මේ සතියේ ඔබට

පෙබ. 17 සිට පෙබ. 23 දක්වා
පෙබරවාරි 17, 2023

 

මේෂ

දරුවකුගේ විශේෂ උත්සවයක්

 

අමතර ලැබීම් හිමි කරන කාලයක් වුවත් වැයපස අධික කරන අතර, ඔබේ ලග්නයට අනුව මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි. හිතවතකු සමඟ සිදුකරන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. නිතර ගත සිත වෙහෙසා කටයුතු කරන කාලයකි. දරුවකුගේ විශේෂ උත්සව අවස්ථාවකට හේතු යෙදෙන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරන කාලයකි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04 ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

වෘෂභ

තනතුරු මාරුවක්

 

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේ දී සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විදෙස්ගතවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. අතමිට මුදල් ගැවසුනත් නොසිතූ ලෙස තැන්පත් මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ උත්සව අවස්ථාවක් කල් දැමීමට සිදු වෙයි. නොසිතූ ලෙස රැකියාවේ තනතුරු මාරුවක් සිදුකරයි. සතිය මැද කාලයේ දී වරින් වර ශාරීරික අප්‍රාණික ගති ඇතිවන අන්දමේ අසනීපකාරී බවකින් පෙළෙයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

 

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

හදිසි වැටීම් තැළීම්

 

පවුලේ ගැටලුවක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇතිකරන සතියක් වන අතර මේ සතිය ආරම්භයේ දී ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරන සතියකි. නිතර මවගේ කටයුතුª වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම හදිසි මුදල් වැය වීමකට ද හේතු ඇති කරයි. එදිනෙදා කටයුතු සම්බන්ධ පරිස්සම් විය යුතු කාලයක් වන අතර, හදිසි වැටීම් තැළීම්වලට හේතු ඇතිකරන සතියකි. සති අන්තය වන විට දී නිතර හට ගන්නා යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

කටක

රැකියාවේ ස්ථාන මාරු

 

යොදා ගත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර, මේ සතිය ආරම්භය ඔබට මිශ්‍රඵලදායක බවක් ඇති කරයි. සඳුගේ ගමන සිදුවන්නේ 6, 7, 8, 9 යන භාවස්ථානවලයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. එමෙන්ම ඔබ රැකියාවක නිරත වන්නේ නම් නොසිතූ ලෙස ස්ථාන මාරුවකටද හිමිකම් ඇති කරයි. නිතර සමාජ සේවා කටයුතු වෙනුවෙන් කැපවීම් සිදුකරන කාලයකි.

හදිස්සියේ ඇතිවන දණහිස ආශි‍්‍රත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේදී මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්නට ලැබේ.

 

අය 06 - වැය 07

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

දේපළ ගැටලුවක්

 

හිතවතුන් සමඟ සුහදතාවයට කරුණු සැලසෙමින් සතිය ආරම්භවන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවස්ථානවලයි. දරුවකුගේ උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. එමෙන්ම විවාහ අපේක්ෂිතයන්ට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. ආගමික කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට කටයුතු සැලසේ. සතිය මැද කාලයේ දී රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පරම්පරාගත දේපළ ගැටලුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදු වෙයි.

 

අය 07 - වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

කන්‍යා

උරහිසේ ආබාධයක්

 

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස අත්කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. පැරණි හිතවත්කමක් අලුත් වන කාලයකි. දරුවකුගේ විශේෂ කටයුත්තක් වෙනුවෙන් සහය දීමට අවස්ථාව උදාකරයි. දරු ලාබ හිමිකම් ඇති කාලයක් වුවත් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. නිතර ඇවිදිලි වැඩිකරන සතියක් වන අතර, හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවෙයි. උරහිස් ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

තුලා

පවුලේ ගැටලුවක් දුරදිග යයි

 

මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. හදිස්සියේ සිදුවන තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි. පවුලේ කෙනෙකුගේ හදිසි දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. සති අන්තයේ දී වරින් වර පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික

දණහිසේ ආබාධයක්

 

හදිසි ලැබීමකට හිමිකම් ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවස්ථානවලයි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු සැලසෙන කාලයකි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. තම සහකරු සහකාරිය සමඟ ඇතිවන විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වුවත් වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු සතියක් වන අතර, ලිපි ලේඛන සම්බන්ධ ගැටලුවකට ද මුහුණපෑමට සිදුවේ. සති අන්තයේ දී දණහිස ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

ගුප්ත කටයුතුවලින් පිහිට

 

අලුත් බලාපොරොත්තු කීපයක් ඇතිකරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදුකරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිවන සතියකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. වරින්වර ඇතිකරන උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන සතියකි. සතිය මැද කාලයේ දී නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. ආගමික සහන පතා දුර පළාතකට යාමට කටයුතු සැලසේ.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න

 

අලුත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ අසහනකාරී බවක් ඇති කරන සතියක් වන අතර, හදිසි තීරණ ගැනීමෙන් ඔබට අවාසිදායක තත්ත්වයක්ද ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයාබැලීමක් කළයුතු කාලයකි. සතිය මැද කාලයේ දී පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක් වෙයි. තීන්දු තීරණ ගැනීමේ දී වෙනදාට වඩා කල්පනාවෙන් පසුවිය යුතු බවක් පෙන්වයි.

 

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කුම්භ

තැන්පත් ධනය වැය වීමක්

 

මානසික ගැටලුකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භවන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ලැබීම් අතින් යහපත් වුවත් තැන්පත් ධනය වැය වීමක්ද සිදුවීමට ඉඩ ඇත. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයක් වන අතර, පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කිරීමටද අවස්ථාව සැළසේ. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. හදිස්සියේ හටගන්නා යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

 

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

මීන

විදෙස් ලැබීමක්

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. නොසිතූ ලෙස රැකියාවේ ගැටලුවකට ද මුහුණපෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයක් වන අතර, තනතුරු ලාබ බලාපොරොත්තුවන අයට ද සුබදායක කාලයක් බවද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. සති අන්තයේ දී පාදයේ වළලුකර ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.