සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 03 දක්වා සතිය ඔබේ ලග්නයට...

සැප්තැම්බර් 27, 2024

 

මේෂ

ස්වයං රැකියාවලට සුබයි

නොසිතූ ගැටලු කිහිපයකට මැදිවිය හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැරැණි හිතවත්කමක් අලුත් කරන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කෙරේ. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇත. වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු කාලයකි. ප්‍රමාද වූ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. තනතුරු වෙනස්කම් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. අලුත් ස්වයංරැකියා මාර්ගයකට යොමුවන කාලයකි.

අධ්‍යාපනය

අමතර පාඨමාලාවක් හැදෑරීමට වෙහෙසක් දරන බවක් පෙනේ. අලුත් පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ.

සෞඛ්‍යය

උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. නිතර සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනයවීමට සිදුවන බවක් පෙනේ. රුධිරගත සීනිමට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි බවක් පෙනේ. හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

වෘෂභ

උදාසීන ගති මඟහැරේ

පැවති උදාසීන ගති මඟහැර යන බවක් පෙන්නුම් කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සතුර කරදරයකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. සහකරු, සහකාරිය අතර ඇතිව තිබූ මතභේදකාරි බවක් මඟහැරී යයි. නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. සතිය මැද කාලයේදී පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. ආහාරපාන, හෝටල් කර්මාන්තය ආදී රැකියාවල නියැළීමට ඉඩ ඇති බවක් පෙනේ. රැකියාවේ වගකීම් කිහිපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

දැනුම, බුද්ධිය වැඩිදියුණු වන කටයුතුවලට කැමැත්තක් දක්වන බවක් පෙනේ. නිතර පොතපත කියවීමට ආශාවක් දක්වයි. විදෙස්ගත අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

යටපත් වූ අසනීපයක් නැවත මතු කරයි. වෙනදාට වඩා කෑමබීම ගැනීමේදී සැලකිලිමත්වන්න. පපුව, පෙණහැල්ල ආශි‍්‍රත ඇති කරන අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

අය 07 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

 

මිථුන

දෙගුරුන්ගේ ප්‍රසාදය

සිතේ නොසන්සුන්තාවකින් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර වියදම් බහුල කරන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත්වන්න. අසල්වැසි සුහදතාවයට බාධාවන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක ලෙස කටයුතු සිදු කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් කරයි.

අධ්‍යාපනය

මෙතෙක් මන්දගාමී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උද්‍යෝගයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විවිධ තරග විභාගවලට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙනේ. ගුරුදෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. හදිසි වැටීම්, තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීවීම වැදගත් වේ.

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කටක

අඹුසැමි සුහදතාවය වැඩේ

උත්සාහයෙන් කටයුතුª සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සැපත, සතුට උදාකරන කාලයකි. අඹුසැමි සුහදතාවයෙන් යුතුව කටයුතු කිහිපයක් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. දුර ඥාතියකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. සමාජ සේවා කටයුතුවලට ආගමික කටයුතුවලත් නිරතවන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් ඇති කරයි. දෑතේ මහන්සියෙන් කරගෙන රැකියාවකට බොහෝ දෙනකුගේ සහයෝගය හිමි කරයි. රැකියාවේ කටයුතු සඳහා දුර බැහැර ප්‍රදේශයකට යාමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමට බාධා යෙදුණත් උත්සාහයෙන් ඉගෙනීමේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. ගණිත අංශය, තාක්ෂණික අංශය වැනි අධ්‍යාපන කටයුතුවලින් ප්‍රගතියක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

සෙම් දෝෂ, පපුව සම්බන්ධ ආබාධ වරින් වර මතුවිය හැකි කාලයකි. ජලයට පි‍්‍රය නමුත් ජලයෙන් අගුණ ගෙන දේ. චර්මගත ආබාධයකට ද ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

අය 06 වැය 07

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

ප්‍රධානීන්ගේ හොඳ හිත

අමතර වියදම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සාහයේ තරමට ප්‍රතිපල උදානොවන බවක් පෙනේ. දරුවකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර මුදලක් වැය කරයි. සහෝදරාදීන්ට ළැදි කාලයකි. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදාකරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු කාලයකි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගෙන කටයුතු කරන කාලයකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කැමැත්තක් පි‍්‍රයතාවයක් උදා කරයි. පොතට පතට ළැදි බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. තරග විභාගයක් සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන සතියකි.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයක තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම කොන්ද ආශි‍්‍රත ඇතිවන වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර පතයි.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

කන්‍යා

යහපත් මිතුරු සබඳතා

පැවැති වෙහෙසකාරි බව මඟහැරී යමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ණය ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. යහපත් මිත්‍ර සබඳතා ඇතිකරන කාලයකි. නීති ගැටලුවක් හේතුවෙන් මානසික අසහනය වැඩි කරයි. නෑදෑ හිතමිතුරන්ගෙන් උපකාර ලැබිය හැකි සතියකි. දරුවකුගේ විදෙස් සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

රැකියාව

රැකියා කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි කාලයකි. අලුත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක සතියකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ.

අධ්‍යාපනය

වරින්වර උදාසීන ගති ඇති කරමින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. අමතර භාෂාවන් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන අතේ, පයේ හිරිගතිය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. ශරීර වෙහෙස ගෙන දෙන සතියකි. කෑම බීම ගැන පරිස්සම් වන්න.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස -බ්‍රහස්පතින්දා

තුලා

ප්‍රසිද්ධියට පත්වේ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම බාහිර අලංකාරයට, විනෝදයට කැමැති කාලයකි. තම මතයටම කටයුතු සිදු කරයි. අන් අයගේ අදහස්වලට ගරු නොකරන බවක් පෙන්නුම් කරයි. සමාජයේ ප්‍රසිද්ධියට පත්වන කාලයකි.

