් ඇති වීම සමහර විට පෙනහලු පිළිකා රෝගය පවතින බවට සාධක විය හැකිය. පෙනහලු පිළිකා රෝගීන්ගෙන් 10්‍%ක් පමණ පිරිසක් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරති. වෙනත් රෝග වලට පරීක්ෂා කිරීම්, වෛද්‍ය පරීක්ෂා ආදිය සිදු

කිරීමේදී අහඹු ලෙස පෙනහලු පිළිකා රෝගීන් හඳුනා ගැනීමට අවකාශය සැලසේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.