උපන් දිනයෙන් හෙළිවන විස්මිත තොරතුරු සොයා ගන්නේ මෙහෙමයි

ජනවාරි 12, 2024

 

අංක විද්‍යාත්මකව කරුණු විග්‍රහයේදි අපිට වැදගත් වු අංක කිහිපයක් තිබේ. ඒ අපගේ පෞද්ගලික අංකය, දෛව්‍ය අංකය, සහ මාසයේ බලයයි. යම් පුද්ගලයකුගේ පෞද්ගලික අංකය ලෙස හැඳින්වන්නේ පුද්ගලයා උපන් දිනයට අදාළ අංකයයි.

උදාහරණයක් ලෙස පුද්ගලයකු 1985 11 14 දින උපත ලද යැයි උපකල්පනය කළහොත් ඔහුගේ පෞද්ගලික අංකය වන්නේ 1 + 4 = 5 ය. එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. මේ ආකාරයට ඕනෑම පුද්ගලයකුගේ උපන් දිනයට අදාළව පෞද්ගලික අංකය සොයා ගත හැකිය. එසේම එම පුද්ගලයාගේ දෛව්‍ය අංකය මෙලෙස ගණනය කර ගත හැකිය.

1 + 9 + 8 +5 + 1 + 1 + 1 + 4 = 30 =

3+0 = 3 වේ. එය ගුරු ග්‍රහයා නියෝජනය කරයි. පුද්ගලයා උපන් වර්ෂය, මාසය සහ දිනය තනි අංකයක් එනතුරු එකතු කිරීමෙන් දෛව්‍ය අංකය ලැබේ. එනම් මේ පුද්ගලයාගේ දෛව්‍ය අංකය අංක 3 වේ. එසේම ඔහුගේ මාසයේ බලය වන්නේ ඔහු උපන් 11 වෙනි මාසය හෙවත් නොවැම්බර් මාසයට අදාළ වු බලයයි. එනම් අංක 9 යි. අංක විද්‍යාත්මකව කරුණු විග්‍රාහයේදි සූර්යා හෙවත් රවි ග්‍රහයාගේ රාශි මාරුව සිදුවන බව සලකන්නේ සෑම මසකම 26 දිනටය. එම නිසා නොවැම්බර් මාසය ලෙස ගණනය වන්නේ ඔක්තෝබර් මාසයේ 27 දින සිට නොවැම්බර් 26 වෙනි දිනටය. එම මාසයේ රවි ගමන් කරන්නේ වෘශ්චික රාශිගතවය. වෘශ්චික රාශි බලය හිමිවන්නේ කුජ ග්‍රහයාටය. එම නිසා කුජ ග්‍රහයාට හිමි අංකය අංක 9 වේ. එම නිසා ඉහත උපන් දිනයට අදාළ පුද්ගලයාගේ මාසයේ බලයට අදාළ අංකය අංක 9 වේ. තවද අංක විද්‍යාත්මක පලාපල කථනය සඳහා වර්ෂයට අදාළ අංකයද භාවිතා කළ හැකිය. එනම් උදාහරණයට අදාළව 1 + 9 + 8 + 5 = 5 වර්ෂයේ අංකය අංක 5 වේ.

යම් පුද්ගලයකුගේ පෞද්ගලික අංකය දෛව්‍ය අංකය හෝ මාසයේ අංකයෙහි බල විභේදනය තේරුම් ගැනීමට නම් මුල අංක 9 හි නිරූපණය වන ග්‍රහයන් ගැන අවබෝධයක් ලබා ගත යුතු වේ. ඒ අනුව අංක 1 රවි ග්‍රහයා ද අංක 2 සඳු ග්‍රහයා ද අංක 3 ගුරු ග්‍රහයා ද අංක 4 යුරේනස් ද අංක 5 බුධ ග්‍රහයාද අංක 6 සිකුරු ග්‍රහයාද අංක 7 නැප්චූන් ද අංක 8 ශනි ග්‍රහයා ද අංක 9 කුජ ග්‍රහයාද නිරූපණය කරන බව අවබෝධ කරගත යුතුවේ. එසේම මාසයේ බලය දෙසැම්බර් මාසයේ 27 සිට ජනවාරි මාසයේ 26 දක්වා රවි මකර රාශිගත හෙයින් එම මාසයේ ග්‍රහ කම්පනය ශනි ග්‍රහයාට (අංක 8) හිමිවේ. ජනවාරි 27 සිට පෙබරවාරි 26 දක්වා රවි කුම්භ රාශිගත හෙයින් එම මාසය තුළ උපන් අය ශනිගේ ග්‍රහ කම්පනයට (අංක 8) යටත්වේ. මේ ආකාරයට පෙබරවාරි 27 සිට මාර්තු 26 දක්වා ග්‍රහ කම්පනය ගුරු ග්‍රහයාටද (අංක 3) මාර්තු 27 සිට අප්‍රේල් 26 දක්වා ග්‍රහ කම්පනය කුජ ග්‍රහයාට ද (අංක 9) අප්‍රේල් 27 සිට මැයි 26 දක්වා ග්‍රහ කම්පනය සිකුරු ග්‍රහයාටද (අංක 6) මැයි 27 සිට ජුනි 26 දක්වා ග්‍රහ කම්පනය බුධ ග්‍රහයාටද (අංක 5) ජුනි 27 සිට ජුලි 26 දක්වා ග්‍රහ කම්පනය සඳු ග්‍රහයාටද (අංක 2) ජුලි 27 සිට අගෝස්තු 26 දක්වා ග්‍රහ කම්පනය රවි ග්‍රහයාටද (අංක 1) අගෝස්තු 27 සිට සැප්තැම්බර් 26 දක්වා ග්‍රහ කම්පනය බුධ ග්‍රහයාටද (අංක 5) සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 26 දක්වා ග්‍රහ කම්පනය සිකුරු ග්‍රහයාටද (අංක 6) ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 26 දක්වා ග්‍රහ කම්පනය කුජ ග්‍රහයාටද (අංක 9) නොවැම්බර් 27 සිට දෙසැම්බර් 26 දක්වා ග්‍රහ කම්පනය ගුරු ග්‍රහයටද (අංක 3) හිමිවේ. මේ ආකාරයට පුද්ගලයෙකුට ඔහුගේ උපන් දිනයට අදාළව ඔහුට බලපාන අංකයන් ගණනය කළ හැකි අතර, මෙහිදී සැලකිය යුතු කාරණයක් වන්නේ මාසයේ බලය ගණනය කිරීමයි. උදාහරණයට අදාළව පුද්ගලයා ඔක්තෝබර් 30 උපත ලබා ඇතැයි සැලකුවොත් ඔහුගේ මාසයේ බලය වන්නේ නොවැම්බර් මාසයට අදාළ අංක 9 යි.මේ ආකාරයට මාසයේ බලය තේරුම් ගත යුතුය.

