ජනවාරි 31 සිට පෙබරවාරි 06 දක්වා

ජනවාරි 31, 2020

වාහන ගනුදෙනුවක්

හදිසි ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ගමන් බහුල වන කාලයකි. එමෙන්ම නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. තීරණ ගැනීමේදි වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කරන්න. ආගමික සැලසුමක් සඳහා කටයුතු සූදානම් වන කාලයකි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි. වාහන ගනුදනෙුවකට අතගැසීමට මඟ සැලසෙන බවක් පෙනේ. හිතුවක්කාර තීරණ හෝ කලබලවී ගන්නා තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දරුවන් හා පවුලේ අය පිළිබඳ කල්පනාකාරි විය යුතු කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

දරුලාබ හිමිකම්

අමතර ගමන් බහුල කරන කාලයක් වන අතර සඳුගේ ගමන 7,8,9,10 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙනදාට වඩා ඇපකැපවී කටයුතු කිරීමට සිදුවන අතර, ලාබ අපේක්ෂාවෙන් කරන කටයුතු කීපයක් කල්දැමීමටද සිදුවේ. පවුලට සම්බන්ධ ඥාතියෙකුගෙන් නොසිතු ලෙස උපකාරයක් හිමිකරයි. එමෙන්ම ඥාතියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම්ද වැඩිවන කාලයකි. දරුලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරි විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී නිකරුනේ කරන වියදම් වැඩි වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හදිස්සියේ හටගන්නා දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 07 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - සදුදා

 

ගුප්ත කටයුතු වලින් පිහිට

උදාසීන ගති පැවතුම් ඇතිකරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර වගකීම් බහුලවන කාලයකි. උපකාර පතා දුර ඥාතියෙකුගේ පැමිණීමක් සිදුකරයි. දරුවෙකුගේ හදිසි අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට කටයුතු සැලසෙන කාලයකි. නිතර නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. අඹුසැමි මතභේදයක් දුරදිග යා හැකි කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ මානසික ව්‍යාකූල තත්ත්වයක් ඇතිකරයි. එමෙන්ම තමාට නොසිතූ පාඩු විඳීමටද සිදුවනු ලබයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. නීති කටයුත්තකින් ජය හිමිකරන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.