අසම්මත පෙම් සබඳතාවල පටලවන කුජ රේඛාව

මාර්තු 15, 2024

 

ජිවන රේඛාවට සමාන්තරව මහපට ඇගිල්ල පැත්තෙන් විහිදෙන රේඛාව කුජ රේඛාව ලෙස හදුනාගත හැකිය. ජීවන රේඛාවට පාර්ශ්වික රේඛාවක් වශයෙන් පිහිටන මේ රේඛා සමහර පුද්ගලයන්ගේ අත්වල එකකට වඩා වැඩි ගණනක් තිබිය හැකිය.

මෙම රේඛාව නිසා ජීවන රේඛාචේ ප්‍රබලතාවය තව තවත් තීව්‍ර කරන අතර ජීවන රේඛාචේ ඇති යම් යම් දුබලතා මගහරවයි. ජිවන රේඛාවට අමතරව කුජ රේඛාවන් කිහිපයක් පිහිටි අත්ල හිමි පුද්ගලයන්ට තම ජීවන ගමන ගෙන යාමට උපකාර කරන අමතර බලවේගයන් ද ඇත.

කුජ රේඛාව අත්ලේ සටහන් පුද්ගලයා ප්‍රබල ශරිර ශක්තියක් ද මනා සෞඛ්‍ය තත්වයක්ද පැහැදිලි පිළිවෙතක්ද උපතින්ම උරුම කර ගනියි. එසේම මොවුන් ස්වයං උත්තේජන කාර්ය්‍යයන් සඳහාද කැමැත්තක් දක්වයි. මේ නිසා මද්‍යසාර භාවිතය වැනි කටයුතුවලට ඇබ්බැහි විය හැකිය. මේ මඟින් ස්නායු පද්ධතිය අනිසි උත්තේජනය වීම මඟින් හෘද්‍යාබාධ ඇතිවීමට ඉඩ ඇත. ඒ වගේම ඉවසිලිවන්තබව අඩු කම කලබලකාරි කේන්ති ගන්නා ස්වරුපය සහ කලහාකාරි ගතියද පෙන්නුම් කරයි. නමුත් අධිශ්ඨානශීලි බව සහ උත්සහවන්ත බව මඟින් මේ දුර්ගුණ මැ¼ඬ පවත්වාගත හැකිය. මේ මගින් ධනවත් පුද්ගලයෙකු විය හැකිය. එසේම මේ රේඛා ලක්ෂණ සහිත පුද්ගලයන් අන්‍යයන් කරදරයට පත්වු අවස්ථාවල අවස්ථානෝචිත ආකාරයට උදව් උපකාර කිරිමට ඉදිරිපත් වේ.

මුල් කාලයේ ලෞකික දියුණුව සඳහා දැඩි ලෙස වෙහෙසන අතර වයස්ගත වු විට ලෝකෝත්තර සුවය පතා පින් දහම් කිරිමට පෙලඹේ. පහළ කුජ මණ්ඩලය සහ සිකුරු මණ්ඩලය තුළ ජීවන රේඛාවට සමාන්තරව විහිදෙන කුජ රේඛාව ජිවන රේඛාවට ආසන්න වන ප්‍රමාණය අනුව ජීවන රේඛාවේ ප්‍රබලතාවය තව තවත් උද්දීපනය කරයි.මේ තත්වය ජීවිත කාලය පුරා දිප්තිමත්ව ගත කිරිමට සහයක් වේ.

මොවුන් විරුද්ධ ලිංගිකයන්ට ඇති දැඩි රුචිය නිසා අසම්මත පෙම් සබදතාවල් පැටලීමටද පුළුවන. ජීවන රේඛාවට ඉතා සමිපයෙන් කුජ රේඛාව ගමන් කරන අත්ල හිමියා ඇවිස්සුණු ස්වභාවයෙන් කාලය ගත කරයි. නිතරම කලහාකාරි ස්වභාවයෙන් යුක්තය නඩු හබවලට පැටලීමට ආශා කරයි. ජීවන රේඛාව සහ සමාන්තරව මුල සිට අග දක්වා විහිදෙන්නේ නම් මුළු ජීවිත කාලය පුරාම සැප පහසු දිවියක් ගත කිරිමට අවස්ථාව උදාවේ. තමන්ට ගැළෙපෙන විවාහ සහකාරියක් හෝ සහකාරියක් ලැබෙය.ි විහේෂයෙන් ස්ත්‍රි පක්ෂයට වඩා පුරුෂ පක්ෂයට ඉතා සුදුසු ආදරවන්තියක් ලැබිමේ වාසනාව හිමිය.