රැකියාව

බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරන රැකියා මාර්ගයකට ඉඩකඩ ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාරයකට ද සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. සේවක පක්ෂයේ ප්‍රසාදයට පත්වන කාලයකි.

අධ්‍යාපනය

තරමක බාධක යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමට කටයුතු උදා කරයි. විශේෂයෙන් කලා අංශයේ කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. බෝනොවන රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික

මිහිිරි ආහාරපාන ලැබේ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් සකස්කර ගන්නා කාලයකි. හවුලේ කරන කටයුත්තක් සාර්ථක කරයි. පේ‍්‍රම සබඳතාවයක් සාර්ථක කරන බවක් පෙනේ. වැඩිහිටියකුට උපකාරයක් කිරීමට කටයුතු උදාකරයි. මිහිරි ආහාර පාන කෑමට හිමිවන කාලයකි.

රැකියාව

අලුත් ව්‍යාපාර කටයුත්තක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම ස්වයංරැකියා කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි. නිතර අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩ කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද මුහුණපෑමට සිදුවන සතියකි.

අය 07 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - රතු

සුබ දවස - සිකුරාදා

ධනු

රැකියාවේ වගකීම් බහුල වේ

යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

බාහිර අලංකාරයට කැපී පෙනීමට කැමැති කාලයකි. උසස් තත්ත්වයක් ඇති අය ඇසුරට අවස්ථාව උදා කරයි. පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන ලකුණු පෙන්නුම් කරයි. අලුත් දේ මිලයට ගැනීමට අවස්ථාව උදා කරන අතර අමතර කටයුතු කිහිපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට කටයුතු සැලසුමක් ඇතිකර ගනී. එමෙන්ම රැකියාවේ වගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. රෙදිපිළි කර්මාන්ත සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

පොතට පතට වැඩි ආශාවක් දක්වන කාලයකි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන අතර සහජ දක්ෂතා ඉස්මතු වන කාලයක් බව පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

නින්දයාම අඩුවීම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත්වේ.

අය 07 වැය 05

ජය අංකය 07

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

 

මකර

උත්සාහය අත්නොහරී

දුර දිග බලා කටයුතු කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් හිතවත්කම්වලට කටයුතු උදාකරයි. පවුලේ භෝජන සංග්‍රහයකට සූදානමක් ඇතිකර ගනී. වියදම් බහුල වුවත් සැලසුමකට වැඩ කටයුතු කරගෙන යන බවක් පෙනේ.

අඹුසැමි සුහදතාවයට කටයුතු උදාකරන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි කටයුතු කීපයක් වෙනස්කිරීමට සිදුවෙයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන යන රැකියා කටයුත්තකට අවස්ථාව සැලසේ. විදෙස් රැකියා බලාපොරොත්තුවකට සැලසුමක් ඇති කර ගනී.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා පැන නැගීමට ඉඩ ඇත. එහෙත් උත්සාහය අත් නොහරින බවක් පෙනේ.

ලිවීමට,කියවීමට කැමැත්තක් දක්වන කාලයකි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට ලක්වේ.

සෞඛ්‍යය

පපුව, පෙණහැල්ල ආශි‍්‍රත ආබාධ අර්ශස්, අමාරු ඇතිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ගන්නා ඖෂධ ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය පරීක්ෂණවලට ද ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

කුම්භ

හදිසි ගණුදෙනුවක්

ඉවසිලිවන්තව කටයුතු කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතු කෙරෙහි වෙනස්කම් කීපයක් සිදු කරන සතියකි. තමා සතු දෙයක් නැතිවීම් ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති කරයි. සහෝදරාදීන් සමඟ එකමුතුව කටයුතු සිදු කරන කාලයකි.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අලුත් වෙළෙඳ ව්‍යාපාරයකට අතගැසීමට අවස්ථාව සැලසේ. තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. එමෙන්ම උසස් අධ්‍යාපනයට ද වාසනාව උදාකරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලට නැඹුරුවන කාලයක් වන අතර, ආගමික පොත්පත් කියවීමට උනන්දුවක් දක්වයි.

සෞඛ්‍යය

ලේ දෝෂ, තුනටියේ අමාරු වැනි සුළු සුළු ආබාධ මතුවිය හැකි කාලයකි. එමෙන්ම හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ද භාජනයවීමට ඉඩ ඇත. ආයුර්වේද ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

 

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

මීන

ප්‍රභූ ඇසුරක්

ආගමික භක්තියෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වරින්වර යොදාගත් තීරණ කීපයක් වෙනස්කිරීමට සිදුවෙයි. පවුලේ කෙනකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදාකරයි. අවිවාහකයන්ට සුබදායකයි. ප්‍රනීත ආහාරපාන හිමිවන සතියකි.

රැකියාව

රැකියාවේ අවිවේකී බව හේතුවෙන් රැකියාවේ වගකීම් පැහැරහැරීමක් සිදුවිය හැකිය. සේවා ස්ථානයේ සමීපතයකු සමඟ සිත් අමනාපයක් ඇතිකර ගනී. සුළු සුළු ස්වයංරැකියා කටයුතුවල නිරතවන කාලයකි.

අධ්‍යාපනය

දැඩි තීරණ නිසා අධ්‍යාපන කටයුතුවලට විවිධ බාධා එල්ලවිය හැකිය. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිතර ඇවිදිලි ඇතිකරන අතර වෙහෙස මහන්සිවීමට ද සිදුවේ. මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

සෞඛ්‍යය

පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

 

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.