වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඈත අතීතයේ සිට පැවති අපේ සිරිත් විරිත්වලට මෑත කාලයේ එකතු වූ අලුත්ම සම්ප්රදාය ලෙස නිවෙස ඉදිරිපිට තබන සුදු මල් බඳුන සැලකේ. වර්තමානයේ ඇතැම් නිවාස...
2024-01-18 18:30:00
ජීවිතයට සදාතනික බැඳීමක් එක් කළ ඔහුගේ පියා අප කතානායකයාගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන නිවෙසට පැමිණ ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ පැවැසූ අසුබ අනාවැකිය කන වැකෙනා...
2024-01-18 18:30:00
ඡ්‍යොතිෂයේ ගුප්ත ශාස්ත්‍රයෙහි අග්‍රගණ්‍ය යතිවර චරිතයකට හිමිකම් පෑ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වල හාස්කම් පිළිබඳව දිග හැරුමක...
2024-01-18 18:30:00
සාදිරිස් ගුරුන්නාන්සේ පාරේ යද්දීත් මිනිස්සු බය වෙති. ඔහුගේ උඩු රැවුල කරකැවී ඇත. නළල කොණ ලොකු ඉන්නා තවත් ඒ මූණට එකතු කරන්නේ ගැඹුරු පෙනුමකි....
2024-01-18 18:30:00
මේ 1888 වසරයි. තරුණ රහස් පරීක්ෂකවරයෙකු වූ රොබට් ලෙඩ්රු මර හඬ නගමින් අවදි වූයේ භයානක සිහිනයක් දැකීමෙනි. ඔහු දුටුවේ එම රාත්‍රි භාගයේ තමා විසින්...
2024-01-18 18:30:00
හින්දු භක්තිකයන්ගේ වැදගත් ආගමික උත්සවවලින් එකක් වන තෛපොංගල්් උත්සවය මෙවර යෙදී ඇත්තේ ජනවාරි මස පහළොස්වැනිදාටය. එදිනට යෙදී ඇති එම උත්සවය හින්දු...
2024-01-11 18:30:00
සමනොළ සිරිපා හා අතිශයින් බැදි සමන් දෙවිඳු ශ්‍රී පාද වන්දනා සමයේ කා හටත් සිහියට නැඟෙන්නේය.සිව් වරම් දෙවිමෙරට ඇතැම් දෙවිවරු ප්‍රාදේශිකය. එහෙත් සමන්...
2024-01-11 18:30:00
අපගේ සිංහල චිත්‍රපට ගීත සමුච්චය තුළ එක් රැස්වී ඇති ගීත කන්දරාව දහස් ගණනකි. එකල සමාජයේ පැවැති ඡ්‍යොතිෂය පිළිබඳ අදහස් ද සමහර පැරැණි සිංහල චිත්‍රපට...
2024-01-11 18:30:00
‘ඡ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂයය කිසිදු ආගමකට අයත් නැති හේතුඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය...
2024-01-11 18:30:00
ඡ්‍යොතිෂ අඹරේ දිදුලන තාරකාවක් බඳු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සබැඳිීම් ගොඩනැඟුණු ගුප්ත ශාස්ත්‍රයෙහි අග්‍රගණ්‍ය නමක් රැන්දූ කොණ්ඩදෙණියේ සීලරතන...
2024-01-11 18:30:00
ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා වසර ගණනාවක් තුළ කරන ලද පරීක්ෂණවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය බිහි විය. ඒ අනුව එතුමා, ග්‍රහයකුට තනිව ක්...
2024-01-11 18:30:00
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉපැරැණි යුගයේ පටන් දේශීය වෛද්‍ය කර්මයන් පැවැති බවට පුරා විද්‍යාත්මක සහ සාහිත්‍යමය වශයෙන් ප්‍රබල සාධක රැසක් හමුවේ. අද්...
2024-01-11 18:30:00
දිනය 1966 දෙසැම්බර් මස 06 වෙනිදාය. ඇමෙරිකානු ජාතික විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයකු වූ අර්වින් බෙන්ට්ලි මහතාගේ නිවසට සුපුරුදු රාජකාරිය සඳහා ගෑස් මීටරය...
2024-01-11 18:30:00
2024 නව වසරේ ආරම්භය පිළිගැනීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන සුදානමින් සිටින ඔබ ගෙවී ගිය 2023 වසර තුළ ජිවිතයේ මුහුණ දුන් අභියෝග හමුවේ ලබාගත් අත්දැකිම්...
2024-01-04 18:30:00
පරම්පරාවෙන් පරම්පරාවට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය උරුමවන අතළොස්සක් වාසනාවන්තයන් අතර ඡ්‍යොතිෂවේදී තිස්ස මහානාම යන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියාගේ නාමයද...
2024-01-04 18:30:00
දොළොස් මසක් ගෙවීගොස් නව වසරක් සම්ප්‍රාප්තිය සිදුවන මොහොත ලෝක වාසී මුළු මහත් ජනතාව මංගල සම්මතයක් ලෙසින් උත්සවාකාරයෙන් පිළිගනු ලබයි.ලෝකයම නව ප්...
2024-01-04 18:30:00