ජීවන රේඛාවට ඈතින් කුජ රේඛාව පිහිටි විට තමාට බලපෑම් කරන පුද්ගලයකු සිටින අතර ඔහු තමාට වඩා දුරින් සිටින පුද්ගලයෙකු වේ. සමහර විට පිටරට විය හැකිය. සමාන්තර කුජ රේඛා කිහිපයක් ඇතිවිට එම අත්ල හිමියාට බලපෑම් කරන බාහිර පුද්ගලයකු හෝ පුද්ගලයෝ කිහිප දෙනකු සිටින අතර රේඛාවල ප්‍රබලතාවය අනුව බලපෑම අඩුවැඩි වේ. මේ පුද්ගලයන් තමාට ළඟින් සිටින නැදැයන් මව්පියන් මිතුරන් සහකරු හෝ සහකාරිය විය හැකිය.

කෙටි කුජ රේඛාවක් පිහිටන්නේ නම් කුජ මණ්ඩලයේ යම් යම් ගතිගුණ පමණක් දිවි ගමනට උදව් කරන පිහිටිමක් වේ. නමුත් නිතරම කාංසාව ඇති කරයි. එසේම කුජ මණ්ඩලයේ ගතිගුණ සෞඛ්‍යයට, දියුණුවට සහ තම ආරක්ෂාවට උපකාරිවේ නිතරම සිතේ ඛියක් රජ කරන නිසා ලෞකික සහ ලෝකෝතර දියුණුවට බාධා පමුණුවයි.

කුජ රේඛාවෙන් අතු ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයට යන්නේ නම් සංචාරය ඔවුන්ගේ ජීවිතය කර ගනි. එසේම මොවුන් සුරාව සහ අනියම් කාන්තා ඇසුර සදහා ද වැඩි කැමැත්තක් දක්වයි. නමුත් අතු රේඛාව ජීවන රේඛාව කැපෙන වයස පුද්ගලයාට කනගාටුදායක සිද්ධීන්වලට මුහුණ පෑමට සිදුවේ.

කුජ රේඛාවෙන් අතු ශාඛාවක් ශීර්ෂ රේඛාව සමඟ එකතු වන්නේ නම් මානසික තත්වය තවත් වැඩිවේ. එම අතු ශාඛාව ශිර්ෂ රේඛාව කපාගෙන විහිදෙන්නේ නම් වුවමනාවට වඩා මානසික වෙහෙස වීම නිසා මොළයේ ශක්තියට හානි පැමිණේ.

ඉහළට විහිදෙන අතු ශාඛාවක් දෛව්‍ය රේඛාව හා එකතු වන්නේ නම් ජීවන තත්වය උස් වීම ස්ථිරය. නමුත් මේ අතු මගින් දෛව්‍ය රේඛාව හො රවි රේඛාව කපයි නම් පහළ කුජ මණ්ඩලයේ ඇති අනර්ථකාරි තත්වයන් රැකියාවට බලපායි. කුජ රේඛාවේ අත්තක් චන්ද්‍ර මණ්ඩලයේදි කෙළවර වන්නේ නම් කාමුක ක්‍රියාවලට පුද්ගලයා පෙලඹේ. අත්ල රළු නම් මේ ත්තවය වැඩිය. කුජ රේඛාව ජීවන රේඛාව කපාගෙන කුජ තලාවට හෝ චන්ද්‍ර මණ්ඩලයට යන්නේනම් ප්‍රමාණය ඉක්මවා කාමුක සැප විඳ අකාලයේ මිය යයි. කුජ රේඛාවෙන් කරුවක් ලෙස බෙදි එක් ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයට ගොස් ඇති නම් දළ දඩු පුද්ගලයෙක්බිහිවන අතර එසේත් නැති නම් මානසික රෝගියෙකු බවට පත්වේ. එසේ චන්ද්‍ර මණ්ඩලයට යන කරු ශාඛාවේ අග තරු සලකුණක් ඇත්නම් පුද්ගලයා සුරා පානය නිසා මානසික රෝගියකු බවට පත්වේ.

කුජ රේඛාව කැඩි කැඩි ගමන් කර ඇත්නම් රේඛාවෙන් ලබාදෙන සුබ හො අසුබ තත්වයන් පුද්ගලයාට බල නොපාන අතර කුජ රේඛාව දෛව්‍ය රේඛාවට වඩා ප්‍රබලනම් ඉතා උසස් කෙනකු සමඟ විවාහය සිදුවේ.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.