ජීවිතයට ජය ලැබෙන සත්‍යක්‍රියාවක්

ඔක්තෝබර් 4, 2024

 

මෝහන්ධකාර සම්මෝහ ලෝකේ මෝහ විධ්වංසනං
දීපාලෝකේන පූජේමි සම්බුද්ධං ලෝක පූජිතං
සංසාර සින්‍ධු තරණං ඛේමං නිබ්බාන ගාමිනිං
දීපා ලෝකේන පූජේමි සද්ධම්මං ජින දේසිතං
සද්ධම්ම රාජ තනූජං සෙට්ඨං අරිය පුග්ගලං
දීපා ලෝකේන පූජේමි පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං

 

ඔබ පංචශීලයෙහි පිහිටා අලුයම් කාලයේදී ඊසාන දෙස බලා තුනුරුවන් උදෙසා පහනක් දල්වා වත්පිළිවෙත් කර ඉහත ගාථාව 21 වතාවක් කියා තමාගේ යහපත් අභිප්‍රායයන් ඉටු වේවායි යනුවෙන් සත්‍යක්‍රියා කරන්න. එම ගාථාවෙන් රන් තැඹිලි තෙල් 108 වරක් පේකර මාසේ පෝය දිනක පුද සත්කාර කරන බෝධියක් ළඟ එම තෙල්වලින් පහන් දල්වා සමන්පිච්ච මල් පූජා කර දෙවියන්ට පින් දී තමාට ඇති වී තිබෙන කායික, මානසික පීඩාකාරි බාධාවන් දුරුවී යහපත් ආලෝකයක් තම ජීවිතයට උදාවේවායි සිතා සත්‍ය ක්‍රියා කිරීමෙන් විපුල ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

-------------------------------

නිවෙසට සිරිකත වඩින

‘ඊතණ මල් පඳුර’
ඕං සත්ත ඉරුරුසි ප්‍රභාවයෙන්
ජය ජය කීර්ති ධර ධර සූර්යා නමඞ

 

ඖෂධීය ගුණ බලය සපිරි ඊතණ මල් පඳුරක් ඔබගේ ජන්ම නැකතට සීහෙන සම්පත් නැකතකින් අලංකාර මල් බඳුනක රෝපණය කර ඔබේ නිවෙසේ හෝ ව්‍යාපාර ස්ථානය ඉදිරිපිට සූර්යාලෝකය වැටෙන පරිදි තබා උදෑසන සූර්යයා දෙසට නමස්කාර කරමින් පිරිසුදු පැන් ස්වල්පයක් ගෙන ඉහත දැක්වෙන සූර්ය දැහැන හත් වරක් කියා ඊතණ මල් පඳුරට එම පැන් ඉසින්න. මෙමඟින් සියලු වස් දොස් දුරුවී එම ස්ථානයට සිරිකත ගෙන දෙනු ඇත. යහපත් සිතින් මෙය කිරීමෙන් වඩාත් සුබ ප්‍රතිඵල ලබාගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.