මේ සතියේ ඔබට

ජුනි 10 සිට ජුනි 16 දක්වා
ජුනි 10, 2022

 

මේෂ

දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක්

 

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් තමා ගත් තීරණයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. එමෙන්ම මානසික අවිවේකය ඇති කරන සතියක් වන අතර නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක්ද යෙදේ. සතිය මැද කාලයේ දී හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සති අන්තයේ දී දරුවකුගේ උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්විය හැකි සතියක් වන අතර ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන බවක් පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

සිංහ

වෙහෙසකාරී ගමනක්

 

මෙතෙක් ගත් තීරණයක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. වරින් වර ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පොරොන්දු ගිවිසුමක් කල්දැමීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවෙයි.

වෙහෙසකාරී ගමනක් යෙදෙන සතියකි. මව්පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. සති අන්තයේ දී මෙතෙක් කරගෙන ආ ව්‍යාපාරයකට ගැටලු කීපයක් මතු කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ධනු

වගකීම් වැඩිකරයි

 

 

අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන සතියකි. නිතර දනට පිනට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමෙන් පැවැති ගැටලුකාරී බවකින් නිදහස්වීමට මඟ සැලසේ.

පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

වෘෂභ

යටි බඩේ වේදනාවක්

 

නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථානවලයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හදිසි මුදල් ගනුදෙනුවකට කටයුතු උදාකරන සතියක් වන අතර, වැය පස අධික වන අන්දමේ කටයුතු කීපයක් ද යෙදේ. විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවෙයි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදු කරගනී. සතිය මැද කාලයේ දී වරින්වර හට ගන්නා යටිබඩේ වේදනාවක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ළඟින් ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

දරුලාබ හිමිකම්

 

වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ අයගේ ඇප උපකාර හිමිවන සතියකි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බවක් පෙන්නුම් කරයි. නිතර තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් මතු කරයි. නිතර කෑමෙන් බීමෙන් මෙන්ම ජලාශි‍්‍රත කටයුතුවලින්ද පරිස්සම් වන්න.

 

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මකර

තැන්පත් ධනය වැයවීමක්

 

මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාවට පත්කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවෙයි. දරුවකු සම්බන්ධ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. එමෙන්ම අමතර ලැබීම්වලට ද බාධාකාරී බවක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර පැතීමට සිදුවේවි.

 

 

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

ගුප්ත කටයුතුවලින් පිහිට

 

මෙතෙක් ගත් තීරණයක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. විදෙස් හිමිකමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම හදිසි අනතුරුදායක තත්ත්වයක් හේතුවෙන් සැලසුමක් වෙනස් කරයි. පවුලේ ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ ඇත.

නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකිය. දරුවකු වෙනුවෙන් සතුටට පත්විය හැකි සතියකි. රැකියාවේ කටයුතු පිළිබඳ ගැටලුකාරී බවක් ඇති කරයි.

 

 

අය 05 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

තුලා

ඇවිදිලි වැඩිකරයි

 

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර තැන තැන ඇවිදිලි ඇති කරන කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි.

සතිය මැද කාලයේ දී වරින් වර හට ගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

කුම්භ

දුර ගමන්

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු සැලසෙන සතියකි. නිතර දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. දුර ගමන් යෙදෙන කාලයක් වන අතර ඒවා පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

පවුලේ දානමය කටයුත්තක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. සතිය මැද කාලයේ දී තමාට නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

 

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

කටක

කලාවට විශේෂ උනන්දුවක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි විවාහ යෝජනාවකට හිමිකම් ඇති සතියකි. එමෙන්ම ඇසුරු කරන අය අතර ප්‍රසිද්ධියට මෙන්ම ආදරය කරුණාව ද හිමිවන බවක් පෙන්නුම් කරයි. කලාකාමී කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. පපුව ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් රෝහල්ගතවීමක් සිදුකරයි. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. දරුවකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

 

වෘශ්චික

පවුලේ උත්සව අවස්ථාවක්

 

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක වන කාලයක් වන අතර පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ද ගැනීමට සිදුවේ. මෙතෙක් තමා ළඟින් ඇසුරු කළ අයකු සමඟ හිත් නොහොඳකමකට මඟ සැලසේ. වෙනදාට වඩා පවුලේ අය කෙරෙහි සොයා බැලීමක් කළ යුතු සතියකි. දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස්කිරීමට සිදුවේ. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් සකස්වන සතියකි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

 

 

මීන

 

ව්‍යාපාරයකට බාධා

 

යොදාගත් සැලසුමක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තකට බාධාකාරී බවක් ඇති කරයි. හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. තීන්දු තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. යටිබඩ ආශි‍්‍රත ඇතිවන අසනීපයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ.

 

 

අය 06 - වැය 03

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.