සිකුරුගෙන් අපනයන භෝගවලට සුබ කාලයක්

දෙසැම්බර් 20, 2024

දෙසැම්බර් 28 වැනි ශනි දින රාත්‍රී 11.40ට සෙනසුරු හිමි කුම්භ රාශියට සිකුරු හෙවත් ඉරබටුතරුව කුම්භ රාශිය තුලා නවාංශකය දෙනට 03 පාදය පෙරදැරිව සංක්‍රමණය වන්නේය.

සිකුරු බැල්ම ලැබෙන සිනමා, රංගන, ගායන, වාදන ආදී කලාකාමී පිරිසට රාජ්‍ය සම්මාන ආදිය ප්‍රදානය කෙරෙනු ඇත.

ව්‍යාපාර සංවර්ධනයට සමගාමීව සුබසාධක ක්‍රියාවල ද යෙදෙනු ඇත. ශ්‍රී ලාංකේය රවි හිමි සිංහ රාශි ජනරජ කේන්දර ග්‍රහ සටහනට සමගාමීව සස යෝග බලපෑම ද වික්‍රමස්ථාන හා කර්මස්ථානගත ග්‍රහ පිහිටීම් ද අනුව සමාජ සාධාරණත්වය, මානව දයාව මතු කෙරෙයි. සංචාරක ව්‍යාපාරයට මෙන්ම තේ, පොල්, රබර් නිෂ්පාදන ක්‍රමවත් සැලසුම්කරණයට ද සිකුරුගේ බැල්ම සුබවාදී වෙයි. කාර්මික, කෘෂිකාර්මික දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දිවයින සතර දෙස ආරම්භ වෙයි.

 

මේෂ ලග්නය

ආලෝක ග්‍රහයන් ශුභවාදිව ද සිකුරු කුම්භ රාශිගත වීම ද හිතවාදී ග්‍රහ පිහිටීමෙකි. පදිංචිය ආශි‍්‍රතව හෝ රෝගාබාධක සතුරු කරදර ආශි‍්‍රතව ප්‍රශ්න ගැටලු ඇති විය හැකිය. සතුරන් අභිබවා යාමට තරම් වූ ශක්තියක් නොමැත. එහෙත් යටි සිතෙහි අරමුණු සාර්ථක වෙයි.

වෘෂභ ලග්නය

කර්මස්ථානය ප්‍රබලවද 7-8 භාවස්ථාන සිකරුගේ බැල්මෙන් ද සුබවාදී වනු ඇත. විවාහය යුගදිවිය ආදි කරුණු සාර්ථක වෙයි. තිරසර අරමුණූ අතරින් රැකියා ආදායම් මාර්ග කෙරෙහි දැඩි අවධානයකින් ක්‍රියා කරනු ලබයි. රැකියාව සමඟ දියුණුවන අරමුණූු රැසක් ඉටු වෙයි.

මිථුන ලග්නය

0 6 -07 භාව ස්ථාන දෙක තුළ ආලෝක ග්‍රහයන් දෙදෙනෙකු මෙන්ම 09 වැන්න වූ භාග්‍යස්ථානගතව ජවබල සම්පන්න ග්‍රහ තත්ත්වයක්ද උදාව පවතියි. වාණිජ ව්‍යාපාර මෙන්ම සුබසාධන සේවා රැසක්ම කරළීමට හැකි වෙයි. පදිංචි ස්ථානය, ගොඩමඩ ඉඩකඩම් දේපළ වස්තු ළඟාවීමේ භාග්‍යය උදාවන කාලයකි.

කටක ලග්නය

දූදරු දැරියන්ගේ මෙන්ම රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රත සියලු කටයුතු සාර්ථක කෙරෙන කාල පරාසයකි. අධ්‍යාපන, විවාහ සබඳතා කටයුතු සාර්ථක වෙයි. ගනුදෙනුවලදී ප්‍රමාණයට වඩා හිතමිත්‍රාදීන් විශ්වාස කිරීම බොහෝදුරට ගැටලුකාරිබවක් මතුකෙරෙනු ඇත. හදිසි තීරණ තීන්දු මත ක්‍රියා කිරීමෙන් බාධක මතු කෙරෙයි.

සිංහ ලග්නය

07 වැන්නෙහි ප්‍රබල සසයෝග බලයද ශනි සිකුරු සංයෝගයද 04 - 05 භාවස්ථාන ආශි‍්‍රතව ආලෝක ග්‍රහබලයද අතිවිශිෂ්ට වෙයි. සබඳතා විවාහය, රැකියා ආදායම් මාර්ග අධ්‍යාපන පදිංචි ස්ථාන භූමි ආශි‍්‍රත දියුණුව ගෙන දෙන භාග්‍යමත් කාලපරාසයකි. උසස් දියුණුවට හේතු වෙයි.

