හොල්මන් විශ්වාස කරනවද ?

අගෝස්තු 30, 2019
හොල්මන් අවතාර ගැන ගොඩක් අය අහන්න කැමතියි. ඒත් දකින්න කැමති නැහැ. මේවායේ සත්‍යයක් තිබෙනවද? එහෙනම් මොනවද මේ හොල්මන්. අවතාර ගැන එක එක ආකාරයට විස්තර කරනවා. සමහරු සෙලවෙන මනස කියල විස්තර කියනවා. මොනවා උනත් මෙහෙම දේවල් විශ්වය තුළ පවතිනවා කියල තමයි කියන්න තිබෙන්නෙ. 
මේ ගැන ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කළාම වටහාගන්න බැරිකමකුත් නැහැ. අපි මේ හොල්මන් අවතාර ගැන පටලවාගෙනයි ඉන්නේ. යකා ගහල පිටේ ඇඟිලි පහම තිබුණා. එහෙමත් නැත්නම් අර ගොරක ගහ යටින් යනකොට කවුදෝ ගැහැව්වා . නූලෙන් බේරුණා. මේවා ආදි කාලේ රට නොදියුණුව තිබූ කාලේ අහන්න තිබූ දේවල්. සුදු ඇඳගත් ගැහැනියෙක් ළමයෙකුත් වඩාගෙන මේ තවත් එකක්. මේවා ගැන අපට කිසිම දැනුමක් නැති වුණාට ගුරුකම් කරන මන්ත්‍රාචාර්යතුමාට එච්චර ගතියක් නැහැ. මන්ත්‍ර ගුරුකම් කරන්න කලින් ඡ්‍යොතිෂය ටිකක් ඉගෙන ගන්න ඕනෑ. ඕගොල්ලො අසාවි ගුප්ත විද්‍යාවට ඡ්‍යොතිෂය මොකටද කියලා. යහපත් ගුරුකම් හා අයහපත් ගුරුකම් කියල වර්ග දෙකක් ගුප්ත විද්‍යාවේ තිබෙනවා. ප්‍රතිඵලය සුබ නම් යහපත් ගුරුකම් අශුභ නම් අයහපත් ගුරුකම්. 
යහපත් ගුරුකම් කරන්න ඕන පුර තිථියට, ඒ කිව්වේ මාසේ පෝයට දින 14 ක් ඉදිරියට. අව තිථිය කිව්වේ පෝයට පසුදින 14 ක අමාවකටත් ගුරුකම් කරනවා. නමුත් මාසේ පෝයට කරන්නෙ නැහැ. අනික දැනගන්න ඕනෑ පුරට කලාව පිහිටන්නේ මනුෂ්‍ය ඔලුවට කිට්ටුව. මේ විදියට බැලුවාම තිථිය ගැන දැනුමක් තිබෙන්න ඕනෑ. තිථිය උගන්වන්නේ ඡ්‍යොතිෂ පාඩම්වලදී. යක්ෂ උපද්‍රව, පේ‍්‍රත උපද්‍රව, පිසාච උපද්‍රව ,හොල්මන් අවතාර මොනවද කියල නිකමට හෝ පොඩි දැනීමක් තිබුණොත් පිංතූරවල, රූපවාහිනිවල දකින කොට ඔබට වැඩි අවබෝධයක් සතුටක් ලබන්න පුළුවන්. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
පාරම්පරික ගුප්ත විද්‍යාධර 
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ 
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.