වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශ්වාස රෝගය හෙවත් හතිය
ආශ්වාස ප්‍රාශ්වාසය එනම් හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙළීම අපට නොදැනුවත්වම සිදුවන ක්‍රියාවලියක් මෙන්ම අවශ්‍ය වූ විටක අපට පාලනය කළ හැකිවූද ක්‍රියාවලියකි. නමුත් එසේ නොදැනුවත්වම සිදුවන හුස්ම ඉහළ පහළ යාමටත් අපට ආයාසයකින් නැතහොත් අපහසුවකින් සිදුකළ යුතු ක්‍රියාවලියක් බවට පත්වුවහොත් ඒ පීඩාව කෙබඳුවේද? අද අපි මේ ලිපියෙන් එවැනි වූ පීඩාවක් ගෙන දෙන රෝග තත්ත්වයක් පිළිබඳව විමසා බලමු.
ශ්වාසය නම් වූ එම රෝග තත්ත්වයට හතිය, ඇදුම, මුස, මුහ රෝගය යනාදී නාමයන් කිහිපයකි. වේගවත් ඌර්ධ්ව වාතය ශ්වාසය වන අතර නිඞශ්වාසය ශබ්දයක් සහිතව පිටවේ. බොහෝවිට මුඛයෙන් හුස්ම ගැනීමටත්, හුස්ම පිටකිරීමටත් සිදුවන බැවින් මුහ හෙවත් මුස රෝගය ලෙස නම්කර තිබේ. මෙය වාතය හා කඵ යන දෝෂයන්ගේ විකෘතිතා නිසා ඇතිවේ.
පෙනහැලි තුළ ඇති අවකාශයන් උකු සෙමවලින් පිරීයාම නිසා වාතය පෙනහැලි තුළට ඇතුළුවීමේ ඉඩ ප්‍රස්ථාව අඩුවේ. එමෙන්ම ශ්වාස නාලිකා වල සෙම් කොටස් බැඳී පැවතීම නිසාද වාත හුවමාරුව අඩාල වේ. එම නිසා ඔක්සිජන් හිඟපාඩුව මඟහරවා ගැනීමටත් යළි යළිත් වැඩි වැඩියෙන් හුස්ම ගැනීමට සිදුවේ. එසේම සෙම පදාර්ථ පිට කිරීම සඳහා කැස්ස ඇතිවේ. කැස්ස සමඟ සෙම පිට නොවන විට තව තවත් උග්‍රව ශ්වාසය ඇතිවේ. දෑලවර වේදනාවත්, පපු ප්‍රදේශයේ වේදනාවත්, රෝගියාට ඇතිවේ. අවශේෂ ලෙස උදරාධ්මානය, හකු ප්‍රදේශයේ වේදනාව මුඛයේ නීරස බවද ඇතිවිය හැකියි.
ශ්වාසය රෝගයකි. එසේම රෝග ලක්ෂණයක් ලෙසද, රෝගයක උපද්‍රවයක් ලෙසද ඇතිවිය හැකියි. බොහෝවිට කාසයත් සමඟ සම්බන්ධතාවයක් සහිතව ඇතිවේ. ‘කැසීමුස’ ආදී ලෙස ජනවහරේ භාවිත වන්නේ ද එම නිසයි. කාසය කාලයක් පැවතිවිටද ශ්වාස රෝගය ඇතිවිය හැකියි. එමෙන්ම හෘද රෝග, වෘක්ක රෝග ආදිය ඇසුරුකොට ඇතිවන ශ්වාස තත්ත්වයන්ද තිබේ. මෙසේ කවර තත්ත්ව යටතේ ඇතිවුවද එසේ ඇතිවන්නේ පෙනහැල්ලේ හෝ ශ්වාස නාල අධිෂ්ඨාන කොටගෙනය.
මෙම ශ්වාස රෝගය ඇතිවීමට සෘජුවම ආහාර විහරණ බලපෑම් කරයි. විදාහය ඇතිකරවන අබ, දුරු, මිරිස් වර්ග වැඩිපුර ගැනීම, ඌරුමස් වැනි බර ආහාර, කොල්ලු, කඩල වැනි රූක්ෂ ආහාර, තද ශීතලින් යුක්ත ආහාර වර්ග ශ්වාසය ඇතිකිරීමට ප්‍රමුඛත්වයෙන් සිටින ආහාර වේ. අධිකව වෙහෙසීම, අධික දුර ගමන් ඇවිදයාම, ඔරොත්තු නොදෙන අන්දමේ බර ඉසිලීම හෝ බරපතල වැඩ කිරීම ශ්වාසය ඇතිකළ හැකි ප්‍රධාන ක්‍රියාවන් අතර වෙයි.
ශ්වාසයේ දී රෝගියාට දැනෙන ප්‍රධාන ලක්ෂණය කෂ්ඨ ශ්වාසයයි. එනම් ශ්වාසනයේ දී ඇතිවන අපහසුතාවයයි.මෙහි ප්‍රධාන ආකාර 03 කි. පළමුවැනි ආකාරය අන්තඞශ්වඝනික ශ්වාසකෂ්ටතාවයි. මෙහිදී හුස්ම ඉහළට ගැනීම අපහසුවෙයි. බහිඞශ්වසනය හෙවත් හුස්ම පිටකිරීමට කිසිදු අපහසුවක් නොමැත. මෙයට ප්‍රධාන හේතුව ශ්වාස නාලිකාවේ උඩකොටසේ කවර ආකාරයක හෝ අවරෝධයක් පැවතීමයි. දෙවැනි ආකාරය බහිඞශ්වසනික
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>