තවද අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයකදි තවත් එක් වැදගත්ම කාරණය වන්නේ මුල් අංකවලට අදාළව මිතුරු අංක සතුරු අංක සහ විකල්ප අංක හඳුනාගැනීමයි.මේ අනුව අංක 1 අංක 2 සඳහා අංක 1 2 4 7 5 මිතුරු අංක වන අතර අංක 1ට 2කට සතුරු අංක නොමැත. අතර, අංක 1 විකල්ප අංකය අංක 4 වේ.අංක 2 ට විකල්ප අංකය අංක 7 වේ. අංක 3 සඳහා අංක 3, 6, 9 5 මිතුරු අංක වන අතර, අංක 4, 8 සතුරු අංක වේ. විකල්ප අංකය ලෙස අංක 9 වේ. අංක 4 සඳහා අංක 1, 2, 4, 7, 5 මිතුරු අංක වන අතර, අංක 3 6 9 සතුරු අංක වේ. අංක 4 සඳහා විකල්ප අංකය 1 වේ. අංක 5 සඳහා සතුරු අංක නොමැත. එම නිසා විකල්ප අංක ද නොමැත. අංක 6 සඳහා අංක 3 6 9 5 මිතුරු අංක වන අතර, අංක 4 8 සතුරු අංක වේ. අංක 6 සඳහා විකල්ප අංක නොමැත. අංක 7 සඳහා අංක 1 2 4 7 5 මිතුරු අංක වන අතර, සතුරු අංක නොමැත. අංක 7 සඳහා විකල්ප අංකය අංකය 2 වේ. අංක 8 සඳහා අංක 1 2 4 8 5 මිතුරු අංක වන අතර, අංක 3, 6, 9 සතුරු අංක වේ. අංක 8 සඳහා විකල්ප අංකය 4 වේ. අංක 09 සඳහා අංක 3, 6, 9, 5 මිතුරු අංක වන අතර, අංක 4 8 සතුරු අංක වේ. විකල්ප අංකය අංක 3 වේ.

ඉහත ආකාර වු අංකයන් අංක විද්‍යාත්මක පලාපල කථනයේදි අපට වැදගත්වන අතර, ඒ අනුව ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු කෙසේදැයි විමසා බලමු.

මෙහිදී ජනවාරි මාසය ලෙස යෙදෙන්නේ දෙසැම්බර් 27 සිට ජනවාරි 26 දිනටය. මේ කාල සීමාව රවි ග්‍රහයා මකර රාශි ගතව ගමන් කරන අතර, දෙසැම්බර් 27 සිට ජනවාරි 26 දක්වා මකර රාශියේ පූර්ණ බලය ක්‍රියාත්මක වේ. සප්තමයෙන් ජුලි මාසයේ ගතිගුණ එනම් සඳුගේ ගතිගුණ ද ජනවාරියට පැමිණේ. එම නිසා මේ කාලසීමාව තුළ ඕනෑම දිනයක උපන් අයකුට තමාගේ පෞද්ගලික අංකයට අමතරව මකර රාශි අධිපති ශනි ග්‍රහයාගේ සහ සඳුගේ බලය හිමි වන අතර මෙම කාල සිමාව පඨවි තිවංකයටද අයිති වේ.

