වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
අඟනුන්ගේ ස්ත්‍රී ලක්ෂණ
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුලුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රනලියෙව් රූසිරි යුත් මෙපුර ඟන
ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙව ඟන
තොටගමුවේ ශී‍්‍ර රාහුල මාහිමි, සැලළිහිණි සඳෙස
අප රටේ මහා කවීන් අතර ප්‍රධාන ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. කාන්තාවන් පිළිබඳ උන්වහන්සේ වර්ණනා කළ කවියක් ඉහත සඳහන් වේ.
එහි මුලටම කියවෙන්නේ කාන්තා මුහුණ ගැන ය. යම් කතකට හඳක් වැනි ප්‍රසන්න ලක්ෂණ මුහුණක් තිබේ නම් එය වටිනා අංගයකි. එහෙයින් ඒ පිළිබඳ කෙටියෙන් විස්තර කිරීමට අදහස් කරමි. සඳවන් රවුම් හැඩයෙන් යුත් මුහුණක් ඇති ස්ත්‍රිය ඉතා වාසනාවන්ත වන්නීය.ඇය අධ්‍යාපනයක් ලැබුවත් නොලැබුවත් ජීවන අත්දැකීම් ඇසුරෙන් ලද හොඳ ජීවිත පරිඥානය නිසා ඉතා සාර්ථක දිවියක් ගොඩ නඟා ගන්නීය. ඇයට උදව් උපකාර බහුලව ලැබෙන අතර ඇගේ ඉදිරිගමනට මහා ආලෝකයක් ලැබේ. මහා පෞරුෂයකින් යුත් ගෞරවණීය උසස් ස්වාමිපුරුෂයෙකුට බිරිඳවීම ඇයට උරුම වන බව කිව හැකිය. තොටගමුවේ රාහුල මහ පඬිහිමියන් මෙන්ම පෙර අපර දෙදිග මහා කවියෝ අඟනුන්ගේ රවුම් මුහුණ වර්ණනා කළහ. ඇතැම් ළඳුන්ට තුන්හුලස් මුහුණක් පිහිටන අතර එයද සුබ බව කිව හැකිය. එවන් කත තීක්ෂණ බුද්ධියෙන් යුත් සිප් සතරේ සහජ දක්ෂතාවයක් ඇත්තියක් වන්නීය. උල් වු වුවන ඇති කත එතරම් යහපත් නොවේ. ඒ ඇය ක්‍රෝධය වැඩි කරුණා, මෛත්‍රිය අඩු අය විය හැකිය. දැඩි උත්සාහයකින් ජීවිතය ගොඩ නගා ගත්තත් සෙමින් හෝ බලාපොරොත්තු ඉලක්කය කරා යන්නීය. ඇතැම් කතුන්ගේ මුහුණ හතරැස් හැඩයකින් යුතු බව පෙනේ. මේ අය යුක්තිගරුක පැහැදිලිව කතා කරන, තම අදහස්ම ක්‍රියාත්මක කරන අය වෙති. මේ අයට ගෙදර දොර වැඩ දක්ෂ ලෙස පරිපාලනය ,සාමය, සමගිය ඇති කර ගැනීමටත් දක්ෂ වන්නීය. අද කළ යුතු වැඩ හෙටට කල් නොදැමීම ඇයගේ හොඳ ගුණාංගයකි.
යම්කිසි කතකට දිගටි හැඩයේ මුහුණක් පිහිටියේ නම් ඇය බෙහෙවින් ක්‍රියාකාරි ලෙස වැඩ කරන්නියක් වන්නීය. තමන්ගේ වැඩ කටයුතු වගේම අනුන්ගේ වැඩවලටද උන්නදු වන්නීය. එනිසා වැඩ ගොඩ කර ගනිමින් අවුල් කර ගැනීම ඇයගේ සිරිතය. කාරණාවන්ත ගති ගුණ සහිත ඇය විවිධ සිප් සතරෙහිද සමාජයීය දැනුමෙහිද පිරිපුන් වන්නීය. සියුම් උපක්‍රම සහිත නුවණක් පිහිටන බැවින් ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට විශේෂ දක්ෂතාවක් දක්වන්නීය.
කෙට්ටු ඇදී ගිය මූණක් ඇති කාන්තාව සමාජශිලි ගතිගුණ අඩු අනුන්ට ඊර්ෂ්‍යා කරන කතක් වේ. ඍණාත්මක සිතුම් පැතුම් ඇති ඇය බොහෝ වැඩ කටයුතුවලදී සාර්ථක වෙන්නේ කලාතුරකිනි. අනුන් ගෙන් තමන්ට ඉටුවිය යුතු යුතුකම් ගැන නැවත නැවත කියන ඇය තම යුතුකම් නිතරම වගේ පැහැර හරින බව කිව හැකිය. එල්ලා හැලෙන්නාක් වැනි මුහුණක් ඇතැම් කතුන්ට තිබේ. එවන් අයට බොහෝ අයහපත් ගතිගුණ තිබේ. කපටි, සටකපට, උඩඟු, අනුන් හෙලා තලා කතා කරන අඩුපාඩු හුවා දක්වන කෙනෙක් විය හැකිය. වංචා සහගත වැඩ හා අනියම් සබඳතාවයන්ට ඇය පෙළඹෙන්නීය.
සාමාන්‍ය ප්‍රමාණයකට වඩා පුළුල් මුහුණක් යම් කතකට පිහිටියේ නම් ඇය ආගම දහමට තදින් බැඳී සිටින්නීය. තමාට හිමිදේ නිසි පරිදි නොලබන ඇය පිටතින්, සතුටින් සිටින බව පෙන්වුවද ඇතුළතින් වේදනා විඳින්නීය. කාරුණික අනුන්ට උදව් උපකාර කරන කතක්ද වන බව කිව හැකිය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
රාජ්‍ය කලාභූෂණ
ශාස්ත්‍රශූරි කිවිපති
අමුවල අමරසේන