මේ සතියේ ඔබට

පෙබරවාරි 11, 2022

මේෂ

ගේ දොර ඉදිකිරීමක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු කාලයකි. පවුලේ වගකීම් වැඩි ප්‍රමාණයක් තමා වෙත පැවරෙන අතර, අමතර මුදල් වියදම් ද වැඩි කරයි.

සහෝදර ගැටලුවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. වාහන ගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. මෙතෙක් අහිමිව තිබූ දේපලක් හිමිවන බවක් පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි.

 

 

අය 07 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සිංහ

 

රැකියා හිමිකම්

අමතර ගමන් බහුල කාලයක් වන අතර නිතර නිවසින් පිට වාසයට ද කරුණු සැලසේ. මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථාන වලයි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඔබ රැකියාවලට ඉල්ලුම් කර ඇති අයකු නම් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. සතිය මැද කාලයේදී ආහාර විෂවීමක් හෝ චර්ම ගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. සහෝදර පක්ෂය සමඟ පැවැති ගැටලුකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් මඟහැරී තිබූ මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනීමට මඟ සැලසෙන සතියකි.

 

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

ධනු

 

සැලසුම වෙනසක්

දරුවකු වෙනුවෙන් යහපත් තීරණයක් ගැනීමට අවස්ථාව සැලසෙන සතියක් බව පෙන්නුම් කරයි. මේ සතිය ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9,10 යන භාවස්ථාන වලයි. වරින් වර ඇතිකර අසනීපකාරි බවක් හේතුවෙන් යොදාගත් සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවේ. වෙනදාට වඩා කෑමෙන් වීමෙන් පරිස්සම් විය යුතු කාලයකි.

පවුලේ වැඩිමහල් සහෝදරයකුගෙන් උපකාරයක් හිමිකරයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. උගුර ආශි‍්‍රත ආබාධ සෙම් රෝග බහුලකාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. විදෙස්ගත ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘෂභ

 

දරුවකුගේ උත්සව අවස්ථාවක්

 

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා තම අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

දරුලාබ පිළිබඳ සිහින දකිමින් සිටින අයට සුබදායක කාලයකි. සතිය මැද කාලය වන විටදී පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. දරුවකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. නිතර තමා සොයා එන කෙනකු නිසා කරදරකාරි බවත් ඇති කරයි. ශාරිරික වෙහෙස ගෙන දෙන සතියකි.

 

අය 07 - වැය 05
ජය අංකය - 06
ජය වර්ණය – කහ
සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

 

විදෙස් ලැබීම්

 

නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. ආගමික සැලසුමක් හේතුවෙන් දවසින් වැඩි කාලයක් වැය කිරීමට සිදුවන අතර දුර පළාතකට යාමට ද අවස්ථාව උදාකරයි. රැකියාවට අමතර ලැබීම වලට හිමිකම් ඇති කාලයකි. මව්පිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තු ඉටු වන ලකුණු පෙන්වයි.හැකි කාලයකි. සතිය මැද කාලයේදී වරින්වර ඇතිකරන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. විදෙස් ලැබීම් වලට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. පවුලේ කෙනෙකු පිළිබඳ ප්‍රිතිමත් ආරංචියක් අසන්න ලැබේ.

 

 

අය 07- වැය 02

ජය අංකය - 07

ජය වර්ණය -තැඹිලි

සුබ දවස - බදාදා

මකර

 

ගේ දොර අලුත්වැඩියාවක්

නීති ගැටලුවකට මැදි වෙමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. ඥාති හිතවත්කම් අලුත් කරන කාලයකි. මව්පස ඥාතියකු වෙනුවෙන් යුතුකම් කීපයක් ඉටුකිරීමට කටයුතු යෙදේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කිරීම වැදගත් වේ. සතිය මැද කාලයේදී වරින් වර හටගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් අත්කරයි. පවුලේ සතුට සමාදානය වෙනුවෙන් සැලසුම් කීපයක් වෙනස්කරයි. පියාගේ හෝ පියපස ඥාතියෙකුගේ අසනීපකාරි බවක් හේතුවෙන් කාලය, ශ්‍රමය මෙන්ම මුදල් වැයදම් ද වැඩිකරයි. සති අන්තය වන විටදී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවන බවක් පෙන්වයි.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

මිථුන

 

අලුත් නෑදෑ හිතවත්කම්

 

වියදම් පක්ෂය වැඩි කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යන කාලයක් වන අතර අමතර ලැබීම් වලට ද හිමිකම් ඇති කරයි.

