වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
සිරිනිට පාසල් ගමන එපා කළරහස
පාසල් යාමට පෙර හෝ රැකියාවට යාමට පෙර වාර ගණනක් බෑගය සකස් කිරීම මොවුනගේ සිරිතකි. ඇතැම් විට එය පනස් වරක් වැනි වැඩි වාර ගණනක් විය හැකියි.
සිරිනි පාසල් ගියේ කැමැත්තකින් නොවෙයි. ඇයට පාසලට පා නඟන විට පෙනුණේ පන්ති භාර ගුරුතුමියයි. ගුරු මණ්ඩලයට මුවපුරා බැණගෙන බැණගෙන යාමට සිතුණ ද එය කිසිසේත්ම කළ නොහැකි බව සිරිනි හොඳින්ම දන්නීය. එහෙත් නොබැණ්නොත් ඇයට සිතෙන්නේ මාපියන්ට කුමක් හෝ කරදරයක් සිදු වේවි කියායි.
සෑම දිනකම ගුරුතුමියන්ට බැණීමේ සිතිවිල්ල අසිීරුවෙන් සිරිනි යටපත් කරන්නේ මාපියන්ට කරදරයක් වේවි දෝයි යන බිය ද සිතෙහි තද කරගෙනය.
එපමණක් නොව නිවෙසින් පිටත්ව යාමේදීත් ඇය මුහුණ දුන්නේ දැවැන්ත අභියෝගයකටයි. නිවෙසේ සිට මිදුලට තිබූ පඩි තුන ඇය පෑගුවේ ගණන් කරමිනි. පඩි තුනම පෑගුවේ නැත්නම් ඇයට සිතෙන්නේ මාපියන්ට අනතුරක් සිදු වේවියි කියායි. වැරැදීමකින් හෝ එක් පඩියක් හෝ මඟ ඇරුණොත් ඇය යළි දොරකඩට ගොසින් පඩි තුනම පෑගුවේ මාපියන්ට වරදක් සිදු නොවනු පිණිසය.
සිරිනිට වැලඳී තිබුණේ ග්‍රස්ථිය නම් මානසික රෝගී තත්ත්වයයි. ග්‍රස්ථිය රෝගීන් නිතර බැණුම් අසන පිරිසකි. ඒ සෑම වේලාවේම ඔවුන් අනවශ්‍ය ලෙස පැය ගණන් ස්නානය කරන, නැවත නැවත අත සෝදන, ජලය නාස්ති කරන පිරිසක් නිසයි. පවුලේ අනෙක් අයට මොවුන් ස්නානය කර එනතුරු පැය ගණන් බලා සිටින්නට සිදු වෙයි. රෝගීන් අනවශ්‍ය ලෙස සබන් ගෑම නිසාම අත්වල සම තුවාල වෙයි.
ග්‍රස්ථිය
මොළයේ ස්නායු පද්ධතියට සම්බන්ධ රෝගයකි. සිතිවිලි පාලනය කළ නොහැකි වීම, නැවත නැවත එකම සිතිවිල්ලක් ඇති වීම මෙහි ලක්ෂණයයි. රබර් බෝලයක් දිය යට පාලනයකින් තොරව තබාගත නොහැකි සේ සිතිවිලි පාලනය කිරීමට අපහසු වේ. රෝගියා කෙතරම් උත්සාහ කළත් රෝගියා අබිබවා සිතිවිලි ජය ගනී.
නැවත නැවත ප්‍රශ්නකාරී සිතිවිලි ද ඇති විය හැකියි. ‘රෝගය සුව වෙයිද?’ ‘පිළිකා සෑදෙයි ද?’ වැනි විවිධ ප්‍රශ්න යළි යළිත් පැන නැඟෙයි. ඇතැම් විට මෙසේ නැවත නැවත මනසේ ඉස්මතු වන්නේ විවිධ මතිමතාන්තරයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>