ධාරණ ශක්තියට ලිංගික දුබලතාවයට දිව ඔසුවක් වූ මී පැණි

පෙබරවාරි 28, 2020

කටුකරෝසනත් අතිවිඩයන් ගෙ න
අක්‍රපට්ටා තුන්රැස් මුල් සමගි න
මෙ හැම බරට වැල් මී අර ගෙ න
මී පැණි සහ ගිතෙලින් අඹරා ගෙ න


මහසන්නි විදුර

සියලු සන්නියට අරළු ලසුනු සි ද
දෙව මී පැණි ලා ගුණ වේ නිවර ද
කොසඹ කුබුරු නික බටු කුඩු මිරිස ද
කරදවරා අත්තන ඉරිවේරි ද


බාල ග්‍රහණි ගුලිය

අජීරණද මාන්දම ට
මී පැණියෙන් දෙනු විගස ට
පැමිණි ග්‍රහන මාන්දම ට
සියබලාබොර ගුලි සමකො ට


ඊට අමතරව කුෂ්ඨ රෝග වැනි සමේ හටගන්නා රෝග රැසකටම ගුණදෙන මී පැණි පිත්රෝග ලේ සම්බන්ධ රෝග හා ළදරු රෝගවලටද දෙනු ලබන මහඟු ඖෂධයකි. මී පැණි සෙම වර්ධනය නොකොට ශරීරයේ පවතින සෙම අඩුකරයි. මී මැස්සන් විසින් නොයෙක් ආකාරයේ පුෂ්පයන්ගෙන් ලබාගන්නා පැණිවලින් නිෂ්පාදනය කරනු ලබන මී පැණිවල කිසිදු ආකාරයේ අගුණයක් නොමැත. දේශීය මෙන්ම ආයුර්වේද වෙදකමේදී ද මී පැණිවලට ලැබෙන්නේ විශේෂත්වයකි. බොහෝවිට ගුලි කල්කදීමේදීත් චූර්ණ ආදී ඖෂධ සැකසීමේදීන් මී පැණි යොදාගනිති. උක් පැණි අනුපානයට යකිනාරන්කොළ අනුපානයට ශාරිවාදික්වාථය ධාත්‍රිරසායනයට කනකාසවයට පුනර්නවා සවයට දේවදාරිෂ්ටයට නිම්බාරිෂ්ටයටද මී පැණි යොදා ගනි. මධු රස කල්කය.

මී පැණි හොඳ විෂබීජ නාශකයක් ද වේ. රෝම කූප තුළින් සමට ඇතුල්විය හැකි ජීවාණු මී පැණි සමේ ආලේප කිරීමෙන් විනාශ වේ. ඉන් සමේ බාහිරව හටගන්නා රෝග සුව වේ. වර්ගීකරණයට අනුව මී පැණි වර්ග අටකි. මී මැසි වර්ගය අනුව මී පැණිද වර්ග වේ. අලුත් මී පැණිවලට වඩා පරණ මී පැණි ගුණයෙන් උසස් ය. මී පැණිවලට ඉක්මනින් ජලය ඇද ගැනීමේ ශක්තියක් ඇත. එබැවින් තෙත් සහිත ස්ථානවල මී පැණි බෝතල් මෙන්ම වෙනත් ඇසුරුම් නොතිබිය යුතු ය. මී පැණි ලා කහපාට තරමක් ඇලෙන සුළු ගතියෙන් යුක්ත වේ. එම මී පැණිවල ඇත්තේ සියයට හැත්තෑ පහක්ම ශක්තිය නිපදවීමට උදව්වන සීනිය. ලවණ අඩංගුව ඇත්තේ සුළු ප්‍රමාණයකි. චතුමධුර අතර සත්ව ගණයට අයත් එකක් වන්නේ මී පැණි ය. රළු කසට මධුර ගුණයෙන් සමන්විත මී පැණි තුන්දොස් නසා රෝගාබාධ දුරු කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.