හිතවතකු නිසා තමාට නොසිතූ පාඩුවක් සිදුකරයි. එමෙන්ම සතිය මැද කාලයේදී අලුත් නෑදෑ හිතවත්කම් වලට මඟ සැලසෙන බවක් පෙන්වයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් එදිනෙදා කටයුතු මෙන්ම කෑමෙන් බීමෙන්ද පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි. ඉඩම් ගනුනෙුවකට හෝ හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති කරයි.

 

 

 

අය 06- වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස -බදාදා

තුලා

 

ප්‍රභූ ඇසුරක්

 

 

විශ්වාසවන්ත හිතවතකුගේ ඇසුරක් සිදුකරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරන සතියකි.

හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති කාලයක් බැවින් උස් ස්ථාන ආශි‍්‍රත කටයුතු වලදී වෙනදාට වඩා කල්පනාවෙන් පසුවන්න. නිතර ප්‍රභූ අය හා ඇසුරට මඟ සැලසේ.

දරුවකුගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් අමතර කාලයත්, ශ්‍රමයත් වැයකිරීමට සිදුවේ. ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදෙන සතියකි. ළඟම හිතවතකුගේ උපකාරයක් හිමිකරයි. බලාපොරොත්තුවක් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

කුම්භ

 

විවේකය අඩු වන අතර වැය පස අධිකයි

ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා ගමන් බිමන් බහුල කරන සතියකි. දරුවකුගේ වගකීම් පැහැර හැරීමක් හේතුවෙන් සිත් වේදනාවක් අත්කරයි. වරින්වර ඇතිකරන කොන්දේ හෝ දණහිසේ වේදනාවක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී අඹුසැමි බහින් බස්වීමක් හේතුවෙන් සිත් රිදවීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් පවුලේ අය සමඟ වචන පාවිච්චියේදී කල්පනාකාරි වන්න. වෙනදාට වඩා විවේකය අඩුකරන සතියක් වන අතර වියදම් පක්ෂය ද වැඩිවන බවක් පෙන්වයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සහභාගි වීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 කටක

 

ශාස්ත්‍රීය කටයුත්තක්

 

 

විශ්වාසවන්ත හිතවතකුගේ ඇසුරක් සිදුකරන කාලයක් වන අතර මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 11,12,1,2 යන භාවස්ථාන වලයි. අසල්වැසියකු නිසා ඇතිවන කරදරකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නොසිතූ ලෙස වැයපස අධික කරන සතියකි.

දින කීපයකට හෝ පවුලේ අයගෙන් වෙන්ව වාසයට කරුණු ඇති කරයි. යටිබඩ ආශි‍්‍රත ඇතිකරන වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට කරුණු සැලසෙන කාලයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

වෘශ්චික

 

වාහන ගනුදෙනුවක්

 

විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයක් වන අතර, මෙතෙක් වැඩිහිටි විරෝධය ගෙන දුන් පෙම් සබඳතාවයකට මව්පිය ආශිර්වාදය හිමිකරයි. මේ සතියේ වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථාන වලයි. වාහන ගනුදෙනුවකට අත ගැසීමට සිත යොදවන කාලයකි.

සතිය මැද කාලයේදී තම වටිනා බඩුබාහිරාදිය පරිස්සම් කරගත යුතු කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. දරුවකුගේ හදිසි අසනීප තත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. සති අන්තයේදි වරින් වර ඇතිකරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - ලා දම්

සුබ දවස -බ්‍රහස්පතින්දා

 මීන

 

 

දරුවකුගේ විවාහ ගිවිසුමක්

 

 

පවුලේ සමඟිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන සතියකි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇතිකරයි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවේ. වෙනදාට වඩා දනට පිනට ලැදිව කටයුතු කරන කාලයකි. එමෙන්ම යටපත්වූ සෙම් රෝගී තත්වයක් නැවත මතුවීමෙන් පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. දරුවකුගේ විවාහ ගිවිසුමකට තීන්දු තිරණ ගැනීමට යහපත් කාලයකි. සති අන්තයේදී මව්පිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තු ඉටුවුවත් නීති ගැටලුවකට ද මුහුණ පෑමට සිදුවේ.

 

අය 08 - වැය 06

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

 

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.