ජනවාරි මාසය තුළ උපන් පුද්ගලයන් ස්වභාවයෙන්ම දැඩිව ඉහළ නැගීමේ අශාවෙන් යුක්තය. කටයුතු කිරීමේදි තනි තීරණවලට වැඩ කිරීමට අවශ්‍ය වේ. එසේ නොවුණ ඕනෑම මොහොතක නියලෙමින් සිටි කටයුතු නතර කරන පුද්ගලයන් වේ. කරුණු එසේ වෙතත් ඕනෑම කාරණයක් සඳහා උපරිම ශ්‍රම දායකත්වයක් මොවුන් ලබාදේ. එසේ ම මේ පුද්ගලයන් තමන් සම්බන්ධ වන ඕනෑම කටයුක්තක අවසාන ප්‍රතිපලය බලාපොරොත්තු වේ. අවසාන ප්‍රතිපලය නිසැකව දැකිය නොහැකි නම් එම කාරණයට පිවිසෙන්නේ නැත. යමක් ඉටුකිරීමට මොවුන්ට කාලයක් අවශ්‍ය වේ. ඇඟිලි ගැසීම්වලට කැමති නැත. යම් කටයුත්තක් අරම්භ කළහොත් එක දිගට කටයුතු කර අවසන් කරයි. ඔවුන්ට ඒ සඳහා කාලය අවශ්‍යය. එම කාර්ය හදිසි කළහොත් එය ඔවුන් අතින් අසාර්ථක වේ. නමුත් ප්‍රශ්න දිහා ධනාත්මකව බලන ස්වභාවයක් ඔවුන් තුළින් දිස්වේ. කිසිම ක්‍රියාවක අවදානම මේ මසයේ උපන් පුද්ගලයන් ගන්නේ නැත. එම නිසා සැදුව කොටස් වෙළෙදපොළ ඔවුන්ට උචිත නොවේ. ණය මුදල් ලබා දීමේදි සැලකිලිමත් විය යුතුය.

ආර්ථිකමය කටයුතු සඳහා නිවාස සහ ඉඩකඩම් කර්මන්තශාලා ගොඩනැඟිලි සෑදීම, ගල් අඟුරු ඊයම් සහ යකඩ නිස්සාරණය වැනි පොළවෙන් ලබා ගන්නා සම්පත් පිළිබඳව

කටයුතු වඩාත් සුදුසු වේ. එමෙන්ම ජනතාව සමඟ රැකියාවන් මොවුන්ව සාර්ථකත්වයට ගෙන යයි. එනම් දේශපාලනය හෝ අනිකුත් වගකීම් සහිත තනතුරු දැරීම ඉතාමත් යෝග්‍ය වේ. ජීවිතයේ මුල් කාලයේ බධාකිරීම් රාශියකට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් වයසේ එකතුව 4 සහ 8 වන විට ගැටලු මතුවේ. එනම් අවුරුදු 4,8,13,17,22,26,31,35 ආදී වශයෙන් එම වයසේදි අයහපත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවේ.

ජනවාරියට සඳු සම්බන්ධ වන බැවින් මනසේ පවතින තනිකම වැනි කාරණයන් හේතුවෙන් අවසානයේදි ප්‍රතිපලයක් ලෙස මානසික අව පීඩනය සහ කලකිරිම් ජීවිතයේ වරින් වර දැකිය හැකිය. මේ මාසය ශනි බලවත් මාසයක් හෙයින් සහ පඨවි තිවංකයේ නිසා ඇට සැකිල්ලේ ආබාධවලට ගොදුරු වේ. එසේම පිත්තාශයේ ආබාධ, ආමාශයේ තුවාල, ජීර්ණ පද්ධතියේ ආබාධ,ආහාර මාර්ගයේ ගමන අවහිරවීම් වැනි අසනීපවලට ගොදුරු වීමේ වැඩි ඉඩ කඩක් තිබේ. අක්මාවේ රෝග සදා ගනි. කොණ්ඩය ගැලවී යයි. සඳු ග්‍රහයාගේ බලපෑම පවතින හෙයින් සෙම්රෝග බහුලව සෑදේ. ඇදුම රෝගය සහ ශ්වසන පද්ධතිය සම්බන්ධ අනිකුත් ආබාධ ද ඇතිවිය හැකිය. සිසිල් කාලගුණය ජනවාරි අයවලුන්ට අපහසුතා ඇති කරන අතර වියළි කාලගුණය ඉතාම යහපත් වේ. එමෙන්ම යහපත් සෞඛ්‍යය සදහා ධනාත්මකව සිතීම, ප්‍රීතිමත්ව සිටීමේ ක්‍රමවේද අනුගමනය කිරීම, ප්‍රමාණවත් ව්‍යායාම, යහපත් ආහාර රටාවන් ඉතාම සුදුසු වේ.

මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සඳහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව පඨවි තිවංකයට අයත් ජනවාරි අයවලුන් සහ අප්‍රේල් 21 සිට මැයි 21,අගොස්තු 21සිට සැප්තැම්බර් 21 දක්වා උපන් අයවේ. තවද සප්තමයෙන් ජුලි 21 සිට සැප්තැම්බර් 21 දක්වා අයවලුන්ද සුදුසුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.