නාඩි ඡ්‍යොතිෂයෙන් ඔබේ පැනයට පිළිතුරු

පෙබරවාරි 9, 2024

 

එම්. ඩබ්. ආරියසිරි - අම්පාර

ප්‍රශ්නය- මාගේ ඉදිරි අනාගතය කෙබඳු වේද?

පිළිතුර-

ඉදිරි කාලය උපශාන්ත ලෙස ගත කළ හැකිය. දැනට ඒරාෂ්ඨක අපල නැතිමුත් මුත්‍ර වකුගඩු සම්බන්ධ අසනිපවලට ඉඩ ඇත. ගෙදර බුදු මැදුරට දිනපතා ඖෂධ ගිලම්පස පුජා කරන්න.

 

ලලිත් චමින්ද ජයතිලක – මත්තේගොඩ

ප්‍රශ්නය

මට නිවෙසක් හිමිවන්නේ කවදාද? පදිංචිව සිටින නිවෙස හිමිවේද? වෙනත් නිවෙසක් හිමිවේද? ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් මොනවාද?

පිළිතුර-

2024 මැයිවලට පෙර නිවාස හා වාහන ලැබිමේ වාසනා ගුණයක් ඇත.අප්‍රේල් අග සතිය විශේෂයි තමන්ගේ ආගමේ ආශිර්වාදය ලබා ගන්න. ඔබේ අරමුණ සපලවේ.

 

රූපසිංහ ආරච්චිගේ දොන් ගීතා කුමාරි - පිළියන්දල

ප්‍රශ්නය-

මාගේ අනාගතය හා දරුවන්ගේ අනාගතය කෙබඳු වේද?

පිළිතුර-

විශේෂයෙන්ම ධනය ඉපැයීම සඳහා පසුගිය වර්ෂ 3 ඒරාෂ්ඨක අපල කාලයක් පසුකර පැමිණ ඇත. 2025 මාර්තුවලින් පසු අපල කාලය අවසන්. නම ප්‍රසිද්ධ වියහැකි බුද්ධිමත් කෙනෙක්. වාසනාවන්ත දරුවන් ලැබිමේ ග්‍රහ පිහිටිම් ඇත.

සෙනසුරාදා දින 9 ක් බෝධි පුජා තබන්න.

 

ඕෂධී කාවින්ද්‍යා හේරත් – කුලියාපිටිය

ප්‍රශ්නය-

මාගේ උසස් අධ්‍යාපන කටයුතු කෙසේ වේද?

පිළිතුර-

භෞතික ,හා රසායනික විද්‍යාව සම්බන්ධ විෂයයන් වඩා හොදයි. මානව සම්පත් කළමනාකරණය, නිතිය යන විෂයන් ද සුදුසුයි. මැයි මාසයෙන් පසු අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණය පෙන්වයි.අනාගතයේ උසස් මට්ටමකට පැමිණිය හැකිය.

 

රුවන් දිල්හාන් – කඩවත

ප්‍රශ්නය –

අසනීප තත්ත්වය මඟහැරේවිද? අනාගතය කෙබඳු වේද?

පිළිතුර-

2028 වෙනකම් ඒරාෂ්ඨක අපල කාලයකි. කර්මානුකුල අසනිප හැදෙන්න ඉඩ ඇති කේන්දරයක්. මානසික බිදවැටිම් පෙන්වයි. ඖෂධ ගිලම්පස පුජා කර බෝධි පුජා තබන්න. ගිලන්ව සිටින සවාමින් වහන්සේලාට ඇප උපස්්ථාන කරන්න.

 

ජගත් කුමාර උඬුගොඩ – කටුගස්තොට

ප්‍රශ්නය –

මාගේ විවාහය ගැන ඉදිරිය කෙසේ වේද?

පිළිතුර-

ඔබට ශනි මංගල යෝගය හා භෞම දෝෂය ඇති බැවින් ග්‍රහ පොරොන්දම ගැළපිය යුතුයි. වර්තමාන කාලය ආදරයෙන් හෝ විවාහයන් නිසා සිත් කලකිරිමකට පත්වේ. 2025 මාර්තු මාසයෙන් පසු සුබ කාලයක් උදාවේ.

 

චන්දි ඉනෝකා දිලානි – මහරගම

ප්‍රශ්නය –

දැනට කරන රැකියාවෙන් උසස්වීම් ලැබේද? නැතහොත් මාරුවක් ලැබේද?

පිළිතුර-

ඔබට අධ්‍යාපන ,ජනමාධ්‍ය ,

ප්‍රකාශනය,සෞඛ්‍ය අංශ හොදයි. විදේශිය සම්බන්ධතා ඇති ස්ථානවල රැකියා වලට සුබ පල උදා කරයි අප්‍රේල් මාසයෙන් පසු රැකියාවේ දියුණුවක් පෙන්වයි.

 

කපිල ජයවිලාල් හේරත් – කුලියාපිටිය

ප්‍රශ්නය –

ගතවෙන ගුරු මහ දසාවේ පලාපල කෙසේ වේද?

පිළිතුර-

පරාශර ජොතිෂ්‍යට අනුව ගුරු මහ දශාව ගත කළත් නාඩි ජොතිෂට අනුව රවිගේ දශාවත් ගතකරමින් පවති. පසුගිය වර්ෂ 2 තුළ විවාහය, ධනය, දේපළ, අනතුරු පෙන්නුම් කරයි. 2024 ජුනිවලින් පසු සුබ කාලයක් උදාවෙයි.

 

දඩගල්ලගේ සෝමපාල සිල්වා – රත්මලාන

ප්‍රශ්නය –

රවි කුජ බලවත්ව රුචක යෝගය සහිත කේන්ද්‍ර හිමියකුගේ අනාගතය කෙසේ වේද?

පිළිතුර-

පංච මහා පුරුෂ යෝගවලින් එකක් හෝ යම් කේන්දරයක ඇත්නම් හොඳ පිහිටිමක්. මේ කේන්දරයේ කුජ ගෙන් යෙදෙන රුචක යෝගය ඇත. නමුත් රවි සමඟ සංයෝග විම එතරම් සුබ පිහිටිමක් නොවේ. රවි යනු මේ කේන්දරයට අනුව 22 දෙර්කානාධිපති වගේම 8 වැන්නාධිපති නිසා ජුනි මාසයෙන් පසු තරමක් අපල ඇති විය හැකිය. බෝධි පුජා තබන්න.

 

වනියගේ ධනුෂ්කා – දෙවිනුවර

ප්‍රශ්නය –

මාගේ විවාහය ප්‍රමාද වීම ගැන පහදන්න. හමුවන අය කෙබඳු වේද?

පිළිතුර-

ඔබට මුදල් හෝ දේපළ සම්බන්ධව නෛතික ප්‍රශ්න ඇතිවේ. 2026 ට පෙර විවාහය සිදුවේ. මේ වර්ෂයේ අග විවාහ ස්ථිරවීම් පෙන්වයි. විවාහය මධ්‍යස්ථය. අගහරුවාදා දින 9 ක් බෝධි පුජා තබන්න.

 

රාජ්‍ය අවුරුදු නැකැත් කමිටු සාමාජික, ඡ්‍යොතිෂ්‍ය සභා මනෝවිද්‍යා උපදේශක

ඡ්‍යොතිෂවේදී චමීර බියන්විල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.