වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
විෂ්ණු දෙවිඳුන්ගේ අසහාය බලය හා ආශිර්වාදය
ආත්මීය වශයෙන් ගුණාත්මකව මනුෂ්‍ය ආත්මීන් විෂ්ණු දෙවිඳුන්ගේ දිව්‍යමය ස්වභාවයන් සමඟ අනන්‍යය, එනමුත් ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වෙත භක්ති සේවා පුද නොකිරීම තුළ ශ්‍රී විෂ්ණු දෙවිඳුන් පිළිබඳ අපගේ සවිඥානිකත්වය අපහට අවදි කරගන්නට නොහැකි වී ඇත.
මේ ලෝක තලය, සුරකිනු ලබන්නේ ශ්‍රී විෂ්ණු දෙවිඳුන් බව කොයි කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. එම නිසාම හින්දු ආගමිකයන් පමණක් නොව සිංහල බෞද්ධ බහුතර පිරිසක් විෂ්ණු දෙවිඳුන් ප්‍රමුඛ දේව මණ්ඩලය පිළිබඳ දැඩි භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි.
විෂ්ණු දෙවිඳුන්ගේ අසහාය බලය හා ආශිර්වාදය පිළිබඳ, කොළඹ 13 හෙට්ටිවීදියේ වසර 50 ක් පැරණි අගනුවර විශාලතම ශ්‍රී විෂ්ණු දෙවොල ලෙසින් ඉදිකරමින් පවතින, ශ්‍රී මහා විෂ්ණු කෝවිල අධිපති ශ්‍රී මහා කර්තාදාස් ස්වාමි සමඟ ‘සුබසෙත’ ට සාකච්ඡා කළෙමි.
විෂ්ණු දෙවිඳුන් යනු කවරෙක්ද?
විෂ්ණු පුරාණයේ සනාථ කොට ප්‍රකාශ කරනු ලබන්නේ සර්ව බලය, සර්ව කීර්තිය, සර්ව ඥානය, සර්ව ධනය, සර්ව සෞභාග්‍යය, සර්ව සෞන්දර්යය හා සර්ව නෛෂ්ක්‍රම්‍යයෙන් පරිපූර්ණ වන්නේ මහා විෂ්ණු දෙවිඳුන් පමණක් බවය. සර්ව ආශ්චර්යයන්ගෙන් සර්ව සෞභාග්‍යයෙන් ප්‍රදානය කරනු ලබන්නේ භගවත් ශ්‍රී මහා විෂ්ණු දෙවිඳුන් පමණී. ඍග්, යජුර්, සාම හා අථර්වන් යන වෛදික ත්‍රිවේදය මඟින්ද , සියලුම ශුද්ධ වූ වෛදික උපනිශද්, පුරාණ , ශ්‍රැති, ස්මෘති හා වේදාන්ත සූත්‍ර මඟින්ද සනාථ කරනුයේ “මහා විෂ්ණු දෙවිඳුන් යනු මහෝත්තම දෙවිඳුන් බවය. දේවත්වයේ පරම ශ්‍රේෂ්ඨතම ආදිතම මහෝත්තම පෞරුෂය බවය” බ්‍රහ්ම සංහිතාවේ සඳහන් කරනුයේ ‘අනාදිර් ආදි ගෝවින්දමි. එනම් ආදිතම ගෝවින්ද නමින් හඳුන්වන්නේ ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ය. එමෙන්ම උන්වහන්සේ සවි, විත්, ආනන්ද විග්‍රහ එනම් උන්වහන්සේ සදාතනිකය , පූර්ණ සවිඥානිකත්වයෙන් හා පූර්ණ ආනන්දයෙන් පරිපූර්ණ බවය. එමෙන්ම ඊශ්වරඞ පරමඞ කෘෂ්ණඞ .එනම් ශ්‍රී කෘෂ්ණ ලෙසින්ද හඳුන්වන ශ්‍රී විෂ්ණු දෙවිඳුන් යනු සියල්ලේ පරමාධිපතියාණන්, පරම පාලකයාණන් පරම සංරක්ෂකයාණන් බවය. එමෙන්ම උන්වහන්සේ සියල්ලේම නිර්මාණයේද පැවැත්මේද නොපැවැත්මේද හේතුන්ගේ පරම මූල හේතුව බවය.”
විෂ්ණු දෙවිඳුන්ගේ අචින්ත්‍ය වූ බලශක්තීන් මොනවාද?
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
16 වැනි පිටුවට
දහස් – හෙට්ටිවීදිය
ශ්‍රී මහා විෂ්ණු කෝවිලේ
අධිපති ශ්‍රීමහා කර්තාදාස් ස්වාමි
සටහන –
නිශානි හේරත් බන්නැහැක