දෙසැ. 09 සිට දෙසැ. 15 දක්වා

දෙසැම්බර් 9, 2022

මේෂ-අසනීපයකින් සුවය හිමි කරයි

වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය ආරම්භ වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථානවලයි. තැන තැන ඇවිදිලි ඇති කරන කාලයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් අතර මඟ නවතා දැමීමට සිදුවෙයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ ගන්නා තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අය අතර වචන පාවිච්චියේදී සැලකිලිමත් වන්න. සති අන්තය වන විටදී පැවති අසනීප තත්ත්වයකින් සුවය හිමි කරන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

සිංහ - මවුපිය උරුමයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථානවලයි. මවුපිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්වයි. නිතර ඇවිදිලි ඇති කරන කාලයකි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

දරුවකුගේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනසකට ලක් කරයි. සතිය මැද කාලයේදී රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් වන අතර ඒ පිළිබඳ උනන්දුවක් දැක්වීම වැදගත් වේ. නිතර නිවසට යන එන කෙනකු නිසා කරදරයකට පැටලීමට ඉඩ ඇත.

අය 07 - වැය 03

ජය අංකය - 07

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

ධනු -අසනීපයකින් සුවය

මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථානවලයි. පවුලේ කටයුතු පිළිබඳ විශේෂ වෙනස්කම් කීපයක් ඇති කරයි. පැවැති අසනීප තත්ත්වයකින් සුවය හිමිකරන කාලයකි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි වීමට ඉඩ ඇත. සතිය මැද කාලය වන විටදී ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කිරීමට සිදුවේ. සති අන්තයේදී වාහන ගනුදෙනුවකින් වාසි කීපයක් අත් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ-විශ්වාසය බිඳ වැටීමක්

අමතර වියදමකට කටයුතු උදා කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ.

එමෙන්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් එකිනෙකා ඇසුරේදී කල්පනාකාරී වීම වැදගත් වේ. හිතුවක්කාර තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් මතු කරයි. පවුලේ සැනසිලිදායක බව අඩු කරන සතියකි. වෙනදාට වඩා ආගම දහමට නැඹුරු වන බවක් පෙන්වයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා -ගනුදෙනු වාසියක්

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථානවලයි. මෙතෙක් පැවැති පවුලේ ගැටලුවක් සමතයකට පත් වන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර සහෝදරියන් සමඟ එකතු වී අලුත් වැඩ කටයුතු කීපයක් ආරම්භ කරයි. ව්‍යාපාරික කටයුතුවලින් සිතු තරම් ප්‍රගතියක් අත් නොවන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලු කීපයකින් නිදහස් වීමට අවස්ථාව සැලසේ. නිතර නිතර උදාසීන ගති පැවතුම් ඇති කරන කාලයකි. එහෙත් ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර -අලුත් ඥාති සබඳතාවයක්

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදුවන්නේ 6,7,8 යන භාවස්ථානවලයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී වීම වැදගත් වේ. අලුත් ඥාති සබඳතාවයකට මුල පිරෙන කාලයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩු කීපයක් සිදුකරයි. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. සතිය මැද කාලයේදී පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවක් පෙන්වයි. සති අන්තයේදී හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන-දරුවකු පිළිබඳ සතුටක්

විදෙස් ගමන් අපේක්ෂාවෙන් සිටින අයට වෙනදා‌ට වඩා යහපත් කාලයක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථානවලයි. පවුලේ පැවති මත ගැටුමක් සමථයකට පත් වන ලකුණු පෙන්නුම් කරයි. නිතර නිවසට ආ ගිය කෙනකු නිසා නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

අමතර වියදම් බහුල කාලයක් වන අතර ආර්ථික අතින් විවිධ ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි. සති අන්තය වන විටදී දරුවකු පිළිබඳ සිත සතුටු වන අන්දමේ පුවතක් අසන්න ලැබේ. යටපත් වු සෙම් රෝගයක් නැවත මතු වීමට ඉඩ ඇත.

අය 07 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා -උරහිසේ අබාධයක්

අවිවේකී ලෙස කටයුතු උදා කරන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11 යන භාවස්ථානවලයි. නිතර ගතට සිතට පීඩාකාරී සිතිවිලි ඇති කරන කාලයකි. නිවසින් පිට වාසයට කරුණු උදාකරන බවක් පෙනේ. වෙනදාට වඩා අගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. මෙතෙක් පැවැති අසල්වැසි සිත් නොහොඳකමක් මඟහැරී යන අන්ද‌මේ කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැ‌බේ. සතිය මැද කාලයේදී වරින් වර ඇති කරන උරහිස ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේදී දේපළ ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කුම්භ -ණය ගණුදෙනුවකින් නිදහස්

දරුවන්ගේ කටයුතු හේතුවෙන් මානසික අසහනකාරී තත්ත්වයක් ඇති කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 5,6,7 යන භාවස්ථානවලයි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන සතියකි. පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. කල් ගත වූ ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. පවුලේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. සති අන්තයේදී ආමාශ ගත ආබාධයකට හෝ ලේ විෂ වීම් සම්බන්ධයෙන් ඇති වන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය -කහ

සුබ දවස - සඳුදා

 

කටක -ශාස්ත්‍රීය කටයුත්තකට අත ගසයි

වියදම් පක්ෂය අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතිය ආරම්භ වන්නේ ඔබේ ලග්නයට අනුව සඳු 12,1,2 යන භාවස්ථානවල ගමන් කරමිනි. හිතවතකු සමඟ සිදුකරන ගනුදෙනුවක් හේතුවෙන් ඇතිවන සිත් නොහොඳකමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. මවු පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන බවක් පෙන්නුම් කරයි.

ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලා කටයුතු කරන්න. සති අන්තය වන විටදී අමතර ආදායම් මාර්ගයකට කටයුතු උදා කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-ගුප්ත කටයුතුවලින් පිහිට

පවුලේ වගකීම් කීපයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8,9,10 යන භාවස්ථානවලයි. හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් තමාට නොසිතූ අලාභයක් විදීමට සිදුකරයි. එමෙන්ම මේ කාලය තුළදී අන් අයගේ උපදෙස් පිළිපැදීමට අකමැත්තක් දක්වන කාලයකි. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති ගැටලුකාරී බවක් මඟහැරී යන බවක් පෙනේ. විශේෂ උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමට කටයුතු සැලසේ.

අය 08 - වැය 06

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මීන-අත මිට මුදල් ගැවසේ

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. එමෙන්ම සතිය මැද කාලය වන විටදී හදිසි වැටීම් තැලීම් වැන අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

සති අන්තයේදී ළඟින් අසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.