වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මාස්මෝසමේ බෝග දැමීම සිදුකරනු ලබන සැප්තැම්බර් ඔක්තෝ්ම්බර්
මෙරට හැම ගොවිතැනක්ම සිදුකරනු ලබන්නේ යල හා මහ යන සස්සවාර දෙකට ය. මින් මහ යනු වැඩි අස්වැන්නක් ලැබිය හැකි වාරය ලෙස සැළකේ. ඒ අනුව කුරක්කන් ගොවිතැනද කරනුයේ මාස් මෝසමේදී ය. මාස් මෝසම සඳහා භෝග දැමීම සැප්තැම්බර් බිනර මාසයේ මැද භාගයේ පටන් ඔක්තෝම්බර් වප් මාසය මැද දක්වාම සිදු කෙරේ.
මාස් කන්නයේ කුරක්කන් වගාව සඳහා වල්කොටනු ලබන්නේ ජූලි, අගෝස්තු මාසවලදී ය. එමෙන්ම වගා කටයුතු වලදී සෑම වැඩක්ම කරනුයේ අව, මර, යෝග, රිට්ටා මඟහරමිනි. වල් කෙටීම පවා සිදුකරනු ලබන්නේ සුබ මොහොතිනි. සුබ මොහොතින් හේනේ වල්කෙටීම අරඹා පාරවල් දමා මායිම් කිරීම සිදු කෙරේ. වල් කෙටීම නැගෙනහිරින් පටන් ගෙන බස්නාහිරින් අවසන් කිරීම පැවත එන සිරිතකි. ගොවි ජීවිතයේ පී‍්‍රතිවූත් විශේෂිතවූත් දිනය වන්නේ බෝග වපුරන දිනයයි. නැතහොත් මුත්තෙට්ටු දිනයයි.
මෙදින මුළු හේන්යායෙම ගොවීහු මුත්තෙට්ටුව තිබෙන හේනට රැස්වෙති. මෙහිදී එහි සිටින දැන උගත් වැඩි හිිටි ගොවියෙක් හෝ දෙදෙනෙක් බීජ වැපිරීම අරඹයි. ඒ අතර අනෙක් අය එකපෙළට සිටගෙන බීජ වැපුරූ බිම උදුලු ගෑමට සැරසෙති. උදලු ගාන මුත්තෙට්ටුවට ද සී පද කියමින් එය ඉටුකිරීම ද සිරිතකි. කවි කියනු ලබන්නේ පද මාරුවටය. මෙසේ ගී පද සිවු පද ගායනා කරමින් උදලු ගෑමෙන් ඔවුන්ට වෙහෙසක් කාන්සියක් නොදැනේ. ඔවුන් උදලු ගා නිමවන්නට පළමුව මුත්තෙට්ටුබත රැගෙන ගෙවිලියෝ හේනට පැමිණෙති. කැකුළු සහල් බත්, අළුපුහුල් හොදි, දෙල්මැල්ලුම, හාල්කිරි වැනි දේ මෙසේ ගෙනති. කුරක්කන් ,තෘණ කුලයට අයත් භෝගයකි. උද්භිද විද්‍යාත්මකව එය හඳුන්වා ඇත්තේ එලියුසිනා කොරකොනා යනුවෙනි. කුරක්කන් වල පිෂ්ඨය 72.9% වන අතර ප්‍රෝටීන් 7.8 ද අඩංගු වේ. කුරක්කන් දියවැඩියා රෝගීන්ට සුදුසුම ආහාරයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
මොරටුවේ තිස්ස මහානාම
සටහන –
බී.ඇල්. පේ‍්‍රමරත්න