වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සියදිවි නසාගැනීම් පිළිබඳව ඡ්‍යොතිෂමය විමර්ෂණයක්
අනෙකුත් ජෛව සංසිද්ධීන් වලදී මෙන්ම සියදිවි නසාගැනීම පිළිබඳවද වෛදික ඡ්‍යොතිෂය තුළින් විවිධ කරුණු අනාවරණය කරගත හැකි ය. තම ජීවිතය නැතිකර ගැනීම නැත්නම් මරණය පිළිබඳව යම් චේතනාවකින් සහ අවබෝධයකින් යුතුව ඕනෑකමින් දිවි නැතිකර ගැනීම සියදිවි නසා ගැනීම යනුවෙන් හැඳින්වේ.
මනෝවිද්‍යාඥයන් මෙය හඳුන්වා ඇත්තේ මානසික රෝග රැසක අවසන් ප්‍රතිවිපාකයන් වශයෙනි. සෞඛ්‍ය සම්පන්න මිනිසකු වන්නේ නිරෝගී ශරීරයක් මෙන්ම නිරෝගී මනසක් තිබුණුවිට ය. මනස නිරෝගි නොවීම යන්නෙන් අදහස් කරන්නේ යම් පුද්ගලයකු කිසියම් මානසික ආබාධයකින් පෙළෙනවා ද යන්නයි. ශරීරය සහ මනස අතර ඇත්තේ වෙන්කළ නොහැකි සබඳතාවයකි. එය මනෝවිද්‍යාඥයන් හඳුන්වා ඇත්තේ එකම කාසියක දෙපැත්තක් ලෙසය. මෑත කාලීන නිදසුනක් ගත්විට ශරීරය යන්න පරිගණකයක් ලෙස සැලකූවිට මනස යන්න එහි මෘදුකාංගයකි. ජීවිතයක් පවතින්නේ මෙම කොටස් දෙකෙහි අන්තර් ක්‍රියාකාරීත්වය මතය. මනස රෝගී වූ විට ශරීරයත්, ශරීරය රෝගී වූ විට මනසත් රෝගී තත්ත්වයට පත්වේ. යම් පුද්ගලයකුගේ සිතිවිලි සහ ආවේගවල යහපත් ක්‍රියාකාරීත්වයට බාධාකාරීවන නැත්නම් සාමාන්‍ය පුද්ගල චර්යාවන්වලට බාධාකාරීවන රෝගී තත්ත්වයක් මානසික රෝග හෝ ආබාධ හඳුනාගැනීමේ දී මූලික වේ. නියමිත ප්‍රතිකාරයක් නොලැබුණු විට මෙවන් අවස්ථාවක් මානසික ආබාධයක් දක්වා වර්ධනය විය හැකි ය. සියදිවි නසා ගැනීම හඳුන්වා ඇත්තේ මානසික රෝග උත්සන්න වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙවැනි මානසික රෝග අතුරින් ආතතිය,විෂාදය කාංසා අක්‍රමිකතා, සයිකෝෂීය අක්‍රමිකතා, ද්විධ්‍රැව අක්‍රමිකතා සහ චිත්ත වික්ෂේපය යන මානසික රෝග ප්‍රධාන තැනක් ගනී. මෙවැනි රෝගවල උත්සන්න අවස්ථාවලදී බොහෝ විට සියදිවි නසාගැනීම් වාර්තා වේ. මනෝවිද්‍යාඥයන් දක්වන පරිදි මෙලෙසින් මනස රෝගීවීමට පහත දැක්වෙන දෑ හේතුවිය හැකි ය.
ළදරු හෝ ළමා කාලයේ දී මුහුණ දීමට සිදුවන අයහපත් අත්දැකීම් එනම් ශාරීරික හා ලිංගිකවශයෙනන් සිදුවන අපයෝජන නිදසුනක් ලෙස දැක්විය හැකි ය.
ගෘහස්ථව සහ සමාජයීය වශයෙන් මුහුණදීමට සිදුවන අයහපත් අත්දැකීම්.
පෞරුෂත්ව ඌනතාවයන් හෝ අක්‍රමිකතා
මත්පැන්, දුම්පානය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම විරැකියාව හෝ ජීවත්වීමට ක්‍රමයක් නැතිවීම.
සමාජයීය හුදකලාබව හෝ දැඩි තනිකම.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>