කන්‍යා ලග්නය

06 වැන්න මෙන්ම 03 -04 භාවස්ථාන ආලෝක ග්‍රහ තත්වයෙන්ම බලගතුව යෙදී ඇත. උත්සාහය, උනන්දුව, වීර්යය, වික්‍රමය ප්‍රබලව 03 වැන්න වූ වික්‍රමස්ථානයට යෙදී ඇත. උපන් ග්‍රහතත්වයද ශුභවාදී වේ නම් වර්තමානයෙහි උසස් දියුණුව ගෙන දෙයි. සිතැඟියාවන් බොහෝදුරට සතුටුදායක වනු ඇත.

තුලා ලග්නය

05 වැන්නෙන් 01 - 09 ස්ථාන ආශි‍්‍රත ජවබල සම්පන්න බවද 2 වැන්න වූ ධනස්ථානයද 03 වැන්නවූ වික්‍රමස්ථානය ද ග්‍රහ පිහිටීම් ආශි‍්‍රතව රැකියා ආදායම් මාර්ග ධනය, දේපළ වස්තුª ආදිය මනාව සකස් කෙරෙනු ඇත. වාණිජ ව්‍යාපාර පදිංචි ස්ථානය, භූමිය, ආශි‍්‍රතව උසස් දියුණුවක් ගෙන දෙයි. සිකුරුට අයත් ස්ථාන අනුව ආකර්ෂණීය බවක් ග්‍රහණය වෙයි.

වෘශ්චික ලග්නය

04 වැන්නෙහි පංචමහා යෝග අතරින් ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සෙනසුරුගෙන් සස මහායෝග බලය ජවබල සම්පන්නව උදාව ඇත. ධර්මකෝණය ප්‍රබල වෙයි. උසස් ප්‍රභූ ජනතාව ඇසුරට ලැබෙයි. විනයගරුකයි. පාලනයෙහි දක්ෂ වෙයි. ප්‍රභූ ජනයාව වසඟ කෙරෙයි. විජයශ්‍රීය ආකර්ෂණය වන්නේය.

ධනු ලග්නය

12 - 01 ආලෝක ග්‍රහ බලයෙන්ද 03 වැන්න වූ වික්‍රමස්ථානයද ජවබල සම්පන්න වීම ජීවිතයෙහි බාධක අවහිර දුෂ්කරතා සියල්ල අභිබවා ඉදිරියට යාමේ ශක්තිය උසස් බවට පාත්‍ර වෙනු ඇත. 01 -04 වැන්න අධිපතිව 06 වැන්න වූ රෝග සතුරු ස්ථානය ආශි‍්‍රතව ගැටලුකාරි බවක් නිරතුරු මතු කෙරෙයි. දූරදර්ශීව බුද්ධිමත්ව කටයුතු කිරීම ජයග්‍රහණයට හේතු වේ.

මකර ලග්නය

නිර්මාණශීලිත්වය ද සංවිධායක බවද සමාජයෙන් උරුම කරගත් ඔබහට වර්තමානය තුළ සිකුරු, කුම්භ රාශි ගතවීමේදි ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ බලයද මිත්‍රශීලිවූ සිකුරු සමඟ සංයෝග වෙයි. ප්ලූටෝ නීචව දුර්වල බවක්ද උදා කෙරෙනු ඇත. 02, 06,10 අර්ථකෝණය බලගැන්වී ඇත. ආලෝක ග්‍රහයන් හිතවාදිවද යෙදී ඇත. භාග්‍යමත් ජීවිතයකට මඟ පෑදෙයි.

කුම්භ ලග්නය

ලග්නගත ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සෙනසුරුද සිකුරු මිත්‍රශීලිව ද ප්ලූටෝ නීචව ද යෙදී ඇත. පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයද උදාව ඇත. ධර්ම කෝණයද, කාමකෝණයද, අර්ථ කෝණය ද අසිරිමත්ව යෙදී ඇත. බාහිර බාධක අවහිර දුෂ්කරතා අනුව සුබ අශුභඵල උදාකරනු ලබයි.

මීන ලග්නය

09 වැන්න වූ භාග්‍යස්ථාන ගතව සහ 10 වැන්න වූ කර්මස්ථානගතව රවි ද ශනි සිකුරු සංයෝගව 12 වැන්නේද යෙදී උසස් ජීවන රටාවකට භාග්‍යය උදා කෙරෙනු ඇත. මේ අනුව උසස් ප්‍රගතියක් යෙදෙනු ඇත. උසස් දාර්ශනිකමය, දස දෙස පැතිර යන ගුණාත්මක මෙන්ම ධනාත්මක රැකියා උසස් බවත් විද්‍යමාන කෙරෙයි. උසස් වැදගත් ජනදිවියකට මඟ පෑදෙනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.